I වන විජයබාහු රජ
පළමුවන විජයබාහු රජු (මහා විජයබාහු, විජය බා ලෙසද හැඳින්වේ) ක්‍රි.ව. 1055 සිට 1110 දක්වා පොළොන්නරුව අගනුවර කරගෙන රාජ්‍යය කළ ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. වසර 17ක දිගු සටන් මෙහෙයුමකින් පසු වසර 77ක් තිස්සේ ශ්‍රී ලංකාව පාලනය කරමින් සිටි චෝල අධිරාජ්‍යය ක්‍රි.ව. 1070 දී ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම පලවා හැරීමට ඔහු සමත් විය. එමගින් සියවසකට පසු ශ්‍රී ලංකාව නැවත එක්සත් කිරීමට විජයබාහු රජුට හැකි විය. ඔහුගේ පාලන කාලය තුළ බුද්ධ ධර්මය නැවත පිහිටුවීමටත්, යුද්ධය නිසා විනාශ වූ යටිතල පහසුකම්, වෙහෙර විහාර සහ ගොඩනැගිලි ආදිය අලුත් වැඩියා කිරීමටත් කටයුතු කරන ලදී.
මුල් කාලීන ජිවිතය
විජයබාහු රජු ක්‍රි.ව. 1039 දී දක්කිණදේශයේ රුහුණු රාජධානියේ, කිත්ති (කීති) යන නාමයෙන් උපත ලැබීය. එතුමා රුහුණේ පාලකයා වූ මොග්ගල්ලාන රජුගේ සහ ලෝඛිත බිසවගේ පුත්‍රයා විය. එකල ශ්‍රී ලංකාවේ කොටසක් දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වී තිබුණද, රුහුණ සිංහල රජවරුන් විසින් චෝල පාලකයන්ට එරෙහිව බලපෑම් කරමින් ස්වාධීනව පාලනය කරගෙන යන ලදී. කිත්ති කුමරුට වයස අවුරුදු 15 දී රුහුණේ රාජ්‍යත්වයට පත්වීමේ අරමුණින් ආක්‍රමණිකයන්ගේ ප්‍රධානියෙකු වූ ලෝකිස්සර පරාජය කරන ලදී. පසුව ක්‍රි.ව. 1055 දී ඔහු විජයබාහු නමින් රුහුණේ රාජ්‍යත්වයට පත්විය. චෝල හමුදාවන් විජයබාහු රජුගේ හමුදාවන්ට එරෙහිව නිතර ප්‍රහාර එල්ල කළද, ඒවා මැඩපවත්වා ක්‍රි.ව. 1058 දී රුහුණ සම්පූර්ණයෙන්ම දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කර, එහි සම්පූර්ණ පාලනය තම යටතට ගැනීමට ඔහු සමත් විය.
චෝල අධිරාජ්‍යයට එරෙහි සටන
රුහුණ ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමෙන් අනතුරුව, එකල අගනගරය වූ පොළොන්නරුව ආක්‍රමණය කිරීමේ දැඩි අභිලාෂයකින් පෙළුණු විජයබාහු රජු 1066 දී පොළොන්නරුව වෙත තම මංගල ප්‍රහාරය මෙහෙයවා, කෙටි කලකට එය තම ග්‍රහණයට නතු කර ගත්තේය. එනමුදු, දකුණු ඉන්දීය ආධාරයෙන් බල ගැන්වුණු චෝල හමුදාවන් නැවත ප්‍රහාර එල්ල කළ හෙයින් විජයබාහු රජුට පසුබැසීමට සිදු විය. එසේ පසුබැස වාකිරිගල දී නැවත සංවිධානය වූ විජයබාහු රජු පොළොන්නරුව තම ග්‍රහණයට ගැනීමේ නැවුම් වෑයමක් දියත් කළේය. එවිට පාලන බලය සඳහා සටන් වැදුණු වෙනත් පාර්ශවයන් විසින් දියත් කළ කැරළි සඳහාද ඔහුට මුහුණ දීමට සිදු විය. එම කැරළිද සාර්ථකව මර්දනය කළ විජයබාහු ස්වකීය හමුදාවන් පොළොන්නරුව නැවත ගැනීමේ අදිටනින් යුතුව මෙහෙයවූවද, චෝලයන් අතික්‍රමණය කිරීමට නොහැකි විය.
පොළොන්නරුවට දෙවන වර පහර දීම
ක්‍රි.ව. 1069-1070 කාලය තුළ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ චෝල අධිරාජ්‍යය තුළ සිවිල් යුද්ධයක් ඇති වූ අතර එය රට කැළඹීමට ලක් විය. පොළොන්නරුවේ චෝල හමුදාව අඩු වැඩි වශයෙන් හුදකලා වී සිටියදී, චෝල අධිරාජ්‍යය තුළ ඇති වූ මෙම අභ්‍යන්තර ගැටුම් ශ්‍රී ලංකාව කෙරෙහි අධිරාජ්‍යයේ අවධානය යොමු කිරීම වැළැක්වීය. මෙය විජයබාහු රජුට නැවත ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාවක් සලසා දුන්නේය. බුරුමය සහ පාණ්ඩ්‍ය වැනි බොහෝ රාජධානිවලින් චෝලයන් පරාජය කිරීමට ඔහුට සහාය ලැබී ඇත.
වලවේ ගඟට දකුණින් පිහිටි මහානාගකුලයෙන් ආරම්භ වූ විජයබාහු රජු පෙරමුණු තුනකින් පොළොන්නරුවට පහර දීම සඳහා ත්‍රිවිධ හමුදාවන් පිටත් කළේය. දකුණු ඉන්දියාවෙන් පැමිණෙන ඕනෑම ශක්තිමත් කිරීමක් සමඟ කටයුතු කිරීම සඳහා එක් හමුදාවක් රටේ බටහිර වෙරළ දිගේ මහාතිත්ත වරායට යවන ලදී. ඉන්පසුව, මෙම හමුදාවෙන් කොටසක් පොළොන්නරුව දෙසට ගමන් කර වයඹ දෙසින් ප්‍රහාර එල්ල කළ අතර, අනෙක් කොටස ශක්තිමත් කිරීම් පැමිණීම වැළැක්වීම සඳහා වරායන් අල්ලා ගත්හ. නැඟෙනහිරෙන් පොළොන්නරුවට පහර දීම සඳහා මාගම හරහා නැඟෙනහිරෙන් දෙවන හමුදාවක් යවන ලදී. තුන්වන සහ ප්‍රධාන බලවේගය රජුගේ ප්‍රධානත්වයෙන් රට පුරා ඉදිරියට ගියේය. මෙම ත්‍රිවිධ හමුදාව විසින් වට කරන ලද පොළොන්නරුව විජයබාහු රජුගේ හමුදාව නගරයට ඇතුළු වීමට පෙර මාස හතක් වටලනු ලැබීය. ක්‍රි.ව. 1070 දී විජයබාහු රජු පොළොන්නරුවේ පාලකයා බවට පත් විය. එකල ශ්‍රී ලංකාව තම්බපන්නි යනුවෙන් ද හැඳින්විණි.
රාජ්‍ය පාලනය සහ ප්‍රතිසංස්කරණ
පොළොන්නරුව ජයග්‍රහණයෙන් පසු විජයබාහු රජුට තවත් කැරලිවලට මුහුණ දීමට සිදු විය. මෙය ක්‍රි.ව. 1072 හෝ 1073 දී රුහුණේ විජයබාහු ලෙස කිරුළු පැළඳ වසර දහඅටකට පසුව සහ වසර දාහතක් පැවති හමුදා මෙහෙයුමකින් පසුව සිදු වූ ඔහුගේ රාජාභිෂේකය ප්‍රමාද වීමට හේතු විය. පොළොන්නරුව