පණ්ඩුකාභය රජ
මුල්කාලීන අනුරාධපුර රාජවංශය රාජ්‍ය කාලය: ක්‍රි.පූ. 437-367

පණ්ඩුකාභය රජ

පණ්ඩුකාභය යනු, ක්‍රි.පූ. 437 සිට 367 දක්වා ලංකාව පාලනය කළ ශ්‍රේෂ්ඨ රජකෙනෙකි. ඔහු ආර්යයන් සහ යක්ෂ ගෝත්‍රිකයන් එක්සේසත් කර අනුරාධපුරය අගනුවරක් ලෙස දියුණු කළ මුල්ම ස්වදේශික පාලකයා ලෙස ඉතිහාසයට එක්වේ.

ප්‍රධාන ජයග්‍රහණ

  • ආර්යයන් සහ යක්ෂ ගෝත්‍රිකයන් එක්සේසත් කළ මුල්ම පාලකයා වීම.
  • අනුරාධපුරය අගනුවරක් ලෙස දියුණු කිරීම.
  • වසර හැත්තෑවක දීර්ඝ පාලන සමයක් හිමි කර ගැනීම.
  • දුෂ්කරතා මධ්‍යයේ මාමාවරුන් පරාජය කර රාජ්‍යත්වය ලබා ගැනීම.
  • චේතියා යක්ෂිණිය වැනි දේශීය ජන කොටස් සමඟ සන්ධානගත වීම.

පණ්ඩුකාභය යනු, ක්‍රි.පූ. 437 සිට 367 දක්වා කාලය තුළ ලංකාව පාලනය කළ අතිශය වැදගත් හා ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි. ඔහු දිවයිනේ ආර්ය සහ යක්ෂ ගෝත්‍රිකයන් එක්සේසත් කළ පළමු ස්වදේශික පාලකයා ලෙස සැලකේ. එතුමා අනුරාධපුරය අගනුවරක් ලෙස දියුණු කර, එය අනාගත රාජධානිවල කේන්ද්‍රස්ථානය බවට පත් කළේය.

ප්‍රවේණිය පිළිබඳ මතවාද

පණ්ඩුකාභය රජුගේ ප්‍රවේණිය සම්බන්ධයෙන් ප්‍රධාන මතවාද තුනක් පවතී:

  • මහාවංශයට අනුව: වඩාත් ප්‍රාථමික මුලාශ්‍ර සාධක සහිතව පිළිගත් මතය වන්නේ, ඔහුගේ මව්පියන් දෙදෙනාම ආර්ය සම්භවයක් ඇති අය බවයි. මව උන්මාද චිත්‍රා කුමරිය වන අතර, පියා දීඝගාමිණී කුමරු වේ.
  • කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ මතය: සාහිත්‍යවේදියෙකු හා භාෂාවේදීයෙකු වූ කුමාරතුංග මුනිදාස ශූරීන් පවසන්නේ පණ්ඩුකාභයගේ පියා චිත්‍රරාජ බවයි. කෙසේ වෙතත්, මෙම මතය ඓතිහාසික සාක්ෂි මත පදනම් නොවූවක් ලෙස නොපිළිගැනේ. දුරාව කුලයේ ඉතිහාස ප්‍රතිනිර්මාණ ක්‍රියාවලියක් මෙයට හේතුව ලෙස සැලකේ.
  • ආර්ය සම්භවයක් නොමැති මතය: තුන්වන මතය වන්නේ පණ්ඩුකාභයට ආර්යයන් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති, පූර්ණ වශයෙන් ස්වදේශික වීරයෙකු බවයි. මෙයද ප්‍රාථමික මුලාශ්‍ර හෝ සාක්ෂි නොමැතිව සිදුකරන “හිතළු” ගණයට වැටෙන ප්‍රකාශයක් ලෙස සැලකෙන අතර, ඉතිහාසවේදීන් සහ පුරාවිද්‍යාඥයන් අතර ඉහළ පිළිගැනීමක් නොමැත.

මහාවංශ කතාව

මහාවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ කතාව ඉතා ත්‍රාසජනක සිදුවීම්වලින් පිරී පවතී.

මුල්කාලීන ජීවිතය සහ අනතුරු

පණ්ඩුවාසුදේව රජුට සහ භද්දකච්චායනා බිසවට දාව පුතුන් දසදෙනෙකුත්, දියණියකත් සිටියහ. බාලම දියණිය වූ චිත්‍රා කුමරියගේ පුත්‍රයා අනාගතයේදී තම මාමාවරුන් මරා රාජ්‍යත්වය ලබාගන්නා බවට නෙයිමිත්තක කරුවන් අනාවැකි පළ කළහ. මේ නිසා, චිත්‍රා කුමරිය මරා දැමීමට ඇගේ සොහොයුරන් තීරණය කළද, වැඩිමහල් පුතු අභය කුමරු එය වැළැක්වීය. පසුව, ඇය එක්තැම් ගෙයක දාසියක සමඟ දැඩි රැකවල් යටතේ රඳවා තැබිණි. ඇය දුටුවන් උමතු කරවන තරම් රුවක් තිබූ හෙයින් “උන්මාද චිත්‍රා” ලෙසද හැඳින්වූවාය.

භද්දකච්චායනා කුමරිය ලක්දිවට පැමිණි බව අසා, ඇගේ සොහොයුරන් හයදෙනා (රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු, රෝහණ) ද දිවයිනට පැමිණ විවිධ ප්‍රදේශවල ජනාවාස පිහිටුවූහ. දීඝායු කුමරුගේ පුත්‍රයා වූ දීඝගාමිණී කුමරු, උන්මාද චිත්‍රා කුමරියගේ රුව අසා ඇයට ආලෝකයෙන් උපතිස්ස ග්‍රාමයට ගොස්, ඇය සමඟ රහසිගත ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තේය.

මෙම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස චිත්‍රා කුමරිය ගැබ් ගත්තාය. මේ බව දැනගත් රාජකීය පිරිස, උපන් දරුවා පුතෙකු නම් මරා දැමීමට තීරණය කළ අතර, දීඝගාමිණී කුමරුට චිත්‍රා කුමරිය විවාහ කර දුන්හ. දරුවා බිහි කිරීමට ආසන්න කාලයේදී, චිත්‍රා කුමරිය වෙනුවට වෙනත් ගර්භණී කාන්තාවක් ඇය සමීපයේ තබා, චිත්‍රා කුමරිය පුතෙකු බිහි කළ විට, අනෙක් කාන්තාව බිහි කළ දියණිය සමඟ මාරු කරන ලදී. මෙලෙස බිහි වූ පුතු “පණ්ඩුකාභය” ලෙස නම් කෙරිණි. මාමාවරුන් සතුටු වූයේ චිත්‍රාට දියණියක උපන් බව සිතාය. පණ්ඩුකාභය කුමරු කරඬුවක බහා දොරමඩල නම් ගමට යවන ලදී. කුමරු පිළිබඳව තොරතුරු දැනගත් ඔහුගේ මාමාවරුන් කිහිපවරක්ම ඔහුව මරා දැමීමට උත්සාහ කළද, ප්‍රබල දෛවයකට හිමිකම් කී පණ්ඩුකාභය කුමරු සියලු අනතුරු වලින් දිවි ගලවා ගත්තේය.

විදුහල් අධ්‍යාපනය සහ හමුදා සංවිධානය

සොළොස් හැවිරිදි වූ පණ්ඩුකාභය කුමරු, ශිල්ප හැදෑරීම සඳහා දකුණු දිග පණ්ඩුල නම් ගමෙහි විසූ පණ්ඩුල නම් බ්‍රාහ්මණයා වෙත යවන ලදී. පණ්ඩුල බමුණා කුමරු අනාගතයේ රජ වන බවත්, වසර හැත්තෑවක් රාජ්‍ය පාලනය කරන බවත් අනාවැකි පළ කර, ඔහුට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීය.

පණ්ඩුකාභය කුමරු සහ පණ්ඩුල බ්‍රාහ්මණයාගේ පුත් චන්දන ඉක්මනින්ම ශිල්ප නිමවා පන්සියයක පිරිවරක් සමඟ පණ්ඩුල ග්‍රාමයෙන් පිටත් වී කසගලට පැමිණියහ. පසුව, පිරිවර ක්‍රමයෙන් වැඩි කර ගනිමින්, ගිරිකණ්ඬසිව කුමරුගේ දේශය වෙත ගිය විට ඔහුගේ පිරිවර එකදහස් දෙසියයක් විය. ඉන්පසු කුමරු ගඟින් එතෙර වී දොළුගලට ගොස් එහි වසර හතරක් වාසය කළේය. ඔහුගේ මාමාවරුන් මේ බව අසා යුද්ධයට පැමිණ, දුම්රක්ගල කඳවුරු පිහිටුවා සටන් කළහ. පණ්ඩුකාභය කුමරු මාමාවරුන් ගඟින් එතෙරට පලවා හැර, එම කඳවුරෙහි වසර දෙකක් වාසය කළේය.

චේතියා යක්ෂිණිය සමඟ සන්ධානය

දුම්රක්ගල විසූ චේතියා නම් යක්ෂිණිය තිඹිරසඟන විලෙහි වෙළඹරුවින් ඇවිදිමින් සිටිනු පණ්ඩුකාභය කුමරු දුටුවේය. ඇය සුදු සිරුරකින් සහ රන්වන් පැහැයකින් යුක්ත වූ සිත්කලු වෙළඹක් වූවාය. කුමරු ඇයව අල්ලා ගැනීමට උත්සාහ කළ විට, ඇය භය වී විල සිසාරා දිව ගියාය. කුමරු කඩුව ඔසවා ඇයව මරන්නට සැරසෙන විට, ඇය තමාට රාජ්‍යය ලබා දීමට උදව් කරන බව පවසා දිවි හිඟා සිටියාය. පසුව, ඔවුන් දුම්රක්ගල වසර හතරක් වාසය කළ අතර, පසුව රිටිගලට පැමිණ වසර හතක් යුධ කාලය බලමින් වාසය කළහ.

රාජ්‍යත්වය සඳහා සටන සහ ජයග්‍රහණය

මාමාවරුන් දෙදෙනෙකු හැර ඔහුගේ සෙසු මාමාවරුන් අටදෙනා යුද්ධයට සැරසුණෝය. ඔවුන් රිටිගල අසල කුඩානුවර කඳවුරු පිහිටුවා, සිවුරගසෙන් සෙනෙවියා යවා රිටිගල වට කළහ. පණ්ඩුකාභය කුමරු චේතියා යක්ෂිණිය සමඟ මන්ත්‍රණය කොට, ඇය යක්වෙළඹක් ලෙසින් පිට නැගී සිය සේනාව සමඟ මාමාවරුන් සමඟ සටනට පිවිසියේය. මෙම යුද්ධයේදී පණ්ඩුකාභය කුමරු සියලුම පරසතුරු සේනාවන් ද, මාමාවරුන් අටදෙනා ද මරා දමා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

අනුරාධපුරයේ දියුණුව සහ දීර්ඝ පාලනය

යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු පණ්ඩුකාභය කුමරු රාජ්‍යත්වයට පත් විය. ඔහු වසර හැත්තෑවක් පුරා ලංකාව පාලනය කළ අතර, මෙම දීර්ඝ පාලන සමය තුළ අනුරාධපුරය අගනුවරක් ලෙස දියුණු කිරීමට පුළුල් පියවර ගත්තේය. ඔහු ආර්ය සහ යක්ෂ ගෝත්‍රිකයන් එක්සේසත් කර සාමකාමී සමාජයක් ගොඩනැගීමට ද කටයුතු කළේය.

pandukaabhaya raja

pandukaabhaya yanu, kri.puu. 437 sita 367 dhakwaa lankaawa paalanaya kala shreeshtta rajakeneki. ohu aaryayan saha yaksha goothrikayan ekseesath kara anuraadhhapuraya aganuwarak lesa dhiyunu kala mulma swadheeshika paalakayaa lesa ithihaasayata ekwee.

pandukaabhaya yanu, kri.puu. 437 sita 367 dhakwaa kaalaya thula lankaawa paalanaya kala athishaya waedhagath haa shreeshtta raja keneki. ohu dhiwayinee aarya saha yaksha goothrikayan ekseesath kala palamu swadheeshika paalakayaa lesa saelakee. ethumaa anuraadhhapuraya aganuwarak lesa dhiyunu kara, eya anaagatha raajadhhaaniwala keendhrasthhaanaya bawata path kaleeya.

praweeniya pilibanda mathawaadha

pandukaabhaya rajugee praweeniya sambandhhayen pradhhaana mathawaadha thunak pawathii:

  • mahaawanshayata anuwa: wadaath praathhamika mulaashra saadhhaka sahithawa piligath mathaya wannee, ohugee mawpiyan dhedhenaama aarya sambhawayak aethi aya bawayi. mawa unmaadha chithraa kumariya wana athara, piyaa dhiighagaaminii kumaru wee.
  • kumaarathunga munidhaasa shuuriingee mathaya: saahithyaweedhiyeku haa bhaashaaweedhiiyeku wuu kumaarathunga munidhaasa shuuriin pawasannee pandukaabhayagee piyaa chithraraaja bawayi. kesee wethath, mema mathaya aithihaasika saakshi matha padhanam nowuuwak lesa nopiligaenee. dhuraawa kulayee ithihaasa prathinirmaana kriyaawaliyak meyata heethuwa lesa saelakee.
  • aarya sambhawayak nomaethi mathaya: thunwana mathaya wannee pandukaabhayata aaryayan samanga kisidhu sambandhhayak nomaethi, puurna washayen swadheeshika wiirayeku bawayi. meyadha praathhamika mulaashra hoo saakshi nomaethiwa sidhukarana "hithalu" ganayata waetena prakaashayak lesa saelakena athara, ithihaasaweedhiin saha puraawidhyaagnayan athara ihala piligaeniimak nomaetha.

mahaawansha kathaawa

mahaawanshayata anuwa pandukaabhaya rajugee kathaawa ithaa thraasajanaka sidhuwiimwalin pirii pawathii.

mulkaaliina jiiwithaya saha anathuru

panduwaasudheewa rajuta saha bhadhdhakachchaayanaa bisawata dhaawa puthun dhasadhenekuth, dhiyaniyakath sitiyaha. baalama dhiyaniya wuu chithraa kumariyagee puthrayaa anaagathayeedhii thama maamaawarun maraa raajyathwaya labaagannaa bawata neyimiththaka karuwan anaawaeki pala kalaha. mee nisaa, chithraa kumariya maraa dhaemiimata aegee sohoyuran thiiranaya kaladha, waedimahal puthu abhaya kumaru eya waelaekwiiya. pasuwa, aeya ekthaem geyaka dhaasiyaka samanga dhaedi raekawal yatathee randawaa thaebini. aeya dhutuwan umathu karawana tharam ruwak thibuu heyin "unmaadha chithraa" lesadha haendinwuuwaaya.

bhadhdhakachchaayanaa kumariya lakdhiwata paemini bawa asaa, aegee sohoyuran hayadhenaa (raama, uruwela, anuraadhha, wijitha, dhiighaayu, roohana) dha dhiwayinata paemina wiwidhha pradheeshawala janaawaasa pihituwuuha. dhiighaayu kumarugee puthrayaa wuu dhiighagaaminii kumaru, unmaadha chithraa kumariyagee ruwa asaa aeyata aalookayen upathissa graamayata gos, aeya samanga rahasigatha preema sambandhhayak aethi karagaththeeya.

mema sambandhhayee prathiphalayak lesa chithraa kumariya gaeb gaththaaya. mee bawa dhaenagath raajakiiya pirisa, upan dharuwaa putheku nam maraa dhaemiimata thiiranaya kala athara, dhiighagaaminii kumaruta chithraa kumariya wiwaaha kara dhunha. dharuwaa bihi kiriimata aasanna kaalayeedhii, chithraa kumariya wenuwata wenath garbhanii kaanthaawak aeya samiipayee thabaa, chithraa kumariya putheku bihi kala wita, anek kaanthaawa bihi kala dhiyaniya samanga maaru karana ladhii. melesa bihi wuu puthu "pandukaabhaya" lesa nam kerini. maamaawarun sathutu wuuyee chithraata dhiyaniyaka upan bawa sithaaya. pandukaabhaya kumaru karanduwaka bahaa dhoramadala nam gamata yawana ladhii. kumaru pilibandawa thorathuru dhaenagath ohugee maamaawarun kihipawarakma ohuwa maraa dhaemiimata uthsaaha kaladha, prabala dhaiwayakata himikam kii pandukaabhaya kumaru siyalu anathuru walin dhiwi galawaa gaththeeya.

widhuhal adhhyaapanaya saha hamudhaa sanwidhhaanaya

solos haewiridhi wuu pandukaabhaya kumaru, shilpa haedhaeriima sandahaa dhakunu dhiga pandula nam gamehi wisuu pandula nam braahmanayaa wetha yawana ladhii. pandula bamunaa kumaru anaagathayee raja wana bawath, wasara haeththaewak raajya paalanaya karana bawath anaawaeki pala kara, ohuta shilpa shaasthra igaenwiiya.

pandukaabhaya kumaru saha pandula braahmanayaagee puth chandhana ikmaninma shilpa nimawaa pansiyayaka piriwarak samanga pandula graamayen pitath wii kasagalata paeminiyaha. pasuwa, piriwara kramayen waedi kara ganimin, girikanndasiwa kumarugee dheeshaya wetha giya wita ohugee piriwara ekadhahas dhesiyayak wiya. inpasu kumaru gangin ethera wii dholugalata gos ehi wasara hatharak waasaya kaleeya. ohugee maamaawarun mee bawa asaa yudhdhhayata paemina, dhumrakgala kandawuru pihituwaa satan kalaha. pandukaabhaya kumaru maamaawarun gangin etherata palawaa haera, ema kandawurehi wasara dhekak waasaya kaleeya.

cheethiyaa yakshiniya samanga sandhhaanaya

dhumrakgala wisuu cheethiyaa nam yakshiniya thimbirasangana wilehi welambaruwin aewidhimin sitinu pandukaabhaya kumaru dhutuweeya. aeya sudhu sirurakin saha ranwan paehaeyakin yuktha wuu sithkalu welambak wuuwaaya. kumaru aeyawa allaa gaeniimata uthsaaha kala wita, aeya bhaya wii wila sisaaraa dhiwa giyaaya. kumaru kaduwa osawaa aeyawa marannata saerasena wita, aeya thamaata raajyaya labaa dhiimata udhaw karana bawa pawasaa dhiwi hingaa sitiyaaya. pasuwa, owun dhumrakgala wasara hatharak waasaya kala athara, pasuwa ritigalata paemina wasara hathak yudhha kaalaya balamin waasaya kalaha.

raajyathwaya sandahaa satana saha jayagrahanaya

maamaawarun dhedheneku haera ohugee sesu maamaawarun atadhenaa yudhdhhayata saerasunooya. owun ritigala asala kudaanuwara kandawuru pihituwaa, siwuragasen senewiyaa yawaa ritigala wata kalaha. pandukaabhaya kumaru cheethiyaa yakshiniya samanga manthranaya kota, aeya yakwelambak lesin pita naegii siya seenaawa samanga maamaawarun samanga satanata piwisiyeeya. mema yudhdhhayeedhii pandukaabhaya kumaru siyaluma parasathuru seenaawan dha, maamaawarun atadhenaa dha maraa dhamaa wishishta jayagrahanayak labaa gaththeeya.

anuraadhhapurayee dhiyunuwa saha dhiirgha paalanaya

yudhdhhaya jayagrahanaya kiriimen pasu pandukaabhaya kumaru raajyathwayata path wiya. ohu wasara haeththaewak puraa lankaawa paalanaya kala athara, mema dhiirgha paalana samaya thula anuraadhhapuraya aganuwarak lesa dhiyunu kiriimata pulul piyawara gaththeeya. ohu aarya saha yaksha goothrikayan ekseesath kara saamakaamii samaajayak godanaegiimata dha katayuthu kaleeya.