කීර්ති ශ්‍රී රාජසිංහ රජු
මදුරෙයි නායක්කර් රාජවංශය රාජ්‍ය කාලය: ක්‍රි.ව. 1751-1782

කීර්ති ශ්‍රී රාජසිංහ රජු

විජයරාජසිංහ රජුගේ මස්සිනා වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු, මදුරෙයි නායක්කර් රාජවංශයේ දෙවැන්නා ලෙස ක්‍රි.ව. 1751 දී සිහසුනට පත් විය. ඔහු බුදුදහම, සාහිත්‍යය හා ලන්දේසීන් සමඟ කළ සටන්වලින් ඉතිහාසයට එක් විය.

ප්‍රධාන ජයග්‍රහණ

  • සියමෙන් භික්ෂූන් වහන්සේලා ගෙන්වා සියම් නිකාය ආරම්භ කිරීම.
  • මහනුවර රජමහා විහාරය (ගංගාරාමය) තැනවීම සහ දළදා මාලිගාවේ ඇතුළු විහාරයක් ඉදිකිරීම.
  • මහාවංශයේ විස්තරය සිව්වැනි වික්‍රමබාහු රජුගේ සිට ඔහුගේ රාජ්‍ය කාලය දක්වා සම්පූර්ණ කිරිම.
  • දළදා පෙරහරට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සතර මහා දේවාල පෙරහැර එක් කිරීම.
  • ලන්දේසීන්ට එරෙහිව සටන් කර මාතර, කටුවන ඇතුළු බලකොටු විනාශ කිරීම.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු

හැඳින්වීම

කීර්ති ශ්‍රී රාජසිංහ රජු විජයරාජසිංහ රජුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා විය. ඔහු ‘මදුරෙයි’ නගරයෙන් පැමිණි අතර, සිය මස්සිනාගෙන් පසු සිහසුනට පත්වූ තවත් මස්සිනා කෙනෙකු ලෙස සැලකේ. දකුණු ඉන්දීය රජ පෙළපතේ දෙවැන්නා වූ මොහු, ක්‍රි.ව. 1751 වසරේදී සියුමැලි තරුණයකු ලෙස රජකමට පත් විය.

ආගමික හා සාහිත්‍යමය සේවාවන්

ඔහුගේ පාලන සමයේ මුල් කාලය ප්‍රධාන වශයෙන් සාහිත්‍යය සහ ආගමික කටයුතුවල අභිවෘද්ධිය පිණිස කැප විය.

  • සියම් නිකාය ඇරඹීම: ලන්දේසීන්ගේ ද සහයෝගය ලබාගෙන බුද්ධාගමේ දියුණුව සඳහා සියමෙන් (තායිලන්තයෙන්) භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගත්තේය. මෙමගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ නිකායන්ගෙන් එකක් වන සියම් නිකාය ආරම්භ විය. සියම් නිකායට අනුව සඟරාජ පදවිය සරණංකර හිමියන්ට පිරිනමන ලදී.
  • විහාර ඉදිකිරීම්: මහනුවර රජමහා විහාරය (ගංගාරාමය) ඉදිකරවන ලදී. එමෙන්ම, දන්ත ධාතුන් වහන්සේ උදෙසා දැනට දක්නට ලැබෙන ඇතුළු විහාරයක් ද තැනවූයේය.
  • මහාවංශය සම්පූර්ණ කිරීම: සිව්වැනි වික්‍රමබාහු රජුගේ සිට ඔහුගේ රාජ්‍ය කාලය දක්වා මහාවංශයේ විස්තරය සම්පූර්ණ කිරිමට කටයුතු යෙදවීය.
  • දළදා පෙරහර සංවර්ධනය: දළදා පෙරහරට නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාල පෙරහැර එක් කිරීම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ තවත් සුවිශේෂී සේවාවකි.

ලන්දේසීන් සමඟ ගැටුම්

රජුගේ පාලන සමය ලන්දේසි බලපෑමට එරෙහිව සටන් කළ යුගයක් විය.

ලන්දේසි බලකොටුවලට පහර දීම

ක්‍රි.ව. 1761 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මාතර, කටුවන, තංගල්ල, මාරකඩේ සහ ඌරුබොක්ක වැනි ස්ථානවල පිහිටි ලන්දේසි බලකොටු සහ මුර පලවල්වලට පහර දී ඒවා විනාශ කොට ලන්දේසීන් ඝාතනය කළේය. යටත් වූ අය සිරගත කරන ලදී.

ලන්දේසීන්ගේ ප්‍රතිප්‍රහාර

මෙම ක්‍රියාවට පළිගැනීමක් වශයෙන්, නව ආණ්ඩුකාරයා ලෙස පත් වී පැමිණි වැන් එක්, මහනුවරට පහර දීම සඳහා කඩිනමින් සැලසුම් කළේය. එහෙත් ආරක්ෂක උපක්‍රම සහ සේනාවන්ගේ දුර්වලත්වය හේතුවෙන් ඔහුගේ ආක්‍රමණය සාර්ථක නොවීය. කෙසේවෙතත්, ලන්දේසීහු නැවතත් ක්‍රි.ව. 1764 දී සහ 1765 දී මහනුවරට පහර දුන්හ.

සාම සාකච්ඡා සහ බ්‍රිතාන්‍ය සහය අපේක්ෂා කිරීම

ක්‍රි.ව. 1763 වර්ෂයේ මුලදී ලන්දේසීහු තමන්ගේ බලය තහවුරුකර ගැනීමේ පමණක් යෙදී සිටි අතර, ඔවුන් යටත් කර ගත් ප්‍රදේශවලින් උඩරට වැසියන් ක්‍රමයෙන් පලවා හරිමින් සිටියහ. ක්‍රි.ව. 1763 වර්ෂය පුරා දිගටම සාමය අපේක්ෂා කරමින් රජතුමා සිය නියෝජිතයින් ලන්දේසීන් වෙත යැව්වේ කොන්දේසි සාකච්ඡා කිරීම සඳහාය.

ලන්දේසි ආණ්ඩුකාරයා බලාපොරොත්තු වූයේ රජු විසින් තුන් කෝරළය, හතර කෝරළය සහ හත් කෝරළය මෙන්ම පුත්තලම ද පවරා දී මුහුදුබඩ පෙදෙස් සම්පූර්ණයෙන්ම භාර දෙනු ඇත කියාය. එහෙත් රජතුමා මෙම ඉල්ලීම්වලට එකඟ කරවා ගත නොහැකි විය. ඔහුගේ රාජ්‍යයේ ස්වාධීනත්වයට හානිවන කිසිවක් කිරීමට රජු එකඟ නොවීය. රජු හිතාමතාම එකඟත්වයට පැමිණීම ප්‍රමාද කළේ, මදුරාසියේ සිටි ඉංග්‍රීසීන්ගේ උදව් ලැබේ යැයි බලාපොරොත්තුවෙනි. ක්‍රි.ව. 1762 දී ඔහු ඒ සම්බන්ධයෙන් ජෝන් පයිබස් සමග සාකච්ඡා සහ අදහස් හුවමාරු කරගෙන තිබුණේය.

kiirthi shrii raajasinha raju

wijayaraajasinha rajugee massinaa wuu kiirthi shrii raajasinha raju, madhureyi naayakkar raajawanshayee dhewaennaa lesa kri.wa. 1751 dhii sihasunata path wiya. ohu budhudhahama, saahithyaya haa landheesiin samanga kala satanwalin ithihaasayata ek wiya.

kiirthi shrii raajasinha raju

haendinwiima

kiirthi shrii raajasinha raju wijayaraajasinha rajugee birindagee waedimahal sahoodharayaa wiya. ohu 'madhureyi' nagarayen paemini athara, siya massinaagen pasu sihasunata pathwuu thawath massinaa keneku lesa saelakee. dhakunu indhiiya raja pelapathee dhewaennaa wuu mohu, kri.wa. 1751 wasareedhii siyumaeli tharunayaku lesa rajakamata path wiya.

aagamika haa saahithyamaya seewaawan

ohugee paalana samayee mul kaalaya pradhhaana washayen saahithyaya saha aagamika katayuthuwala abhiwrudhdhhiya pinisa kaepa wiya.

  • siyam nikaaya aerambiima: landheesiingee dha sahayoogaya labaagena budhdhhaagamee dhiyunuwa sandahaa siyamen (thaayilanthayen) bhikshuun wahanseelaa genwaa gaththeeya. memagin shrii lankaawee pradhhaana baudhdhha nikaayangen ekak wana siyam nikaaya aarambha wiya. siyam nikaayata anuwa sangaraaja padhawiya saranankara himiyanta pirinamana ladhii.
  • wihaara idhikiriim: mahanuwara rajamahaa wihaaraya (gangaaraamaya) idhikarawana ladhii. emenma, dhantha dhhaathun wahansee udhesaa dhaenata dhaknata laebena aethulu wihaarayak dha thaenawuuyeeya.
  • mahaawanshaya sampuurna kiriima: siwwaeni wikramabaahu rajugee sita ohugee raajya kaalaya dhakwaa mahaawanshayee wistharaya sampuurna kirimata katayuthu yedhawiiya.
  • dhaladhaa perahara sanwardhhanaya: dhaladhaa peraharata naathha, wishnu, katharagama saha paththini yana sathara mahaa dheewaala perahaera ek kiriima kiirthi shrii raajasinha rajugee thawath suwisheeshii seewaawaki.

landheesiin samanga gaetum

rajugee paalana samaya landheesi balapaemata erehiwa satan kala yugayak wiya.

landheesi balakotuwalata pahara dhiima

kri.wa. 1761 dhii kiirthi shrii raajasinha rajathumaa maathara, katuwana, thangalla, maarakadee saha uurubokka waeni sthhaanawala pihiti landheesi balakotu saha mura palawalwalata pahara dhii eewaa winaasha kota landheesiin ghaathanaya kaleeya. yatath wuu aya siragatha karana ladhii.

landheesiingee prathiprahaara

mema kriyaawata paligaeniimak washayen, nawa aandukaarayaa lesa path wii paemini waen ek, mahanuwarata pahara dhiima sandahaa kadinamin saelasum kaleeya. eheth aarakshaka upakrama saha seenaawangee dhurwalathwaya heethuwen ohugee aakramanaya saarthhaka nowiiya. keseewethath, landheesiihu naewathath kri.wa. 1764 dhii saha 1765 dhii mahanuwarata pahara dhunha.

saama saakachchhaa saha brithaanya sahaya apeekshaa kiriima

kri.wa. 1763 warshayee muladhii landheesiihu thamangee balaya thahawurukara gaeniimee pamanak yedhii siti athara, owun yatath kara gath pradheeshawalin udarata waesiyan kramayen palawaa harimin sitiyaha. kri.wa. 1763 warshaya puraa dhigatama saamaya apeekshaa karamin rajathumaa siya niyoojithayin landheesiin wetha yaewwee kondheesi saakachchhaa kiriima sandahaaya.

landheesi aandukaarayaa balaaporoththu wuuyee raju wisin thun kooralaya, hathara kooralaya saha hath kooralaya menma puththalama dha pawaraa dhii muhudhubada pedhes sampuurnayenma bhaara dhenu aetha kiyaaya. eheth rajathumaa mema illiimwalata ekanga karawaa gatha nohaeki wiya. ohugee raajyayee swaadhhiinathwayata haaniwana kisiwak kiriimata raju ekanga nowiiya. raju hithaamathaama ekangathwayata paeminiima pramaadha kalee, madhuraasiyee siti ingriisiingee udhaw laebee yaeyi balaaporoththuweni. kri.wa. 1762 dhii ohu ee sambandhhayen joon payibas samaga saakachchhaa saha adhahas huwamaaru karagena thibuneeya.