සිරි සඟ බෝ රාජවංශය
සිරි සඟ බෝ රාජවංශය රාජ්‍ය කාලය: ක්‍රි.ව. 1220-1591

සිරි සඟ බෝ රාජවංශය

දඹදෙණියේ තෙවන විජයබාහු රජුගේ සිට සීතාවක පළමුවන රාජසිංහ රජු දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ බලවත් රාජ වංශයකි.

ප්‍රධාන ජයග්‍රහණ

  • කාලිංග මාඝ ගේ පාලනයෙන් රට මුදාගෙන දඹදෙණිය රාජධානිය පිහිටුවීම
  • බුදුන් වහන්සේ ගේ දන්ත ධාතූන් වහන්සේ සහ දාන පාත්‍රය ආරක්ෂා කිරීම හා බෞද්ධ ශාසනය නැවත ගොඩනැගීම
  • විදේශීය ආක්‍රමණ රැසකට සාර්ථකව මුහුණ දෙමින් සියවස් ගණනාවක් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය රැකගැනීම
  • ආරක්ෂක අවශ්‍යතා මත යාපහුව, කුරුණෑගල සහ ගම්පොල වැනි ප්‍රදේශ කරා අගනුවර ගෙන යාමේ හැකියාව

සිරි සඟ බෝ රාජවංශය

සිරි සඟ බෝ රාජවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දීර්ඝ කාලයක් පුරා පැවති වැදගත් රාජ පරම්පරාවකි. දඹදෙණියේ රජ කළ තෙවන විජයබාහු (ක්‍රි.ව. 1220–1224) රජුගේ සිට සීතාවක රාජධානිය පාලනය කළ පළමුවන රාජසිංහ (ක්‍රි.ව. 1581–1591) රජු දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන් මෙම වංශයට අයත් වේ. මෙම රාජවංශය විදේශීය ආක්‍රමණ රැසකට මුහුණ දෙමින් සියවස් ගණනාවක් පුරා තම ස්වාධීනත්වය රැක ගැනීමට සමත් විය.

දඹදෙණිය රාජධානියේ පිබිදීම සහ ආරම්භය

කාලිංග මාඝ ගේ ක්‍රෑර පාලනය හේතුවෙන් පොළොන්නරුව රාජධානිය අස්ථාවර වී තිබූ සමයක, ස්වදේශික සිංහල ජනතාව දකුණු ප්‍රදේශවලට සහ මායා රටට සංක්‍රමණය විය. මෙවැනි පසුබිමක් තුළ, සිරි සඟ බෝධි රජුගේ වංශයෙන් පැවත එන තෙවන විජයබාහු නම් කුමාරයෙක්, කාලිංග මාඝ ගේ හමුදාවන්ට එරෙහිව නිර්භීතව සටන් කළේය. ඔහු මායා රටින් මාඝ ගේ බලය පලවා හැර, දඹදෙණියේ තම බලකොටුව පිහිටුවා ගෙන රජු බවට පත් විය.

තෙවන විජයබාහු රජුගේ ප්‍රධානතම කාර්යභාරයක් වූයේ බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සහ දාන පාත්‍රය ආරක්ෂා කිරීමයි. මාඝගේ හමුදා විසින් කොත්මලේ ආරක්ෂිතව සඟවා තිබූ මෙම පූජනීය වස්තූන් ලබාගෙන ඔහු ඒවා දඹදෙණියට ගෙන ආවේය. එතුමා විනාශ වී තිබූ බෞද්ධ ශාසනය නැවත ගොඩනැගීමටත්, එහි අභිවෘද්ධියටත් විශාල දායකත්වයක් ලබා දුන්නේය. සිරි සඟ බෝ රාජවංශයේ මුල්ම රජු ලෙස සැලකෙන්නේ තෙවන විජයබාහු රජු ය.

රාජධානියේ සංක්‍රමණය සහ ස්වාධීනත්වය රැකගැනීම

සිරි සඟ බෝ රාජවංශයේ පාලන සමය තුළ ශ්‍රී ලංකාව විවිධ විදේශීය ආක්‍රමණ සහ අභ්‍යන්තර ගැටුම්වලට මුහුණ දුන්නේය. මෙම අභියෝග හමුවේ තම ස්වාධීනත්වය රැකගැනීම සඳහා මෙම රාජවංශයේ රජවරුන්ට විවිධ උපාය මාර්ග අනුගමනය කිරීමට සිදු විය. එල්ල වූ දැඩි ආක්‍රමණවලින් ආරක්ෂා වීම පිණිස යාපහුව, කුරුණෑගල සහ ගම්පොල වැනි උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රදේශ කරා තම අගනුවර රැගෙන යාමට ද ඔවුන්ට සිදු විය. මෙමඟින් ඔවුන්ට සතුරු ප්‍රහාරවලින් රාජධානිය ආරක්ෂා කර ගැනීමටත්, තම පාලන බලය අඛණ්ඩව පවත්වා ගැනීමටත් හැකි විය.

සීතාවක රාජධානියේ පරිහානිය සහ රාජවංශයේ අවසානය

සිරි සඟ බෝ රාජවංශයේ අවසන් රජු වූයේ සීතාවක රාජධානියේ බලවත් රණශූරයෙකු වූ පළමුවන රාජසිංහ රජු ය. මායාදුන්නේ රජුගේ පුත්‍රයා වූ රාජසිංහ, මුල් කාලයේ දී විශාල ජයග්‍රහණ රැසක් ලබා ගත්තද, ඔහුගේ පාලන සමයේ පසුකාලීන තීරණ හේතුවෙන් රාජවංශයේ පරිහානියට මඟ පෑදීය.

රාජසිංහ රජු “අරිට්ට කිවෙන්දු” (මන්නම්පෙරුම මොහොට්ටාල) නම් දකුණු ඉන්දීය ජාතිකයෙකු තම ප්‍රධාන උපදේශක ලෙස පත් කර ගත්තේය. මන්නම්පෙරුම, රාජසිංහ රජු හට හින්දු දහම වැළඳ ගැනීමට අනුබල දුන් අතර, බෞද්ධ සිද්ධස්ථානවලට පහර දීමටද උපදෙස් ලබා දුන්නේය. සීගිරිය සහ ශ්‍රී පාදය වැනි බෞද්ධයින්ට පූජනීය ස්ථානවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බෞද්ධ ජනතාව සහ භික්ෂූන් වහන්සේලා අතර රජු පිළිබඳ දැඩි අසතුටක් හා අමනාපයක් ඇති විය.

මෙම ක්‍රියාමාර්ගයන්ට එරෙහිව බෞද්ධයින් එක්ව කැරලි ගැසූ අතර, රාජසිංහ රජු එම කැරැල්ල මර්දනය කළේය. කැරැල්ලේ නායකයින් අත්අඩංගුවට ගත් ඔහු, සීතාවක නායක හිමි ඇතුළු සිය ගණනක් භික්ෂූන් වහන්සේලා මරා දැමූ බව සඳහන් වේ. මෙම කුරිරු ක්‍රියා බෞද්ධ ජනතාව හා රජු අතර විශාල පරතරයක් ඇති කිරීමට හේතු විය.

එමෙන්ම, රාජසිංහ රජුගේ උඩරට නියෝජිතයා (සාමන්ත) වූ වීරසුන්දර බණ්ඩාරව ඝාතනය කිරීම තවත් ගැටලුවක් විය. වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර, සීතාවක සිට මන්නාරමේ සිටි පෘතුගීසි හමුදාව වෙත පලා ගියේය. පසුව පෘතුගීසීන්ගේ සහය ඇතිව කන්ද උඩරටට පැමිණි ඔහු රාජසිංහට විරුද්ධව කැරලි ගැසීය. කොනප්පු බණ්ඩාර, පළමුවන විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යයේ රජු බවට පත් විය. රාජසිංහ කන්ද උඩරට නැවත අත්පත් කරගැනීමට උත්සාහ කළද, විමලධර්මසූරිය රජු විසින් බලන සටන ඇතුළු සියලු උත්සාහයන් ව්‍යර්ථ කරන ලදී.

ක්‍රි.ව. 1592 මාර්තු මස, බලන සිට සීතාවක බලා නැවත එන විට පෙතංගොඩ උයනේ දී කටු උණ පුරුකක් පාදයේ ඇනී එය විෂ වීමෙන් රාජසිංහ රජු මිය ගියේය. ඔහුට පුත්‍රයන් නොසිටි හෙයින් (එක් මතයක් පමණි), ඔහුගේ රාජධානිය පළමුවන විමලධර්මසූරිය රජුට හිමි විය. මෙය සිරි සඟ බෝ රාජවංශයේ දේශපාලනික අවසානය සනිටුහන් කළේය.

වර්තමාන පැවත එන්නන්

සීතාවක පරපුරට අයත් වස්කඩුවේ තම්මිට බණ්ඩාර කුමරියගේ පරපුර (ධර්මසේන) සහ කෝට්ටේ පරපුරේ තුඩුගල මුඩිත්ත තෙන්නකෝන් පරපුර (විජේවර්ධන) හලාවත උලකුඩය දේවියගෙන් පැවත එන කොරයා පරපුරත් සිරි සඟ බෝ පරපුරට අයත් ව තවමත් ජීවමාන බව කියැවේ.

මූලාශ්‍ර

  • වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන්ගේ වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර කෘතිය - 1875

siri sanga boo raajawanshaya

dhambadheniyee thewana wijayabaahu rajugee sita siithaawaka palamuwana raajasinha raju dhakwaa shrii lankaawa paalanaya kala balawath raaja wanshayaki.

siri sanga boo raajawanshaya

siri sanga boo raajawanshaya yanu shrii lankaawee ithihaasayee dhiirgha kaalayak puraa paewathi waedhagath raaja paramparaawaki. dhambadheniyee raja kala thewana wijayabaahu (kri.wa. 1220–1224) rajugee sita siithaawaka raajadhhaaniya paalanaya kala palamuwana raajasinha (kri.wa. 1581–1591) raju dhakwaa shrii lankaawa paalanaya kala rajawarun mema wanshayata ayath wee. mema raajawanshaya widheeshiiya aakramana raesakata muhuna dhemin siyawas gananaawak puraa thama swaadhhiinathwaya raeka gaeniimata samath wiya.

dhambadheniya raajadhhaaniyee pibidhiima saha aarambhaya

kaalinga maagha gee kraera paalanaya heethuwen polonnaruwa raajadhhaaniya asthhaawara wii thibuu samayaka, swadheeshika sinhala janathaawa dhakunu pradheeshawalata saha maayaa ratata sankramanaya wiya. mewaeni pasubimak thula, siri sanga boodhhi rajugee wanshayen paewatha ena thewana wijayabaahu nam kumaarayek, kaalinga maagha gee hamudhaawanta erehiwa nirbhiithawa satan kaleeya. ohu maayaa ratin maagha gee balaya palawaa haera, dhambadheniyee thama balakotuwa pihituwaa gena raju bawata path wiya.

thewana wijayabaahu rajugee pradhhaanathama kaaryabhaarayak wuuyee budhun wahanseegee shrii dhantha dhhaathuun wahansee saha dhaana paathraya aarakshaa kiriimayi. maaghagee hamudhaa wisin kothmalee aarakshithawa sangawaa thibuu mema puujaniiya wasthuun labaagena ohu eewaa dhambadheniyata gena aaweeya. ethumaa winaasha wii thibuu baudhdhha shaasanaya naewatha godanaegiimatath, ehi abhiwrudhdhhiyatath wishaala dhaayakathwayak labaa dhunneeya. siri sanga boo raajawanshayee mulma raju lesa saelakennee thewana wijayabaahu raju ya.

raajadhhaaniyee sankramanaya saha swaadhhiinathwaya raekagaeniima

siri sanga boo raajawanshayee paalana samaya thula shrii lankaawa wiwidhha widheeshiiya aakramana saha abhyanthara gaetumwalata muhuna dhunneeya. mema abhiyooga hamuwee thama swaadhhiinathwaya raekagaeniima sandahaa mema raajawanshayee rajawarunta wiwidhha upaaya maarga anugamanaya kiriimata sidhu wiya. ella wuu dhaedi aakramanawalin aarakshaa wiima pinisa yaapahuwa, kurunaegala saha gampola waeni upaayamaargika waedhagathkamak aethi pradheesha karaa thama aganuwara raegena yaamata dha owunta sidhu wiya. memangin owunta sathuru prahaarawalin raajadhhaaniya aarakshaa kara gaeniimatath, thama paalana balaya akhandawa pawathwaa gaeniimatath haeki wiya.

siithaawaka raajadhhaaniyee parihaaniya saha raajawanshayee awasaanaya

siri sanga boo raajawanshayee awasan raju wuuyee siithaawaka raajadhhaaniyee balawath ranashuurayeku wuu palamuwana raajasinha raju ya. maayaadhunnee rajugee puthrayaa wuu raajasinha, mul kaalayee dhii wishaala jayagrahana raesak labaa gaththadha, ohugee paalana samayee pasukaaliina thiirana heethuwen raajawanshayee parihaaniyata manga paedhiiya.

raajasinha raju "aritta kiwendhu" (mannamperuma mohottaala) nam dhakunu indhiiya jaathikayeku thama pradhhaana upadheeshaka lesa path kara gaththeeya. mannamperuma, raajasinha raju hata hindhu dhahama waelanda gaeniimata anubala dhun athara, baudhdhha sidhdhhasthhaanawalata pahara dhiimatadha upadhes labaa dhunneeya. siigiriya saha shrii paadhaya waeni baudhdhhayinta puujaniiya sthhaanawalata ella wuu prahaara heethuwen baudhdhha janathaawa saha bhikshuun wahanseelaa athara raju pilibanda dhaedi asathutak haa amanaapayak aethi wiya.

mema kriyaamaargayanta erehiwa baudhdhhayin ekwa kaerali gaesuu athara, raajasinha raju ema kaeraella mardhanaya kaleeya. kaeraellee naayakayin athadanguwata gath ohu, siithaawaka naayaka himi aethulu siya gananak bhikshuun wahanseelaa maraa dhaemuu bawa sandahan wee. mema kuriru kriyaa baudhdhha janathaawa haa raju athara wishaala paratharayak aethi kiriimata heethu wiya.

emenma, raajasinha rajugee udarata niyoojithayaa (saamantha) wuu wiirasundhara bandaarawa ghaathanaya kiriima thawath gaetaluwak wiya. wiirasundhara bandaaragee puth konappu bandaara, siithaawaka sita mannaaramee siti pruthugiisi hamudhaawa wetha palaa giyeeya. pasuwa pruthugiisiingee sahaya aethiwa kandha udaratata paemini ohu raajasinhata wirudhdhhawa kaerali gaesiiya. konappu bandaara, palamuwana wimaladhharmasuuriya namin udarata raajyayee raju bawata path wiya. raajasinha kandha udarata naewatha athpath karagaeniimata uthsaaha kaladha, wimaladhharmasuuriya raju wisin balana satana aethulu siyalu uthsaahayan wyarthha karana ladhii.

kri.wa. 1592 maarthu masa, balana sita siithaawaka balaa naewatha ena wita pethangoda uyanee dhii katu una purukak paadhayee aenii eya wisha wiimen raajasinha raju miya giyeeya. ohuta puthrayan nositi heyin (ek mathayak pamani), ohugee raajadhhaaniya palamuwana wimaladhharmasuuriya rajuta himi wiya. meya siri sanga boo raajawanshayee dheeshapaalanika awasaanaya sanituhan kaleeya.

warthamaana paewatha ennan

siithaawaka parapurata ayath waskaduwee thammita bandaara kumariyagee parapura (dhharmaseena) saha koottee parapuree thudugala mudiththa thennakoon parapura (wijeewardhhana) halaawatha ulakudaya dheewiyagen paewatha ena korayaa parapurath siri sanga boo parapurata ayath wa thawamath jiiwamaana bawa kiyaewee.

muulaashra

  • waskaduwee shrii subhuuthi himiyangee warshakhandaraashttra kruthiya - 1875