පළමුවන රාජසිංහ රජතුමා
සීතාවක රාජධානිය රාජ්‍ය කාලය: ක්‍රි.ව. 1581-1592

පළමුවන රාජසිංහ රජතුමා

සීතාවක රාජධානියේ අතිශයින්ම එඩිතර හා දේශප්‍රේමී පාලකයෙකු වූ පළමුවන රාජසිංහ රජතුමා, මුල්ලෙරියාවේදී පෘතුගීසි හමුදා සමූල ඝාතනය කර යුරෝපීය බලවේගයකට එරෙහිව සටන් කළ ප්‍රථම ආසියානු රජු ලෙස ඉතිහාසයට එක් විය.

ප්‍රධාන ජයග්‍රහණ

  • මුල්ලේරියාවේදී පෘතුගීසි හමුදා 1700ක් සමූල ඝාතනය කර විශිෂ්ට යුධ ජයග්‍රහණයක් වාර්තා කිරීම.
  • කොළඹ කොටුව 1581 දී සහ 1587 දී දෙවතාවක් වටලා පෘතුගීසීන්ට දැඩි තර්ජනයක් එල්ල කිරීම.
  • වීදියේ බණ්ඩාර කුමරු පරාජය කර 'රාජසිංහ' යන විරුද නාමය ලබා ගැනීම.
  • කරලියද්දේ බණ්ඩාර රජු බලන කපොල්ල දක්වා පලවා හැර සෙංකඩගල රාජධානියට පහර දීම.
  • යුරෝපීය බලවේගයකට එරෙහිව මුහුණ දුන් සහ ජයගත් ප්‍රථම ආසියානු රජු ලෙස සැලකීම.

පළමුවන රාජසිංහ රජතුමා (ටිකිරි බණ්ඩාර කුමරු ලෙස උපත ලැබූ) සීතාවක රාජධානියේ වඩාත් ප්‍රකට හා බලවත්ම පාලකයන්ගෙන් කෙනෙකි. එතුමාගේ මහත් එඩිතර බව, දේශප්‍රේමීත්වය සහ පෘතුගීසි විරෝධී දැඩි ප්‍රතිපත්තිය පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ. යුරෝපීය බලවේගයකට එරෙහිව සටන් කර ජයගත් ප්‍රථම ආසියානු රජු ලෙස එතුමා සැලකේ.

මුල් කාලීන දිවිය සහ “රාජසිංහ” නාමය ලැබීම

මායාදුන්නේ රජතුමාට දාව ටිකිරි බණ්ඩාර නමින් උපත ලැබූ මෙතුමාට, පෘතුගීසි හමුදා සමඟ සිදු කළ බිහිසුණු සටන් වලින් පසුව “රාජසිංහ” යන නාමය ලැබිණි. “සිංහයන්ගේ රජු” හෝ “රාජකීය සිංහයා” යන තේරුම එම නාමයෙන් ගම්‍ය වේ. මෙතුමා සිය පියා වූ මායාදුන්නේ රජු මෙන්ම පෘතුගීසි විරෝධී දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

සිහසුනට පත්වීම

මායාදුන්නේ රජතුමා විසින් 1578 දී තම රාජධානිය රාජසිංහ රජතුමාට පවරන ලද අතර, 1581 දී මායාදුන්නේ රජතුමා මරණයට පත් විය. ඉන් පසු රාජසිංහ රජතුමා සිංහාසනයට පත් විය.

පිය ඝාතන මතභේදය

තම පියා වන මායාදුන්නේ රජතුමාගේ මරණය සමඟ රාජසිංහ රජතුමාගේ සම්බන්ධයක් ඇති බවට එකිනෙකට පරස්පර තොරතුරු විවිධ මූලාශ්‍රවල ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයේදී තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද මහාවංසයේ 4වන පරිච්ඡේදයේ දී රාජසිංහ රජු විසින් මායාදුන්නේ පියරජුව ඝාතනය කළ බව සඳහන් වෙයි. චූල රාජාවලිය ද මෙය පීතෘ ඝාතනයක් ලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් සැලකීම නිසා රජු සහ භික්ෂූන් වහන්සේ අතර ගැටුම් හට ගත බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රජු බෞද්ධ විරෝධී පිළිවෙතක් අනුගමනය කළ බවත් සඳහන් කරයි.

කෙසේ නමුත්, ඉතිහාස විචාරකයන් විශ්වාස කරන්නේ රාජාවලිය හා අලකේශ්වර යුද්ධය වැනි වැදගත් මූලාශ්‍රවල මෙම පීතෘ ඝාතන සිද්ධිය සඳහන් නො වීම නිසා රජු විසින් තම පියරජුව ඝාතනය කිරීම සැක සහිත සහ මතභේදාත්මක කරුණක් බවයි. රෙබෙයිරෝ පවා රජුගේ පීතෘ ඝාතනයක් ගැන වාර්තා කර නැත. ක්වෙරෝස්ගේ දීර්ඝ විස්තරය අනුව මායාදුන්නේ පියරජු මරණයට පත් වී ඇත්තේ 85වැනි වියේදී ස්වභාවික හේතුවකින් ය. මේ අනුව රාජසිංහ රජු පීතෘ ඝාතනයක් කළ බවට වන චෝදනා මතභේදාත්මක හා සැක සහිත බව බොහෝ ඉතිහාසඥයන්ගේ මතයයි.

සංග්‍රාම සහ යුධ ජයග්‍රහණ

පළමුවන රාජසිංහ රජතුමාගේ පාලන සමය පුරාවටම ප්‍රධාන වශයෙන් පෘතුගීසීන්ට එරෙහිව සහ ප්‍රාදේශීය නායකයන් සමඟ සිදු කළ යුද්ධ වලින් සමන්විත විය.

වීදියේ බණ්ඩාර කුමරු සමඟ සටන්

ටිකිරි බණ්ඩාර කුමරුගේ එක් වැදගත් වික්‍රමයක් වූයේ එතුමාගේ මස්සිනා වූ වීදියේ බණ්ඩාර කුමරු සමඟ ඇති වූ සංග්‍රාමයයි. මායාදුන්නේ රජු විසින් මෙම යුද්ධය ආරම්භ කළේ වීදියේ බණ්ඩාර කුමරු තම දියණියට අපහාස කිරීම සහ සෙංකඩගලට එරෙහි යුද්ධයට සහාය නොදීම හේතු කොට ගෙනය. දොළොස් හැවිරිදි ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වයෙන් යුත් සීතාවක හමුදා, පෘතුගීසීන් සමඟ එක්ව පැලන්දේ පිහිටි වීදියේ බණ්ඩාර කුමරුගේ බලකොටුවට පහර දී ඔහු දෙවුන්දර දක්වා පලවා හැරියේය. පසුව, අලුත්නුවරදී සිදුවූ බිහිසුණු සංග්‍රාමයකින් පසු ටිකිරි බණ්ඩාර කුමරු විසින් වීදියේ බණ්ඩාර කුමරු තීරණාත්මකව පරාජය කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් පසු ටිකිරි බණ්ඩාර කුමරුට “රාජසිංහ” යන නාමය ලැබිණි.

පෘතුගීසීන්ට එරෙහි යුද්ධ

රාජසිංහ රජතුමාගේ මූලික යුද්ධය සිංහල රාජ්‍යත්වයේ ස්වෛරීබව ආරක්ෂා කිරීම උදෙසා පෘතුගීසීන්ට එරෙහිව සිදු කළේය.

  • මුල්ලේරියාව සටන (ක්‍රි.ව. 1562): අද දක්වාම ඇති අතිශය බිහිසුණුම සංග්‍රාමයක් ලෙස සැලකෙන මුල්ලේරියාව සටනේදී සිංහල හමුදා විසින් මුළු පෘතුගීසි හමුදාවම පරාජය කරන ලදී. විස්තරයන්ට අනුව මුල්ලේරියාව වෙල් යාය පෘතුගීසි හේවායන්ගේ ලෙයින් රත් පැහැ ගැන් වී තිබී ඇත. යුරෝපීය හමුදාවක් ආසියානු භූමියක දී ලැබූ දරුණුම පරාජය මෙය ලෙස සඳහන් වේ. පෙරේරා ද ලසර්දා ඇතුළු පෘතුගීසි හමුදා 1700 ක් මෙම සටනින් සමූලඝාතනය විය.
  • කොළඹ කොටුව වටලෑම්: පෘතුගීසීන්ට හිසරදයක්ව සිටි රජතුමා කොළඹ කොටුව 1581 දී හා 1587 දී දෙවතාවක් වටලා ප්‍රහාර එල්ල කළේය. නමුත් රාජකීය නාවික හමුදාවක් නොමැති වීම නිසා මෙම වටලෑම් වලින් ආක්‍රමණිකයන් රටින් තුරන් කිරීමේ අරමුණ සම්පූර්ණයෙන් සාර්ථක කර ගැනීමට නොහැකි විය.

සෙංකඩගලට එරෙහිව

රාජසිංහයන් විසින් පෘතුගීසීන්ට එරෙහි තම යුද්ධය කරන අතර තුර දී කරලියද්දේ බණ්ඩාර රජු විසින් තම සෙංකඩගල රාජධානිය ආරක්ෂා කිරීම උදෙසා පෘතුගීසි හේවායන් යොදා ගන්නා ලදී. මෙම පෘතුගීසි ආක්‍රමණිකයන් සමඟ වූ සම්බන්ධතාවයෙන් කෝපාවිෂ්ට වූ රාජසිංහ රජතුමා පේරාදෙණියේ වීරසුන්දර මුදලිගේ උපකාර ඇතිව තම හමුදාව 1583 දී බලන කපොල්ල දක්වා මෙහෙයවා කරලියද්දේ බණ්ඩාරව පළවා හරින ලදී.

සීතාවක රාජධානියේ බිඳ වැටීම

රාජසිංහ රජුගේ පාලන සමය අග භාගය වන විට සීතාවක රාජධානියේ බිඳ වැටීමට හේතු වූ කරුණු කිහිපයක් දක්නට ලැබිණි.

ආගමික ප්‍රතිපත්ති

රජු විසින් අරිට්ඨ කීවෙණ්ඩු නම් දකුණු ඉන්දීය සම්භවයක් ඇත්තෙකු තම අග්‍ර පුරෝහිත ලෙස පත් කළ අතර, ඔහුගේ උපදෙස් අනුව කටයුතු කළේය. මෙම පූජකයාට “මාන්නම්පෙරුම මොහට්ටාල” යන නාමය ප්‍රදානය කළ රජු, තම උප බිසවකගේ දියණියක් ඔහුට ආවාහ කර දීමට ද කටයුතු කළේය. රජු හින්දු ආගම වැළඳ ගත බවත්, සීගිරිය සහ ශ්‍රී පාදස්ථානය ආදී වැදගත් බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව බ්‍රාහ්මණයන් පදිංචි කර වූ බවටත් වාර්තා වේ. එමෙන්ම මාන්නම්පෙරුම මොහට්ටාලගේ උපදෙස් පරිදි රජු බෞද්ධ සිද්ධස්ථාන ගණනාවක්ම විනාශ කළ බව ද සඳහන් වේ. රජුගේ බුද්ධ ශාසනයට එරෙහි කෲර ක්‍රියා නිසා සංඝනායක හිමිපාණන් වහන්සේලා සහ බෞද්ධ ජනයා අතර අතෘප්තිය සහ විරෝධය රාජධානියේ බිඳ වැටීමට බලපෑ ප්‍රධාන හේතුවක් විය.

කැරලි සහ අභ්‍යන්තර ගැටුම්

රජුගේ බෞද්ධ විරෝධී පිළිවෙත නිසා සංඝනායක හිමිපාණන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් රාජ විරෝධී කැරලි පවා ඇති විය. සත් කෝරලේ ප්‍රදේශයේ දී පොතුපල බණ්ඩාර කුමරු විසින් පෘතුගීසීන්ගේ ද සහය ඇතිව රජුට විරුද්ධව කැරැළි ගසන ලදී. මන්දාරම්පුර පුවතට අනුව කොනප්පු බණ්ඩාර කුමරුවා සෙංකඩගල රජ කරවීම සඳහා භික්ෂූන් වහන්සේලා ද මැදිහත් වී ඇත. මෙම කුමන්ත්‍රණය එළිවීමෙන් පසු සිය ගණනක් භික්ෂූන් වහන්සේලා ඝාතනය කර ඇති බවත්, එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේලා 121නමක් රාජසිංහ රජු විසින් ඝාතනය කර ඇති බවත් එම කෘතිය සඳහන් කරයි. මේ අනුව, මායාදුන්නේ රජුට හා ටිකිරි බණ්ඩාර කුමරුට ලැබුණු මහජන සහයට ප්‍රධාන හේතුවක් වූ මහා සංඝරත්නයේ ආශීර්වාදය ඉතා ඉක්මනින් නැති විය.

කොනප්පු බණ්ඩාර සමඟ සටන සහ පරාජය

මන්නාරම සිට සෙංකඩගලට පැමිණි කොනප්පු බණ්ඩාර කුමරු විසින් එහිදී කැරැල්ලක් මෙහෙයවන ලදී. පළමුව අරිට්ඨ කීවෙණ්ඩු යටතේ එවන ලද සේනාංකය ද, දෙවනුව රාජසිංහ රජු විසින්ම මෙහෙයවන ලද සේනාංකය ද කොනප්පු බණ්ඩාර විසින් පරාජය කරන ලදී. රාජාවලියට අනුව රාජසිංහ රජු මෙලෙස වික්‍රමාන්විත ලෙස සටන් කළ කිසිදු රජෙක් තමන් නොදුටු බව පවසා පසු බසින ලදී.

අභාවය

බලන කපොල්ලේදී සිදු වූ පරාජයෙන් පසු පසු බසින සිටි රජු 1592 මාර්තු මාසයේ දී මරණයට පත් විය. අභාවයට හේතුව වී ඇත්තේ ආපසු සීතාවක බලා එන විට පෙතන්ගොඩ උයනේදී උන කටුවක් ඇනීමෙන් ඇති වූ බරපතල තුවාලයක් නිසා ය. සමහර මූලාශ්‍රවලට අනුව, උණ කටුව ඇනීමෙන් රෝගාතුරව සිටින විට දොඩම්පෙ ගණිතයා නම් යකදුරකු විසින් රජුට විස බැන්ද බවට ද සඳහන් වේ. රජුගේ දේහය එවක අගනුවර වූ සීතාවක දී භූමිදානය කර ඇත.

උරුමය

පළමුවන රාජසිංහ රජුගේ මරණයෙන් පසු සීතාවක රාජධානිය නිශ්චිත උරුම කරුවෙකු නොමැති වීම නිසා අස්ථාවර විය. රාජසිංහ රජු දක්ෂ සෙන්පතියෙකු හා බලවත් පාලකයෙකු වූ නමුත්, ඔහුගේ ආගමික ප්‍රතිපත්ති සහ රාජකීය පවුල තුළ ඇති වූ ගැටුම් සීතාවක රාජධානියේ බිඳ වැටීමට හේතු වූ බව ඉතිහාසඥයන්ගේ මතයයි. එසේ වුවද, පෘතුගීසි ආක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ලෙස සටන් කර රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ගත් උත්සාහය නිසා ඔහු ශ්‍රී ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන රජ කෙනෙකු ලෙස සලකනු ලබයි.

palamuwana raajasinha rajathumaa

siithaawaka raajadhhaaniyee athishayinma edithara haa dheeshapreemii paalakayeku wuu palamuwana raajasinha rajathumaa, mulleriyaaweedhii pruthugiisi hamudhaa samuula ghaathanaya kara yuroopiiya balaweegayakata erehiwa satan kala prathhama aasiyaanu raju lesa ithihaasayata ek wiya.

palamuwana raajasinha rajathumaa (tikiri bandaara kumaru lesa upatha laebuu) siithaawaka raajadhhaaniyee wadaath prakata haa balawathma paalakayangen keneki. ethumaagee mahath edithara bawa, dheeshapreemiithwaya saha pruthugiisi wiroodhhii dhaedi prathipaththiya pilibandawa ithihaasayee sandahan wee. yuroopiiya balaweegayakata erehiwa satan kara jayagath prathhama aasiyaanu raju lesa ethumaa saelakee.

mul kaaliina dhiwiya saha "raajasinha" naamaya laebiima

maayaadhunnee rajathumaata dhaawa tikiri bandaara namin upatha laebuu methumaata, pruthugiisi hamudhaa samanga sidhu kala bihisunu satan walin pasuwa "raajasinha" yana naamaya laebini. "sinhayangee raju" hoo "raajakiiya sinhayaa" yana theeruma ema naamayen gamya wee. methumaa siya piyaa wuu maayaadhunnee raju menma pruthugiisi wiroodhhii dhaedi prathipaththiyak anugamanaya kaleeya.

sihasunata pathwiima

maayaadhunnee rajathumaa wisin 1578 dhii thama raajadhhaaniya raajasinha rajathumaata pawarana ladha athara, 1581 dhii maayaadhunnee rajathumaa maranayata path wiya. in pasu raajasinha rajathumaa sinhaasanayata path wiya.

piya ghaathana mathabheedhaya

thama piyaa wana maayaadhunnee rajathumaagee maranaya samanga raajasinha rajathumaagee sambandhhayak aethi bawata ekinekata paraspara thorathuru wiwidhha muulaashrawala aetha. kiirthi shrii raajasinha raaja samayeedhii thibbotuwaawee budhdhharakkhitha sthhawirayan wahansee wisin liyana ladha mahaawansayee 4wana parichchheedhayee dhii raajasinha raju wisin maayaadhunnee piyarajuwa ghaathanaya kala bawa sandahan weyi. chuula raajaawaliya dha meya piithru ghaathanayak lesa baudhdhha bhikshuun wahanseelaa wisin saelakiima nisaa raju saha bhikshuun wahansee athara gaetum hata gatha bawath, ehi prathiphalayak lesa raju baudhdhha wiroodhhii piliwethak anugamanaya kala bawath sandahan karayi.

kesee namuth, ithihaasa wichaarakayan wishwaasa karannee raajaawaliya haa alakeeshwara yudhdhhaya waeni waedhagath muulaashrawala mema piithru ghaathana sidhdhhiya sandahan no wiima nisaa raju wisin thama piyarajuwa ghaathanaya kiriima saeka sahitha saha mathabheedhaathmaka karunak bawayi. rebeyiroo pawaa rajugee piithru ghaathanayak gaena waarthaa kara naetha. kweroosgee dhiirgha wistharaya anuwa maayaadhunnee piyaraju maranayata path wii aeththee 85waeni wiyeedhii swabhaawika heethuwakin ya. mee anuwa raajasinha raju piithru ghaathanayak kala bawata wana choodhanaa mathabheedhaathmaka haa saeka sahitha bawa bohoo ithihaasagnayangee mathayayi.

sangraama saha yudhha jayagrahana

palamuwana raajasinha rajathumaagee paalana samaya puraawatama pradhhaana washayen pruthugiisiinta erehiwa saha praadheeshiiya naayakayan samanga sidhu kala yudhdhha walin samanwitha wiya.

wiidhiyee bandaara kumaru samanga satan

tikiri bandaara kumarugee ek waedhagath wikramayak wuuyee ethumaagee massinaa wuu wiidhiyee bandaara kumaru samanga aethi wuu sangraamayayi. maayaadhunnee raju wisin mema yudhdhhaya aarambha kalee wiidhiyee bandaara kumaru thama dhiyaniyata apahaasa kiriima saha senkadagalata erehi yudhdhhayata sahaaya nodhiima heethu kota genaya. dholos haewiridhi tikiri bandaara kumarugee naayakathwayen yuth siithaawaka hamudhaa, pruthugiisiin samanga ekwa paelandhee pihiti wiidhiyee bandaara kumarugee balakotuwata pahara dhii ohu dhewundhara dhakwaa palawaa haeriyeeya. pasuwa, aluthnuwaradhii sidhuwuu bihisunu sangraamayakin pasu tikiri bandaara kumaru wisin wiidhiyee bandaara kumaru thiiranaathmakawa paraajaya karana ladhii. mema jayagrahanayen pasu tikiri bandaara kumaruta "raajasinha" yana naamaya laebini.

pruthugiisiinta erehi yudhdhha

raajasinha rajathumaagee muulika yudhdhhaya sinhala raajyathwayee swairiibawa aarakshaa kiriima udhesaa pruthugiisiinta erehiwa sidhu kaleeya.

  • mulleeriyaawa satana (kri.wa. 1562): adha dhakwaama aethi athishaya bihisunuma sangraamayak lesa saelakena mulleeriyaawa sataneedhii sinhala hamudhaa wisin mulu pruthugiisi hamudhaawama paraajaya karana ladhii. wistharayanta anuwa mulleeriyaawa wel yaaya pruthugiisi heewaayangee leyin rath paehae gaen wii thibii aetha. yuroopiiya hamudhaawak aasiyaanu bhuumiyaka dhii laebuu dharunuma paraajaya meya lesa sandahan wee. pereeraa dha lasardhaa aethulu pruthugiisi hamudhaa 1700 k mema satanin samuulaghaathanaya wiya.
  • kolamba kotuwa watalaem: pruthugiisiinta hisaradhayakwa siti rajathumaa kolamba kotuwa 1581 dhii haa 1587 dhii dhewathaawak watalaa prahaara ella kaleeya. namuth raajakiiya naawika hamudhaawak nomaethi wiima nisaa mema watalaem walin aakramanikayan ratin thuran kiriimee aramuna sampuurnayen saarthhaka kara gaeniimata nohaeki wiya.

senkadagalata erehiwa

raajasinhayan wisin pruthugiisiinta erehi thama yudhdhhaya karana athara thura dhii karaliyadhdhee bandaara raju wisin thama senkadagala raajadhhaaniya aarakshaa kiriima udhesaa pruthugiisi heewaayan yodhaa gannaa ladhii. mema pruthugiisi aakramanikayan samanga wuu sambandhhathaawayen koopaawishta wuu raajasinha rajathumaa peeraadheniyee wiirasundhara mudhaligee upakaara aethiwa thama hamudhaawa 1583 dhii balana kapolla dhakwaa meheyawaa karaliyadhdhee bandaarawa palawaa harina ladhii.

siithaawaka raajadhhaaniyee binda waetiima

raajasinha rajugee paalana samaya aga bhaagaya wana wita siithaawaka raajadhhaaniyee binda waetiimata heethu wuu karunu kihipayak dhaknata laebini.

aagamika prathipaththi

raju wisin arittta kiiwendu nam dhakunu indhiiya sambhawayak aeththeku thama agra puroohitha lesa path kala athara, ohugee upadhes anuwa katayuthu kaleeya. mema puujakayaata "maannamperuma mohattaala" yana naamaya pradhaanaya kala raju, thama upa bisawakagee dhiyaniyak ohuta aawaaha kara dhiimata dha katayuthu kaleeya. raju hindhu aagama waelanda gatha bawath, siigiriya saha shrii paadhasthhaanaya aadhii waedhagath baudhdhha sidhdhhasthhaana aashrithawa braahmanayan padhinchi kara wuu bawatath waarthaa wee. emenma maannamperuma mohattaalagee upadhes paridhi raju baudhdhha sidhdhhasthhaana gananaawakma winaasha kala bawa dha sandahan wee. rajugee budhdhha shaasanayata erehi kruura kriyaa nisaa sanghanaayaka himipaanan wahanseelaa saha baudhdhha janayaa athara athrupthiya saha wiroodhhaya raajadhhaaniyee binda waetiimata balapae pradhhaana heethuwak wiya.

kaerali saha abhyanthara gaetum

rajugee baudhdhha wiroodhhii piliwetha nisaa sanghanaayaka himipaanan wahanseelaagee maedhihathwiimen raaja wiroodhhii kaerali pawaa aethi wiya. sath kooralee pradheeshayee dhii pothupala bandaara kumaru wisin pruthugiisiingee dha sahaya aethiwa rajuta wirudhdhhawa kaeraeli gasana ladhii. mandhaarampura puwathata anuwa konappu bandaara kumaruwaa senkadagala raja karawiima sandahaa bhikshuun wahanseelaa dha maedhihath wii aetha. mema kumanthranaya eliwiimen pasu siya gananak bhikshuun wahanseelaa ghaathanaya kara aethi bawath, ek awasthhaawaka bhikshuun wahanseelaa 121namak raajasinha raju wisin ghaathanaya kara aethi bawath ema kruthiya sandahan karayi. mee anuwa, maayaadhunnee rajuta haa tikiri bandaara kumaruta laebunu mahajana sahayata pradhhaana heethuwak wuu mahaa sangharathnayee aashiirwaadhaya ithaa ikmanin naethi wiya.

konappu bandaara samanga satana saha paraajaya

mannaarama sita senkadagalata paemini konappu bandaara kumaru wisin ehidhii kaeraellak meheyawana ladhii. palamuwa arittta kiiwendu yatathee ewana ladha seenaankaya dha, dhewanuwa raajasinha raju wisinma meheyawana ladha seenaankaya dha konappu bandaara wisin paraajaya karana ladhii. raajaawaliyata anuwa raajasinha raju melesa wikramaanwitha lesa satan kala kisidhu rajek thaman nodhutu bawa pawasaa pasu basina ladhii.

abhaawaya

balana kapolleedhii sidhu wuu paraajayen pasu pasu basina siti raju 1592 maarthu maasayee dhii maranayata path wiya. abhaawayata heethuwa wii aeththee aapasu siithaawaka balaa ena wita pethangoda uyaneedhii una katuwak aeniimen aethi wuu barapathala thuwaalayak nisaa ya. samahara muulaashrawalata anuwa, una katuwa aeniimen roogaathurawa sitina wita dhodampe ganithayaa nam yakadhuraku wisin rajuta wisa baendha bawata dha sandahan wee. rajugee dheehaya ewaka aganuwara wuu siithaawaka dhii bhuumidhaanaya kara aetha.

urumaya

palamuwana raajasinha rajugee maranayen pasu siithaawaka raajadhhaaniya nishchitha uruma karuweku nomaethi wiima nisaa asthhaawara wiya. raajasinha raju dhaksha senpathiyeku haa balawath paalakayeku wuu namuth, ohugee aagamika prathipaththi saha raajakiiya pawula thula aethi wuu gaetum siithaawaka raajadhhaaniyee binda waetiimata heethu wuu bawa ithihaasagnayangee mathayayi. esee wuwadha, pruthugiisi aakramanikayanta erehiwa dhaedi lesa satan kara ratee swairiithwaya aarakshaa kiriimata gath uthsaahaya nisaa ohu shrii lankaa ithihaasayee kaepii penena raja keneku lesa salakanu labayi.