ගෝඨාභය රජ
මාගම රුහුණු රාජධානිය රාජ්‍ය කාලය: ක්‍රි.පූ. 205-161

ගෝඨාභය රජ

ගෝඨාභය රජුගේ අභාවයෙන් පසු මාගම රාජ්‍යත්වයට පත් ඔහුගේ පුත් කාවන්තිස්ස රජු, එලාර රජුගෙන් එල්ල විය හැකි තර්ජනවලට මුහුණ දීම සඳහා රාජ්‍යය ශක්තිමත් කළ අතර වෙහෙර විහාර 64ක් ඉදිකරමින් ශාසනික හා ආර්ථික දියුණුවක් ඇති කළේය.

ප්‍රධාන ජයග්‍රහණ

  • යුද හමුදාව ශක්තිමත් කර දේශසීමා ආරක්ෂා කිරීම
  • ආහාර හිඟය වැලැක්වීම සඳහා ගොවිතැන් කටයුතු දියුණු කිරීම
  • වෙහෙර විහාර 64ක් ඉදිකිරීම සහ කැළණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම
  • රුහුණ මුළුමනින්ම පාහේ එක්සත් කර ශාසනික හා ආර්ථික දියුණුවක් ඇති කිරීම

ගෝඨාභය රජුගේ අභාවයෙන් පසු මාගම රාජ්‍යත්වයට පත් වුයේ ඔහුගේ පුත් කාකවණ්ණතිස්ස හෙවත් කාවන්තිස්ස කුමරුය. ගෝඨාභය රජුගේ කාලයේ පටන්ම රුහුණ මුළුමුනින්ම පාහේ එක්සත්ව පැවතිණි. කාවන්තිස්ස රජුගේ පාලන සමයේදී අනුරාධපුර එලාර රජුගෙන් එල්ලවිය හැකිව තිබූ තර්ජන පිළිබඳව ඔහු මුලසිටම අවධානයෙන් පසුවිය.

එළාර තර්ජනයට මුහුණදීම

එලාර රජු අනුරාධපුරය ආක්‍රමණය කරනු ලැබුවේ කාවන්තිස්ස රජු රාජ්‍යයට පත්වී අවුරුද්දකට පමණ පසුවය. මේ වන විට රුහුණු රටට අයත්ව පැවති යොම නුවර, සේරු නුවර, ලෝන නුවර යන ප්‍රදේශ තුන පිළිවලින් අභය, සිව හා මහා නාග යන ප්‍රාදේශීය පාලකයන් තිදෙනෙකු යටතේ පාලනය විය. එලාර රජුගෙන් එල්ල විය හැකි තර්ජන පිළිබඳව කාවන්තිස්ස රජු මුල සිටම අවධානය යොමු කළ අතර, එයට මුහුණදීම සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීය.

රාජ්‍ය ආරක්ෂක විධිවිධාන

මහා වංශයේ සඳහන් වන පරිදි, රජු මුලින්ම කළේ තමාගේ යුද හමුදාව ශක්තිමත් කිරීම හා රුහුණේ දේශසීමාව යුද හමුදාව ලවා ආරක්ෂා කිරීමයි. රජුගේ බාල පුත්‍රයා වූ සද්ධාතිස්ස කුමරු බල වාහන සහිතව දිගා වැව ප්‍රදේශයේ ආරක්ෂාව සැපයීම සඳහා යවන ලදී. එසේම, රජුගේ වෙනත් බිසවකගේ පුත්‍රයකු වූ දීඝභය නම් කුමරුකු මාගමේ කසාතොට රැකවලේ යෙදවූ බව ද වංශකතාවල සඳහන් වේ.

කෘෂිකර්මාන්තය දියුණු කිරීම

එළාර රජුගෙන් ආක්‍රමණයක් එල්ල වී යුද්ධයක් ඇති වුවහොත් යුද්ධ කාලයේ දී ආහාර හිඟය ඇතිවීම වැලැක්වීම සඳහා රජු ඊළඟට කළේ ගොවිතැන් කටයුතු දියුණු කිරීමයි. මෙය ඔහුගේ දූරදර්ශී පාලනයට කදිම නිදසුනකි.

අනුප්‍රාප්තික සැලසුම් සහ පුතුන්

තමාගේ මරණයෙන් පසු තම සිංහාසනය සඳහා පුතුන් දෙදෙනා (දුටුගැමුණු හා සද්ධාතිස්ස) අතර සටන් ඇතිවීම වැලැක්වීම සඳහා සහ එම අවස්ථා මුල් කරගෙන එළාර රජු ආක්‍රමණය කිරීම වැලැක්වීම සඳහා භික්ෂූන් වහන්සේලා හා හමුදාව ඉදිරියේ පුතුන් දෙදෙනා පොරොන්දු කරවීය. එහෙත් එය ඒ ආකාරයෙන් සිදු නොවීය. මහා වංශයේ සඳහන් වන පරිදි, දුටුගැමුණු කුමාරයාට නම් තබන අවස්ථාවේදී රජතුමා විසින් එළාර රජු පලවා හැර රට එක්සත් කිරීමේ කාර්යභාරය තම වැඩිමහල් පුතු විසින් සිදුවේ යැයි ප්‍රාර්ථනාවක් කළේය.

රාජ්‍ය කාලය හා මරණය

කාවන්තිස්ස රජුගේ රාජ්‍ය කාලය අවුරුදු 45ක් පමණ වූ බව මහා වංශයේ සඳහන් වේ. ඔහු මියයන විට අවුරුදු 64ක් විය. ඔහුගේ පාලන සමය තුළ ආර්ථික වශයෙන් පමණක් නොව ශාසනික වශයෙන් ද කැපී පෙනෙන දියුණුවක් ඇති විය.

ආර්ථික හා ශාසනික දියුණුව

මෙම රජුගේ පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා බුදු දහම විශාල දියුණුවක් ලැබීය. රුහුණු රාජධානිය සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් විය.

ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ

කාවන්තිස්ස රජු විසින් ඉදිකරනු ලැබූ වෙහෙර විහාර 64කි. මගම්තිස්ස විහාරය, ජාත පබ්බත විහාරය, රුහුණේ සිතුල්පවු විහාරය, ත්‍රිකුණාමලේ වෙල්ගම් වෙහෙර, සේරුවිල මංගල මහා චෛත්‍ය මින් සමහරකි. පූජාවලියේ සඳහන් වන පරිදි, මෙම රජු විසින් කැළණි විහාරය ද ප්‍රතිසංස්කරණය කරන ලදී.

goottaabhaya raja

goottaabhaya rajugee abhaawayen pasu maagama raajyathwayata path ohugee puth kaawanthissa raju, elaara rajugen ella wiya haeki tharjanawalata muhuna dhiima sandahaa raajyaya shakthimath kala athara wehera wihaara 64k idhikaramin shaasanika haa aarthhika dhiyunuwak aethi kaleeya.

goottaabhaya rajugee abhaawayen pasu maagama raajyathwayata path wuyee ohugee puth kaakawannathissa hewath kaawanthissa kumaruya. goottaabhaya rajugee kaalayee patanma ruhuna mulumuninma paahee eksathwa paewathini. kaawanthissa rajugee paalana samayeedhii anuraadhhapura elaara rajugen ellawiya haekiwa thibuu tharjana pilibandawa ohu mulasitama awadhhaanayen pasuwiya.

elaara tharjanayata muhunadhiima

elaara raju anuraadhhapuraya aakramanaya karanu laebuwee kaawanthissa raju raajyayata pathwii awurudhdhakata pamana pasuwaya. mee wana wita ruhunu ratata ayathwa paewathi yoma nuwara, seeru nuwara, loona nuwara yana pradheesha thuna piliwalin abhaya, siwa haa mahaa naaga yana praadheeshiiya paalakayan thidheneku yatathee paalanaya wiya. elaara rajugen ella wiya haeki tharjana pilibandawa kaawanthissa raju mula sitama awadhhaanaya yomu kala athara, eyata muhunadhiima sandahaa awashya aarakshaka widhhiwidhhaana saelasiiya.

raajya aarakshaka widhhiwidhhaana

mahaa wanshayee sandahan wana paridhi, raju mulinma kalee thamaagee yudha hamudhaawa shakthimath kiriima haa ruhunee dheeshasiimaawa yudha hamudhaawa lawaa aarakshaa kiriimayi. rajugee baala puthrayaa wuu sadhdhhaathissa kumaru bala waahana sahithawa dhigaa waewa pradheeshayee aarakshaawa saepayiima sandahaa yawana ladhii. eseema, rajugee wenath bisawakagee puthrayaku wuu dhiighabhaya nam kumaruku maagamee kasaathota raekawalee yedhawuu bawa dha wanshakathaawala sandahan wee.

krushikarmaanthaya dhiyunu kiriima

elaara rajugen aakramanayak ella wii yudhdhhayak aethi wuwahoth yudhdhha kaalayee dhii aahaara hingaya aethiwiima waelaekwiima sandahaa raju iilangata kalee gowithaen katayuthu dhiyunu kiriimayi. meya ohugee dhuuradharshii paalanayata kadhima nidhasunaki.

anupraapthika saelasum saha puthun

thamaagee maranayen pasu thama sinhaasanaya sandahaa puthun dhedhenaa (dhutugaemunu haa sadhdhhaathissa) athara satan aethiwiima waelaekwiima sandahaa saha ema awasthhaa mul karagena elaara raju aakramanaya kiriima waelaekwiima sandahaa bhikshuun wahanseelaa haa hamudhaawa idhiriyee puthun dhedhenaa porondhu karawiiya. eheth eya ee aakaarayen sidhu nowiiya. mahaa wanshayee sandahan wana paridhi, dhutugaemunu kumaarayaata nam thabana awasthhaaweedhii rajathumaa wisin elaara raju palawaa haera rata eksath kiriimee kaaryabhaaraya thama waedimahal puthu wisin sidhuwee yaeyi praarthhanaawak kaleeya.

raajya kaalaya haa maranaya

kaawanthissa rajugee raajya kaalaya awurudhu 45k pamana wuu bawa mahaa wanshayee sandahan wee. ohu miyayana wita awurudhu 64k wiya. ohugee paalana samaya thula aarthhika washayen pamanak nowa shaasanika washayen dha kaepii penena dhiyunuwak aethi wiya.

aarthhika haa shaasanika dhiyunuwa

mema rajugee paalana samaya thula shrii lankaawee aarthhikaya haa budhu dhahama wishaala dhiyunuwak laebiiya. ruhunu raajadhhaaniya samrudhdhhimath raajyayak bawata path wiya.

idhikiriim saha prathisanskarana

kaawanthissa raju wisin idhikaranu laebuu wehera wihaara 64ki. magamthissa wihaaraya, jaatha pabbatha wihaaraya, ruhunee sithulpawu wihaaraya, thrikunaamalee welgam wehera, seeruwila mangala mahaa chaithya min samaharaki. puujaawaliyee sandahan wana paridhi, mema raju wisin kaelani wihaaraya dha prathisanskaranaya karana ladhii.