මායාදුන්නේ රජු
සීතාවක රාජ්‍ය කාලය: ක්‍රි.ව. 1521-1581

මායාදුන්නේ රජු

සීතාවක රාජධානිය ආරම්භ කිරීම හා පෘතුගීසීන්ට එරෙහිව සටන් කිරීමේ පුරෝගාමියා වූ දක්ෂ රණශූර පාලකයාය. කෝට්ටේ රාජධානියෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් ලෙස සීතාවක ස්ථාපිත කරමින් දිවයිනේ දේශපාලනයට නව මගක් විවෘත කළේය.

ප්‍රධාන ජයග්‍රහණ

  • සීතාවක රාජධානිය පිහිටුවීම.
  • පෘතුගීසීන්ට එරෙහිව දරුණු ප්‍රතිරෝධයක් දැක්වීම.
  • කෝට්ටේ රාජධානියට එරෙහිව බලය ව්‍යාප්ත කිරීම.
  • රයිගම රාජධානිය සීතාවකට ඈඳා ගැනීම.
  • දිවයිනේ සැලකිය යුතු ප්‍රදේශයක සිය ආධිපත්‍යය පැතිරවීම.

මායාදුන්නේ රජු, ශ්‍රී ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන රණශූර පාලකයෙකි. 16 වන සියවසේ මුල් භාගයේ කෝට්ටේ රාජධානියේ බිඳවැටීමෙන් පසු බිහිවූ සීතාවක රාජධානියේ ප්‍රථම පාලකයා වූයේ ඔහුය. පෘතුගීසි ආක්‍රමණවලට එරෙහිව දැඩි ප්‍රතිරෝධයක් දක්වමින් දේශීය ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මායාදුන්නේ රජු විශාල මෙහෙවරක් කළේය. ඔහුගේ පාලන සමය සීතාවක රාජධානියේ නැගීම සහ දිවයිනේ දේශපාලන බල තුලනයේ විශාල වෙනස්කම් ඇති කළ කාල පරිච්ඡේදයකි.

මුල් කාලීන ජීවිතය සහ සිහසුනට පත්වීම

15 වන සියවසේ මුල් කාලයෙහිදී කෝට්ටේ රාජධානිය හයවන පරාක්‍රමබාහු රජු යටතේ බස්නාහිර ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලයක්ව පැවතුණි. කෙසේ වෙතත්, 1505 වසරෙහිදී පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමත්, 1518 වන විට ඔවුන් කොළඹ බලකොටුවක් තැනීම ඇරඹීමත් සමගම දේශපාලන තත්ත්වය උග්‍ර විය.

කෝට්ටේ හත්වන විජයබාහු රජුගේ (1509–1521) පුතුන් තිදෙනා විසින් 1521 වසරෙහි දියත් කෙරුණු මාළිගා කුමන්ත්‍රණයක් වූ “විජයබා කොල්ලය” තුලදී රජු බලයෙන් පහ කෙරිණි. දේවරාජා හට සිහසුන ලබා දීම වැළැක්වීම සඳහා සිදුකල මෙම කුමන්ත්‍රණයෙන් පසු, වැඩිමහල්ලා සත්වන බුවනෙකබාහු ලෙසින් සිංහාසනාරූඨ විය. අනෙකුත් පුතුන් දෙදෙනා වූ මායාදුන්නේ සහ පරරාජසිංහ (රයිගම් බණ්ඩාර) කෝට්ටේ රාජධානිය කොටස් කර ගත්හ. ඒ අනුව, මායාදුන්නේ සීතාවක පාලනය ආරම්භ කළ අතර, පරරාජසිංහ රයිගම රාජධානිය පාලනය කළේය. මෙලෙස 1521 වසරේදී සීතාවක රාජධානිය ආරම්භ විය.

මුලදී සීතාවක රාජධානියට අයත් වූයේ කොස්ගම, රුවන්වැල්ල, යටියන්තොට, හංවැල්ල, පාදුක්ක, ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශ වලින් සමන්විත සාපේක්ෂ වශයෙන් කුඩා භූමි ප්‍රදේශයකි. අගනගරය වූ අවිස්සාවේල්ල, කඳු සහිත ප්‍රදේශයක පිහිටා තිබුණි.

සීතාවක රාජධානියේ නැගීම

සිහසුනට පත්වීමෙන් පසු මායාදුන්නේ රජු කෝට්ටේ රාජධානියේ සහ පෘතුගීසීන්ගේ ආධිපත්‍යයට දැඩි ලෙස අභියෝග කළේය. 1537 වසරෙහිදී ඔහු කෝට්ටේ අත්පත් කරගැනුමට උත්සාහ කළද, කොළඹ පෘතුගීසි කපිතාන්-ජනරාල් අෆෝන්සො ඩි සූසා යටතේ වූ හමුදාවන් විසින් මායාදුන්නේගේ හමුදා පරාජය කරන ලදී. මායාදුන්නේගේ සහාය සඳහා කැලිකට් වෙතින් එවුණු නැව් හමුදාව ද පෘතුගීසින් විසින් වෙඩාලායි හිදී පරාජය කෙරිණි.

මෙම ගැටුමට පසුව, සීතාවක සහ කෝට්ටේ අතර තාවකාලික සටන් විරාමයකට එකඟතාවයක් ඇතිවිය. මායාදුන්නේ රජුගේ ඊළඟ අවධානය යොමු වූයේ දකුණු දිග පිහිටි රයිගම රාජධානිය වෙතය. 1538 වසරෙහිදී රයිගම් බණ්ඩාරගේ (පරරාජසිංහ) මරණයෙන් පසු, මායාදුන්නේ රජු රයිගම රාජධානිය සීතාවකට ඈඳා ගත්තේය. මෙය සීතාවක රාජධානියේ භෞමික ව්‍යාප්තියෙහි වැදගත් පියවරක් විය.

පෘතුගීසීන් හා කෝට්ටේ සමග ගැටුම්

මායාදුන්නේ රජුගේ පාලන සමය තුළ පෘතුගීසීන්ට සහ කෝට්ටේ රාජධානියට එරෙහිව තවත් ආක්‍රමණ කිහිපයක් සිදු විය. 1539 වසරෙහිදී කෝට්ටේ ආක්‍රමණය කිරීමට ගත් උත්සාහය, කොළඹ නව පෘතුගීසි කපිතාන්-ජනරාල් මිගුයෙල් ෆෙරෙයිරා විසින් සංවිධානය කෙරුණු ප්‍රතිප්‍රහාර හමුවේ ව්‍යර්ථ විය. මෙම අවස්ථාවේදී කැලිකට් විසින් යළිත් සීතාවක වෙත හමුදා සහ ආයුධ සපයන ලදි. නමුත් පරාජයෙන් පසු, කැලිකට් ජනරාල්වරුන් දෙදෙනෙකු පෘතුගීසින් වෙත බාර දීමත් සමගින්, කැලිකට් සහ සීතාවක අතර පැවති සන්ධානය නිමාවට පත් විය.

1543 වසරෙහිදී කෝට්ටේ බුවනෙකබාහු රජු විසින් ඔහුගේ මුණුපුරු ධර්මපාල සිය අනුප්‍රාප්තිකයා ලෙසින් නම් කිරීම, මායාදුන්නේ රජු තවත් ආක්‍රමණයක් සඳහා පොළඹවන ලදි. කෙසේ වෙතත්, නව කපිතාන්-ජෙනරාල් අන්ටෝනියෝ බැරෙටෝ ගේ විධාන යටතේ වූ පෘතුගීසි හමුදාවන්ගේ සහය සමගින් මායාදුන්නේගේ හමුදා පරාජය කෙරිණි.

1550 වසරෙහිදී පෘතුගීසි ප්‍රතිරාජ ඇෆොන්සෝ ඩි නොරොඤ්ඤා සහ සොල්දාදුවන් 500 ක බලකාය පැමිණීමත් සමගම කෝට්ටේ අභ්‍යන්තර දේශපාලනය වෙත පෘතුගීසි ඇඟිලි ගැසීම තවදුරටත් උත්සන්න විය. එම වසරෙහි පසු කාලයෙහිදී පෘතුගීසින් විසින් සීතාවක නගරය කොල්ල කෑවද එය දිගටම අල්ලාගෙන සිටීමට අපොහොසත් විය.

උරුමය

මායාදුන්නේ රජු ක්‍රි.ව. 1581 දී මිය යන තෙක්ම සීතාවක පාලනය කළ අතර, ඔහුගේ පුත් පළමුවන රාජසිංහ රජු විසින් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සිහසුනට පත් විය. මායාදුන්නේ රජුගේ පාලන සමය, පෘතුගීසීන්ට එරෙහිව දේශීය ප්‍රතිරෝධයේ සංකේතයක් වූ අතර, ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

maayaadhunnee raju

siithaawaka raajadhhaaniya aarambha kiriima haa pruthugiisiinta erehiwa satan kiriimee puroogaamiyaa wuu dhaksha ranashuura paalakayaaya. koottee raajadhhaaniyen wenwii swaadhhiina raajyayak lesa siithaawaka sthhaapitha karamin dhiwayinee dheeshapaalanayata nawa magak wiwrutha kaleeya.

maayaadhunnee raju, shrii lankaa ithihaasayee kaepii penena ranashuura paalakayeki. 16 wana siyawasee mul bhaagayee koottee raajadhhaaniyee bindawaetiimen pasu bihiwuu siithaawaka raajadhhaaniyee prathhama paalakayaa wuuyee ohuya. pruthugiisi aakramanawalata erehiwa dhaedi prathiroodhhayak dhakwamin dheeshiiya swaadhhiinathwaya aarakshaa kiriimata maayaadhunnee raju wishaala mehewarak kaleeya. ohugee paalana samaya siithaawaka raajadhhaaniyee naegiima saha dhiwayinee dheeshapaalana bala thulanayee wishaala wenaskam aethi kala kaala parichchheedhayaki.

mul kaaliina jiiwithaya saha sihasunata pathwiima

15 wana siyawasee mul kaalayehidhii koottee raajadhhaaniya hayawana paraakramabaahu raju yatathee basnaahira shrii lankaawee pradhhaana balayakwa paewathuni. kesee wethath, 1505 wasarehidhii pruthugiisiin shrii lankaawata paeminiimath, 1518 wana wita owun kolamba balakotuwak thaeniima aerambiimath samagama dheeshapaalana thaththwaya ugra wiya.

koottee hathwana wijayabaahu rajugee (1509–1521) puthun thidhenaa wisin 1521 wasarehi dhiyath kerunu maaligaa kumanthranayak wuu "wijayabaa kollaya" thuladhii raju balayen paha kerini. dheewaraajaa hata sihasuna labaa dhiima waelaekwiima sandahaa sidhukala mema kumanthranayen pasu, waedimahallaa sathwana buwanekabaahu lesin sinhaasanaaruutta wiya. anekuth puthun dhedhenaa wuu maayaadhunnee saha pararaajasinha (rayigam bandaara) koottee raajadhhaaniya kotas kara gathha. ee anuwa, maayaadhunnee siithaawaka paalanaya aarambha kala athara, pararaajasinha rayigama raajadhhaaniya paalanaya kaleeya. melesa 1521 wasareedhii siithaawaka raajadhhaaniya aarambha wiya.

muladhii siithaawaka raajadhhaaniyata ayath wuuyee kosgama, ruwanwaella, yatiyanthota, hanwaella, paadhukka, aehaeliyagoda, kuruwita saha rathnapura yana pradheesha walin samanwitha saapeeksha washayen kudaa bhuumi pradheeshayaki. aganagaraya wuu awissaaweella, kandu sahitha pradheeshayaka pihitaa thibuni.

siithaawaka raajadhhaaniyee naegiima

sihasunata pathwiimen pasu maayaadhunnee raju koottee raajadhhaaniyee saha pruthugiisiingee aadhhipathyayata dhaedi lesa abhiyooga kaleeya. 1537 wasarehidhii ohu koottee athpath karagaenumata uthsaaha kaladha, kolamba pruthugiisi kapithaan-janaraal afoonso di suusaa yatathee wuu hamudhaawan wisin maayaadhunneegee hamudhaa paraajaya karana ladhii. maayaadhunneegee sahaaya sandahaa kaelikat wethin ewunu naew hamudhaawa dha pruthugiisin wisin wedaalaayi hidhii paraajaya kerini.

mema gaetumata pasuwa, siithaawaka saha koottee athara thaawakaalika satan wiraamayakata ekangathaawayak aethiwiya. maayaadhunnee rajugee iilanga awadhhaanaya yomu wuuyee dhakunu dhiga pihiti rayigama raajadhhaaniya wethaya. 1538 wasarehidhii rayigam bandaaragee (pararaajasinha) maranayen pasu, maayaadhunnee raju rayigama raajadhhaaniya siithaawakata aendaa gaththeeya. meya siithaawaka raajadhhaaniyee bhaumika wyaapthiyehi waedhagath piyawarak wiya.

pruthugiisiin haa koottee samaga gaetum

maayaadhunnee rajugee paalana samaya thula pruthugiisiinta saha koottee raajadhhaaniyata erehiwa thawath aakramana kihipayak sidhu wiya. 1539 wasarehidhii koottee aakramanaya kiriimata gath uthsaahaya, kolamba nawa pruthugiisi kapithaan-janaraal miguyel fereyiraa wisin sanwidhhaanaya kerunu prathiprahaara hamuwee wyarthha wiya. mema awasthhaaweedhii kaelikat wisin yalith siithaawaka wetha hamudhaa saha aayudhha sapayana ladhi. namuth paraajayen pasu, kaelikat janaraalwarun dhedheneku pruthugiisin wetha baara dhiimath samagin, kaelikat saha siithaawaka athara paewathi sandhhaanaya nimaawata path wiya.

1543 wasarehidhii koottee buwanekabaahu raju wisin ohugee munupuru dhharmapaala siya anupraapthikayaa lesin nam kiriima, maayaadhunnee raju thawath aakramanayak sandahaa polambawana ladhi. kesee wethath, nawa kapithaan-jenaraal antooniyoo baeretoo gee widhhaana yatathee wuu pruthugiisi hamudhaawangee sahaya samagin maayaadhunneegee hamudhaa paraajaya kerini.

1550 wasarehidhii pruthugiisi prathiraaja aefonsoo di noronnaa saha soldhaadhuwan 500 ka balakaaya paeminiimath samagama koottee abhyanthara dheeshapaalanaya wetha pruthugiisi aengili gaesiima thawadhuratath uthsanna wiya. ema wasarehi pasu kaalayehidhii pruthugiisin wisin siithaawaka nagaraya kolla kaewadha eya dhigatama allaagena sitiimata apohosath wiya.

urumaya

maayaadhunnee raju kri.wa. 1581 dhii miya yana thekma siithaawaka paalanaya kala athara, ohugee puth palamuwana raajasinha raju wisin ohugee anupraapthikayaa lesa sihasunata path wiya. maayaadhunnee rajugee paalana samaya, pruthugiisiinta erehiwa dheeshiiya prathiroodhhayee sankeethayak wuu athara, shrii lankaawee madhhyakaaliina ithihaasayee waedhagath sandhhisthhaanayak sanituhan kaleeya.