මායාදුන්නේ රජ
සීතාවක රාජධානිය රාජ්‍ය කාලය: ක්‍රි.ව. 1521-1581

මායාදුන්නේ රජ

මායාදුන්නේ රජ (ක්‍රි.ව. 1501–1581) සීතාවක රාජධානියේ වසර 60ක් රජකම් කළ ශ්‍රී ලංකා රජෙකි. ඔහු පෘතුගීසි ආක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ලෙස සටන් කළ අතර දිවයිනේ නිදහස රැක ගැනීමට සිය ජීවිතය කැප කළේය.

ප්‍රධාන ජයග්‍රහණ

  • පෘතුගීසි ආක්‍රමණිකයන්ට එරෙහිව දැඩි ලෙස සටන් කිරීම
  • මුල්ලේරියා සංග්‍රාමයේදී පෘතුගීසීන් පරාජය කර සීතාවක බලය තහවුරු කිරීම
  • රයිගම රාජධානිය සීතාවකට ඈඳා ගැනීම
  • දළදා වහන්සේ පෘතුගීසීන්ගෙන් ආරක්ෂා කර සීතාවකට වැඩමවා ගැනීම
  • දිවයිනේ නිදහස රැකගැනීමට ජීවිතයම කැප කිරීම

මායාදුන්නේ රජ

මායාදුන්නේ රජ (1501–1581) සීතාවක රාජධානියේ, 1521 සිට 1581 දක්වා වසර 60 ක කාලයක් රජකම් කළේය. මායාදුන්නේ 1505 දී මෙරටට පැමිණි පෘතුගීසි ජාතිකයන්ගේ සැඩපරුෂ සතුරෙක් විය. ඔහු තම ජීවිතයම කැපකරන ලද්දේ තම සොයුරු බුවනෙකබාහු, හෙවත් කෝට්ටේ රාජධානියේ රජ බලයෙන් පහ කර එයින් පෘතුගීසි කුමන්ත්‍රණ නිසා පීඩාවට පත්ව තිබූ ශ්‍රී ලංකාවේ නිදහස රැකගැනීමට ය. ඔහු නිතර තම සොයුරා වූ බුවනෙකබාහුගේ රාජ්‍යයට ආක්‍රමණ එල්ල කරන ලදී.

පෙර ජීවිතය

මායාදුන්නේ උපත ලද්දේ 1501 දී කෝට්ටේ රාජධානියේ පිහිටි කෝට්ටේ නගරයේ දී ය. ඔහු 1509 සිට 1521 තෙක් කෝට්ටේ රජ කළ සත්වන විජයබාහුගේ පුත්‍රයාය. මායාදුන්නේ සත්වන විජයබාහුගේ හා ඔහුගේ අග බිසවගේ බාල පුතු විය. බුවනෙකබාහු හා රයිගම බණ්ඩාර ඔහුගේ සොයුරන් විය. බුවනෙකබාහු 1521 සිට 1551 දක්වා කෝට්ටේ රාජධානියේ රජකම් කළේය.

විජයබා කොල්ලය

විජයබා කොල්ලය යනු 1521 දී සිදුවූ ඓතිහාසික සිද්ධියක් වන අතර එහිදී කෝට්ටේ රජුගේ (සත්වන විජයබාහු රජ) පුතුන් තිදෙන ඔවුන්ගේ පිය රජුට එරෙහිව කැරලි ගසමින් තම පියා මරා දමා රාජධානිය තමන් අතරෙහි බෙදා ගත්හ. සත්වන විජයබාහු රජ හට ඔහුගේ පළමු විවාහයෙන් පුතුන් තිදෙනෙකු වූ අතර ඔවුහූ බුවනෙකබාහු (පසුව කෝට්ටේ හත්වන බුවනෙකබාහු රජ ), පරරාජසිංහ (පසුව රයිගම බණ්ඩාර) සහ මායාදුන්නේ (පසුව සීතාවක මායාදුන්නේ රජ) නම් වූහ. රජු දෙවන වරට විවාපත් වූ කිරිවැල්ලේ බිසව හට, ඇයගේ පළමු විවාහයෙන් දේවරාජා නම් පුතකු විය. ඔහුගේ දෙවන බිසවගේ ඉල්ලීම ප්‍රකාර, ඔටුන්න හිමි කුමරු බවට දේවරාජා නම් කෙරුමට පිය රජු විසින් තීරණය කර ඇති බව දැනගත් කුමරුවන් රජුට එදිරි වූහ. කුලියට ගත් විදේශිකයෙකු ලවා රජු මාලිගාව තුලදීම ඝාතනය කරවන ලදි. මෙම සිදුවීම හැඳින්වෙන්නේ විජයබා කොල්ලය යනුවෙනි.

රාජ්‍යය කාලය හා අරගල

මායාදුන්නේ විජයබා කොල්ලයේ ප්‍රධානත්වයක් ගනිමින් තම පියාට එරෙහිව ක්‍රියා කිරීමෙන් පසු බුවනෙකබාහු ඔහු කෙරෙහි සැක කිරීමට පටන්ගත් අතර 1517 දී කොළඹකොටුව තැනූ පෘතුගීසින් සමග සමීප සම්බන්ධතා පැවැත්වී ය. වැඩිකල් නොගොස් මායාදුන්නේ හට, බුවනෙකබාහු පෘතුගීසීන් සමග සහයෝගයෙන් ක්‍රිය කිරීම ගැන අප්‍රසාදය දැක්වූ මෙරට ප්‍රධානීන්ගේ හා ජනයාගන් විශාල ජනතා උපකාරයක් ලැබිණි. මායාදුන්නේ කෝට්ටේ රාජධානියට විරුද්ධව ආක්‍රමණ කීපයකටම නායකත්වය ලබාදුන්න ද බුවනෙකබාහු විසින් පෘතුගීසින්ගේ සහයෙන් සීතාවක සේනා නැවත සීතාවකට පලවා හරින ලදී. මෙම සටන්වල පළමු අවධියේ දී මායාදුන්නේ හට පෘතුගීසින්ට විරුද්ධ ඉන්දියාවේ කැලිකහි රාජධානියෙන් උපකාර ලැබිණි. මායාදුන්නේ දිනක තමන්ට අයත් ප්‍රදේශයට මහා තර්ජනයක් වන බව වටහාගත් පෘතුගීසින්ට ඔහුව මර දැමීමට උවමනා විය. එහෙත් බුවනෙකබාහු සීතාවකට එරෙහි ආක්‍රමණ මුළුමනින්ම හැසිරවීමට ඔවුන්ට ඉඩදුන්නේ නැත.

1538 දී සිදු වූ, රයිගම බණ්ඩාරගේ මරණයෙන් වසර කීපයකට පසුව මායාදුන්නේ රයිගම රාජධානියෙන් සීතාවකට ඈඳා ගන්නා ලදී. සීතාවක හා කෝට්ටේ අතර වේගයෙන් ගැටුම් ඇරඹුනේ මෙතැන් සිටය. මේ කාලයේ දී කෝට්ටේ සිටි දළදා වහන්සේ බාර වූ බෞද්ධ හිමිවරු පෘතුගීසින් බුදු දහමට විරුද්ධ බව වැටහුනු අවස්ථාවේදී දළදා වහන්සේ රහසිගතව සීතාවකට ගෙන ගොස් මායාදුන්නේගේ ආරක්ෂාව යටතේ තබන ලදී. දේශීය සම්ප්‍රදායට අනූව යම් පුද්ගලයෙක් අත දළදා වහන්සේගේ ස්වාමිත්වය ඇත්නම් ඔහුට ශ්‍රී ලංකාව තුළ සියලු රාජ්‍යයන්ට සිහසුනට අයිතිවාසිකමක් ඇත. මායාදුන්නේගේ ජනප්‍රසාදය ඉක්මනින් දේශය තුළ පැතිරී බුවනෙකබාහු රජුට ඇති ප්‍රසාදය තරමට ම වැඩී යත්ම බුවනෙකබාහු රජුටත් පසුව ධර්මපාල රජුටත් තවදුරටත් පෘතුගීසින්ගේ උදව් පිළිබඳ විශ්වාසය තැබීමට සිදු විය. මායාදුන්නේ කෝට්ටේට එරෙහිව නිතර නිතර කළ ආක්‍රමණ නිසා කෝට්ටේට අයත් වූ බොහෝ ප්‍රදේශ සීතාවකට ඈඳා ගැනීමට සිදු විය. පටන් කෝට්ටේට දේශීය උපකාර හිඟ වූ විට පෘතුගීසින් ඉබේම එහි ආරක්ෂකයන් වූහ. මෙයින් කෝට්ටේත් සීතාවකත් අතර වූ විරෝධය සීතාවක හා පෘතුගීසින් අතර විරෝධයක් බවට පත්විය.

සිංහල–පෘතුගීසි යුද්ධය හා මුල්ලේරියා සංග්‍රාමය

පෘතුගීසින් මෙරටින් ඉවත් කිරීමට උත්සහ ගත් මෙම සිංහල–පෘතුගීසි යුද්ධයේ මායාදුන්නේ හා සීතාවක රාජධානිය වැදගත් කොටසක් විය. මෙම කාලයේ දී යුරෝපා ජාතියක්, පෙරදිග දී ලැබූ දරුණුතම පරාජය මෙරටින් වාර්තා විය. මායාදුන්නේ හා ඔහුගේ පුත්‍රයා මුල්ලේරියා සංග්‍රාමයේ දී පෘතුගීසින්ට එරෙහිව සටන් කර ජය ගෙන, සීතාවක බලය එළිදරව් කළේය. ඒ අවස්ථාවේ පෘතුගීසින්ට ද විශාල අභියෝගයක් වන තරමටම ඔවුහු ශක්තිමත් ව සිටියහ. මුලු දිවයිනම පාලනය කිරීමට තිබූ අවස්ථාව පෘතුගීසින්ගෙන් ගිලිහී ගියේය.

මරණය හා දායාදය

තොරතුරුවලට අනුව ඔහු පෘතුගීසි ආක්‍රමණිකයන්ට එරෙහිව නැගී සිටි අතර මුලු දිවයිනම ජය ගෙන ඔවුන්ව වළක්වන ලදී. මායාදුන්නේ ශ්‍රී ලංකාවේ සිටි උසස්ම රජෙකු ලෙස සැලකේ. ඔහු දයාබර පියෙකු විය. ඔහුගේ පුත් පළවෙනි රාජසිංහ කුමරා හට රජකම ගැනීමට වුවමනා විය. එනිසා පියා මැරීමට තැත් කළේය. මායාදුන්නේ රජු ඊට පෙර පසු මාළිගය අත්හැර වනගත විය. වනයේදී විවිධ දුක් පීඩා විඳිමින් ඔහු මිය ගියේය. ඒ ඔහු ඔහුගේ පියා (සත්වන විජයබාහු රජු) මැරීමේ ප්‍රතිවිපාකයක් ලෙස එය සිදුවිය. 1581 දී මරණයට පත් වන විට වයස අවුරුදු 80 ක් විය.

maayaadhunnee raja

maayaadhunnee raja (kri.wa. 1501–1581) siithaawaka raajadhhaaniyee wasara 60k rajakam kala shrii lankaa rajeki. ohu pruthugiisi aakramanikayanta erehiwa dhaedi lesa satan kala athara dhiwayinee nidhahasa raeka gaeniimata siya jiiwithaya kaepa kaleeya.

maayaadhunnee raja

maayaadhunnee raja (1501–1581) siithaawaka raajadhhaaniyee, 1521 sita 1581 dhakwaa wasara 60 ka kaalayak rajakam kaleeya. maayaadhunnee 1505 dhii meratata paemini pruthugiisi jaathikayangee saedaparusha sathurek wiya. ohu thama jiiwithayama kaepakarana ladhdhee thama soyuru buwanekabaahu, hewath koottee raajadhhaaniyee raja balayen paha kara eyin pruthugiisi kumanthrana nisaa piidaawata pathwa thibuu shrii lankaawee nidhahasa raekagaeniimata ya. ohu nithara thama soyuraa wuu buwanekabaahugee raajyayata aakramana ella karana ladhii.

pera jiiwithaya

maayaadhunnee upatha ladhdhee 1501 dhii koottee raajadhhaaniyee pihiti koottee nagarayee dhii ya. ohu 1509 sita 1521 thek koottee raja kala sathwana wijayabaahugee puthrayaaya. maayaadhunnee sathwana wijayabaahugee haa ohugee aga bisawagee baala puthu wiya. buwanekabaahu haa rayigama bandaara ohugee soyuran wiya. buwanekabaahu 1521 sita 1551 dhakwaa koottee raajadhhaaniyee rajakam kaleeya.

wijayabaa kollaya

wijayabaa kollaya yanu 1521 dhii sidhuwuu aithihaasika sidhdhhiyak wana athara ehidhii koottee rajugee (sathwana wijayabaahu raja) puthun thidhena owungee piya rajuta erehiwa kaerali gasamin thama piyaa maraa dhamaa raajadhhaaniya thaman atharehi bedhaa gathha. sathwana wijayabaahu raja hata ohugee palamu wiwaahayen puthun thidheneku wuu athara owuhuu buwanekabaahu (pasuwa koottee hathwana buwanekabaahu raja ), pararaajasinha (pasuwa rayigama bandaara) saha maayaadhunnee (pasuwa siithaawaka maayaadhunnee raja) nam wuuha. raju dhewana warata wiwaapath wuu kiriwaellee bisawa hata, aeyagee palamu wiwaahayen dheewaraajaa nam puthaku wiya. ohugee dhewana bisawagee illiima prakaara, otunna himi kumaru bawata dheewaraajaa nam kerumata piya raju wisin thiiranaya kara aethi bawa dhaenagath kumaruwan rajuta edhiri wuuha. kuliyata gath widheeshikayeku lawaa raju maaligaawa thuladhiima ghaathanaya karawana ladhi. mema sidhuwiima haendinwennee wijayabaa kollaya yanuweni.

raajyaya kaalaya haa aragala

maayaadhunnee wijayabaa kollayee pradhhaanathwayak ganimin thama piyaata erehiwa kriyaa kiriimen pasu buwanekabaahu ohu kerehi saeka kiriimata patangath athara 1517 dhii kolambakotuwa thaenuu pruthugiisin samaga samiipa sambandhhathaa paewaethwii ya. waedikal nogos maayaadhunnee hata, buwanekabaahu pruthugiisiin samaga sahayoogayen kriya kiriima gaena aprasaadhaya dhaekwuu merata pradhhaaniingee haa janayaagan wishaala janathaa upakaarayak laebini. maayaadhunnee koottee raajadhhaaniyata wirudhdhhawa aakramana kiipayakatama naayakathwaya labaadhunna dha buwanekabaahu wisin pruthugiisingee sahayen siithaawaka seenaa naewatha siithaawakata palawaa harina ladhii. mema satanwala palamu awadhhiyee dhii maayaadhunnee hata pruthugiisinta wirudhdhha indhiyaawee kaelikahi raajadhhaaniyen upakaara laebini. maayaadhunnee dhinaka thamanta ayath pradheeshayata mahaa tharjanayak wana bawa watahaagath pruthugiisinta ohuwa mara dhaemiimata uwamanaa wiya. eheth buwanekabaahu siithaawakata erehi aakramana mulumaninma haesirawiimata owunta idadhunnee naetha.

1538 dhii sidhu wuu, rayigama bandaaragee maranayen wasara kiipayakata pasuwa maayaadhunnee rayigama raajadhhaaniyen siithaawakata aendaa gannaa ladhii. siithaawaka haa koottee athara weegayen gaetum aerambunee methaen sitaya. mee kaalayee dhii koottee siti dhaladhaa wahansee baara wuu baudhdhha himiwaru pruthugiisin budhu dhahamata wirudhdhha bawa waetahunu awasthhaaweedhii dhaladhaa wahansee rahasigathawa siithaawakata gena gos maayaadhunneegee aarakshaawa yatathee thabana ladhii. dheeshiiya sampradhaayata anuuwa yam pudhgalayek atha dhaladhaa wahanseegee swaamithwaya aethnam ohuta shrii lankaawa thula siyalu raajyayanta sihasunata ayithiwaasikamak aetha. maayaadhunneegee janaprasaadhaya ikmanin dheeshaya thula paethirii buwanekabaahu rajuta aethi prasaadhaya tharamata ma waedii yathma buwanekabaahu rajutath pasuwa dhharmapaala rajutath thawadhuratath pruthugiisingee udhaw pilibanda wishwaasaya thaebiimata sidhu wiya. maayaadhunnee kootteeta erehiwa nithara nithara kala aakramana nisaa kootteeta ayath wuu bohoo pradheesha siithaawakata aendaa gaeniimata sidhu wiya. patan kootteeta dheeshiiya upakaara hinga wuu wita pruthugiisin ibeema ehi aarakshakayan wuuha. meyin kootteeth siithaawakath athara wuu wiroodhhaya siithaawaka haa pruthugiisin athara wiroodhhayak bawata pathwiya.

sinhala–pruthugiisi yudhdhhaya haa mulleeriyaa sangraamaya

pruthugiisin meratin iwath kiriimata uthsaha gath mema sinhala–pruthugiisi yudhdhhayee maayaadhunnee haa siithaawaka raajadhhaaniya waedhagath kotasak wiya. mema kaalayee dhii yuroopaa jaathiyak, peradhiga dhii laebuu dharunuthama paraajaya meratin waarthaa wiya. maayaadhunnee haa ohugee puthrayaa mulleeriyaa sangraamayee dhii pruthugiisinta erehiwa satan kara jaya gena, siithaawaka balaya elidharaw kaleeya. ee awasthhaawee pruthugiisinta dha wishaala abhiyoogayak wana tharamatama owuhu shakthimath wa sitiyaha. mulu dhiwayinama paalanaya kiriimata thibuu awasthhaawa pruthugiisingen gilihii giyeeya.

maranaya haa dhaayaadhaya

thorathuruwalata anuwa ohu pruthugiisi aakramanikayanta erehiwa naegii siti athara mulu dhiwayinama jaya gena owunwa walakwana ladhii. maayaadhunnee shrii lankaawee siti usasma rajeku lesa saelakee. ohu dhayaabara piyeku wiya. ohugee puth palaweni raajasinha kumaraa hata rajakama gaeniimata wuwamanaa wiya. enisaa piyaa maeriimata thaeth kaleeya. maayaadhunnee raju iita pera pasu maaligaya athhaera wanagatha wiya. wanayeedhii wiwidhha dhuk piidaa windimin ohu miya giyeeya. ee ohu ohugee piyaa (sathwana wijayabaahu raju) maeriimee prathiwipaakayak lesa eya sidhuwiya. 1581 dhii maranayata path wana wita wayasa awurudhu 80 k wiya.