රාජාභිෂේකයෙන් පසු ධාතුසේන රජු මහා විහාර ගණනාවක් සහ අලංකාර කලා වැව ඇතුළු වැව් 18ක් ඉදිකරන ලදී. ධාතුසේන රජු දීපවංශයට අර්ථකථනයක් (ටීකාවක්) නිර්මාණය කිරීමට අණ කළ අතර ඒ සඳහා රන් කාසි 1,000ක් (කහවනු) වැය කළේය. දීපවංශයට මෙම අර්ථකථනය “මහාවංශය” ලෙස සැලකේ. මහාවංශය, දීපවංශයට වඩා සම්පූර්ණ වන්නේ එහි කතුවරයා වන මහාථේර මහානාම හිමියන් දීපවංශය හැරුණු විට වෙනත් පැරණි මූලාශ්‍රද භාවිතා කර ඇති බැවිනි. ධාතුසේන රජුට පුතුන් දෙදෙනෙක් (කාශ්‍යප සහ මොග්ගල්ලාන) සහ එක් දියණියක් සිටියහ. පවුල් ගැටලුවක් හේතුවෙන් ධාතුසේන රජු තම සොහොයුරියට දඬුවමක් ලෙස ජීවමානව ගිනිබත් කළේය. මියගිය කාන්තාවගේ පුත්‍රයා වූ මිගාර, මෙම සිදුවීමෙන් අතිශයින් කෝපයට පත්ව කාශ්‍යප සමඟ එක්ව රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළේය. ඔවුන් ධාතුසේන රජු බලහත්කාරයෙන් අල්ලා සිරගත කළහ.
ධාතුසේන රජු
රාජාභිෂේකයෙන් පසු ධාතුසේන රජු මහා විහාර ගණනාවක් සහ අලංකාර කලා වැව ඇතුළු වැව් 18ක් ඉදිකරන ලදී. ධාතුසේන රජු දීපවංශයට අර්ථකථනයක් (ටීකාවක්) නිර්මාණය කිරීමට අණ කළ අතර ඒ සඳහා රන් කාසි 1,000ක් (කහවනු) වැය කළේය. දීපවංශයට මෙම අර්ථකථනය "මහාවංශය" ලෙස සැලකේ. මහාවංශය, දීපවංශයට වඩා සම්පූර්ණ වන්නේ එහි කතුවරයා වන මහාථේර මහානාම හිමියන් දීපවංශය හැරුණු විට වෙනත් පැරණි මූලාශ්‍රද භාවිතා කර ඇති බැවිනි. ධාතුසේන රජුට පුතුන් දෙදෙනෙක් (කාශ්‍යප සහ මොග්ගල්ලාන) සහ එක් දියණියක් සිටියහ. පවුල් ගැටලුවක් හේතුවෙන් ධාතුසේන රජු තම සොහොයුරියට දඬුවමක් ලෙස ජීවමානව ගිනිබත් කළේය. මියගිය කාන්තාවගේ පුත්‍රයා වූ මිගාර, මෙම සිදුවීමෙන් අතිශයින් කෝපයට පත්ව කාශ්‍යප සමඟ එක්ව රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළේය. ඔවුන් ධාතුසේන රජු බලහත්කාරයෙන් අල්ලා සිරගත කළහ.