වළගම්බා මහරජු
අනුරාධපුර රාජවංශය රාජ්‍ය කාලය: ක්‍රි.පූ. 103-77

වළගම්බා මහරජු

අනුරාධපුරය අගනුවර කරගෙන ක්‍රි.පූ. 103 සිට 77 දක්වා රජකම් කළ වළගම්බා රජු, කැරලි හා ආක්‍රමණ හමුවේ සිහසුන අහිමි වී වසර 14කට පසු එය නැවත දිනාගත් දේශපාලනික වශයෙන් අභියෝගාත්මක යුගයක නායකයෙකි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සහ අභයගිරි, දඹුලු විහාර වැනි මහඟු ඉදිකිරීම් සඳහා එතුමාගේ දායකත්වය අතිමහත්ය.

ප්‍රධාන ජයග්‍රහණ

  • අහිමි වූ සිහසුන වසර 14කට පසු නැවත දිනා ගැනීම
  • මාතලේ අළුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම
  • අභයගිරි විහාරය හා ස්ථූපය ඉදිකිරීම
  • රන්ගිරි දඹුළු රජමහා විහාරය කරවීම

හැඳින්වීම

වළගම්බා හෙවත් වට්ඨ ගාමිණී අභය රජු ක්‍රි.පූ. 103 සිට 77 දක්වා අනුරාධපුරය අගනගරය කරගෙන ලක්දිව පාලනය කළ සිංහල රජ කෙනෙකි. එතුමා රාජ්‍යත්වයට පත්වී මාස 5 කට පසු කැරලි හා දකුණු ඉන්දිය ආක්‍රමණ හමුවේ සිහසුන අහිමි කර ගත්තද, වසර 14 කට පසු ආක්‍රමණිකයන් පරාජය කර නැවත සිහසුන ලබාගැනීමට සමත් විය. මාතලේ අළුවිහාරයේදී මුල්වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම එතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවූ මහඟු ක්‍රියාවලියකි. එමෙන්ම අභයගිරි විහාරය හා ස්ථූපය, රන්ගිරි දඹුළු රජමහා විහාරය වැනි විශාල වෙහෙර විහාර කරවීමටද එතුමා කටයුතු යොදන ලදි.

මුල් අවධිය හා සිහසුනට පත්වීම

වළගම්බා රජු දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්ස රජුගේ සිව්වන පුත්‍රයා විය. එතුමාගේ වැඩිමහල් සොහොයුරන් වූ ලජ්ජිතිස්ස, ථුලත්තන සහ ඛල්ලාඨනාග රජවරුන් වළගම්බා රජුට පෙර රාජ්‍යයත්වය දැරූහ. සද්ධාතිස්ස රජු ක්‍රි.පූ. 137 සිට 119 දක්වා වසර 18 ක් රාජ්‍ය පාලනය කළ අතර, ඔහුගෙන් පසු ථුලත්තන රජු දින 40 ක්ද, ලජ්ජිතිස්ස රජු වසර 10 ක්ද පාලනය කළහ. ඉන්පසු ඛල්ලාඨනාග රජුට රජකම හිමිවිය. කෙසේ වෙතත්, ඛල්ලාඨනාග රජු මහාරට්ඨ (මහාරක්කත) නම් සෙනෙවියෙකු විසින් ඝාතනය කර රාජ්‍ය පැහැර ගන්නා ලදි. වට්ඨ ගාමිණී අභය කුමරු දින කිහිපයක් තුළ තම සොහොයුරා මැරූ මහාරට්ඨ සෙනෙවි මරා දමා ක්‍රි.පූ. 103 දී ‘වළගම් අභා’ හෙවත් ‘වළගම්බා’ නමින් පළමු වරට රජකමට පත් විය. එතුමාගේ අගමෙහෙසිය සෝමා දේවිය වූ අතර, පුතා මහානාග කුමාරයා විය. සෝමා දේවිය සිහිවීම පිණිස වළගම්බා රජු විසින් සොමවතිය නිර්මාණය කරන ලදි.

කැරලි හා ආක්‍රමණ

වළගම්බා රජු සිහසුනට පත්වන විට රටතුළ පැවතියේ ව්‍යාකූල දේශපාලන වතාවරණයකි. රජුගේ පළමු රාජ්‍ය වර්ෂය තුළ රෝහණයේ නකුල ග්‍රාමයේ ථිය හෙවත් තිස්ස නම් බ්‍රාහ්මණ වංශිකයකු සිහසුන පතා කැරැල්ලක් ඇති කොට තිබේ. මෙම කැරැල්ල ඇතිවීමට පෙර තීය බ්‍රාහ්මණයා විසින් වසර 16ක් රුහුණු ප්‍රදේශය පාලනයට නතු කරගෙන සිටි බවද සඳහන් වේ. එම කාලයේදීම ද්‍රවිඩ ආක්‍රමණිකයන් හත් දෙනෙකුගේ නායකත්වයෙන් යුතු හත්දහසක සේනාවක් ලක්දිව ආක්‍රමණය කරනු ලැබීය (පංච ද්‍රවිඩ ආක්‍රමණය හෙවත් සප්ත ද්‍රවිඩ ආක්‍රමණය). මොවුන් වළගම්බා රජු පරාජය කොට අනුරාධපුරයේ බලය අල්ලා ගත්හ.

වළගම්බා රජුගේ සැලසුම වූයේ තීය බ්‍රාහ්මණයා මගින් සත් ද්‍රවිඩයින් පරාජය කොට ඉන්පසු තමා විසින් තීය බ්‍රාහ්මණයා මරා රජකම ගැනීමයි. (ඒ වන විට සත් ද්‍රවිඩයින් සහ ඔවුන්ගේ සත් දහසක හමුදාව පරාජය කිරීමට තරම් යුධ ශක්තියක් රජුට නොතිබූ බව මෙම උපායෙන් පැහැදිලි වේ.) නමුත් රජුගේ උපාය අසාර්ථක වූයේ සත් ද්‍රවිඩයින් විසින් තීය බ්‍රාහ්මණයා මරා දමා රජු සිරගත කිරීමට රජරට ප්‍රදේශයට පැමිණෙන බව දැනගැනීමත් සමඟය.

පසුබැසීම හා සිහසුන අහිමිවීම

මේ අනුව රජු ඇතුළු පිරිස අනුරාධපුරය අතහැර කන්ද උඩරටට පලා යන්නට විය. පලායන අතරතුර පණ්ඩුකාභය රජු තැනවූ උතුරු දොරටුව අසල ආරාමයේ සිටි ගිරි නම් ජෛන ආගමික පූජකයකු රජු දැක

walagambaa maharaju

anuraadhhapuraya aganuwara karagena kri.puu. 103 sita 77 dhakwaa rajakam kala walagambaa raju, kaerali haa aakramana hamuwee sihasuna ahimi wii wasara 14kata pasu eya naewatha dhinaagath dheeshapaalanika washayen abhiyoogaathmaka yugayaka naayakayeki. thripitakaya granthhaaruudda kiriima saha abhayagiri, dhambulu wihaara waeni mahangu idhikiriim sandahaa ethumaagee dhaayakathwaya athimahathya.

haendinwiima

walagambaa hewath wattta gaaminii abhaya raju kri.puu. 103 sita 77 dhakwaa anuraadhhapuraya aganagaraya karagena lakdhiwa paalanaya kala sinhala raja keneki. ethumaa raajyathwayata pathwii maasa 5 kata pasu kaerali haa dhakunu indhiya aakramana hamuwee sihasuna ahimi kara gaththadha, wasara 14 kata pasu aakramanikayan paraajaya kara naewatha sihasuna labaagaeniimata samath wiya. maathalee aluwihaarayeedhii mulwarata thripitakaya granthhaaruudda kiriima ethumaagee raajya anugrahaya aethiwa sidhuwuu mahangu kriyaawaliyaki. emenma abhayagiri wihaaraya haa sthhuupaya, rangiri dhambulu rajamahaa wihaaraya waeni wishaala wehera wihaara karawiimatadha ethumaa katayuthu yodhana ladhi.

mul awadhhiya haa sihasunata pathwiima

walagambaa raju dhutugaemunu rajugee sohoyuraa wuu sadhdhhaathissa rajugee siwwana puthrayaa wiya. ethumaagee waedimahal sohoyuran wuu lajjithissa, thhulaththana saha khallaattanaaga rajawarun walagambaa rajuta pera raajyayathwaya dhaeruuha. sadhdhhaathissa raju kri.puu. 137 sita 119 dhakwaa wasara 18 k raajya paalanaya kala athara, ohugen pasu thhulaththana raju dhina 40 kdha, lajjithissa raju wasara 10 kdha paalanaya kalaha. inpasu khallaattanaaga rajuta rajakama himiwiya. kesee wethath, khallaattanaaga raju mahaarattta (mahaarakkatha) nam senewiyeku wisin ghaathanaya kara raajya paehaera gannaa ladhi. wattta gaaminii abhaya kumaru dhina kihipayak thula thama sohoyuraa maeruu mahaarattta senewi maraa dhamaa kri.puu. 103 dhii 'walagam abhaa' hewath 'walagambaa' namin palamu warata rajakamata path wiya. ethumaagee agamehesiya soomaa dheewiya wuu athara, puthaa mahaanaaga kumaarayaa wiya. soomaa dheewiya sihiwiima pinisa walagambaa raju wisin somawathiya nirmaanaya karana ladhi.

kaerali haa aakramana

walagambaa raju sihasunata pathwana wita ratathula paewathiyee wyaakuula dheeshapaalana wathaawaranayaki. rajugee palamu raajya warshaya thula roohanayee nakula graamayee thhiya hewath thissa nam braahmana wanshikayaku sihasuna pathaa kaeraellak aethi kota thibee. mema kaeraella aethiwiimata pera thiiya braahmanayaa wisin wasara 16k ruhunu pradheeshaya paalanayata nathu karagena siti bawadha sandahan wee. ema kaalayeedhiima dhrawida aakramanikayan hath dhenekugee naayakathwayen yuthu hathdhahasaka seenaawak lakdhiwa aakramanaya karanu laebiiya (pancha dhrawida aakramanaya hewath saptha dhrawida aakramanaya). mowun walagambaa raju paraajaya kota anuraadhhapurayee balaya allaa gathha.

walagambaa rajugee saelasuma wuuyee thiiya braahmanayaa magin sath dhrawidayin paraajaya kota inpasu thamaa wisin thiiya braahmanayaa maraa rajakama gaeniimayi. (ee wana wita sath dhrawidayin saha owungee sath dhahasaka hamudhaawa paraajaya kiriimata tharam yudhha shakthiyak rajuta nothibuu bawa mema upaayen paehaedhili wee.) namuth rajugee upaaya asaarthhaka wuuyee sath dhrawidayin wisin thiiya braahmanayaa maraa dhamaa raju siragatha kiriimata rajarata pradheeshayata paeminena bawa dhaenagaeniimath samangaya.

pasubaesiima haa sihasuna ahimiwiima

mee anuwa raju aethulu pirisa anuraadhhapuraya athahaera kandha udaratata palaa yannata wiya. palaayana atharathura pandukaabhaya raju thaenawuu uthuru dhoratuwa asala aaraamayee siti giri nam jaina aagamika puujakayaku raju dhaeka