දුටුගැමුණු රජු
අනුරාධපුර රාජවංශය රාජ්‍ය කාලය: ක්‍රි.පූ. 161-137

දුටුගැමුණු රජු

ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජකු වන දුටුගැමුණු, ක්‍රි.පූ. 161 සිට 137 දක්වා රජ කළේය. ඔහු ආක්‍රමණික එළාර රජු පරදවා ලංකාව එක්සේසත් කළ අතර, බුද්ධාගමේ චිරස්ථිතිය උදෙසා මිරිසවැටිය, ලෝහ ප්‍රාසාදය සහ රුවන්වැලිසෑය වැනි මහා ඉදිකිරීම් රැසක් සිදු කළේය.

ප්‍රධාන ජයග්‍රහණ

  • ආක්‍රමණික එළාර රජු පරදවා ලංකාව එක්සේසත් කිරීම
  • බුද්ධාගමේ චිරස්ථිතිය උදෙසා කැපවී කටයුතු කිරීම
  • මිරිසවැටිය, ලෝහ ප්‍රාසාදය සහ රුවන්වැලිසෑය වැනි අතිවිශාල ඉදිකිරීම් සිදුකිරීම
  • දස මහා යෝධයන්ගේ සහාය ලබාගෙන සුවිශාල යුධ මෙහෙයුම් මෙහෙයවීම
  • ඓතිහාසික අනුරාධපුර නගරය සංවර්ධනය කිරීම

දුටුගැමුණු හෙවත් ගාමිණී අභය රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. එතුමාව දුට්ඨගාමිණී අභය යන නමින් ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල ලංකාව පාලනය කළ මෙතුමා රජරට පාලකයාව සිටි ආක්‍රමණික එළාර රජ පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ. ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ බුද්ධාගමේ චිරස්ථිතිය තහවුරු කිරීමයි. මොහුට දස මහා යෝධයෝ සිටියෝ ය. ඔවුන් “සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, ලභියවසභ, ඛංඡදේව, පුස්සදේව, නන්දිමිත්‍ර” වේ.

මුල් අවධිය සහ පවුල් පසුබිම

මහාවංශයට අනුව දුටුගැමුණු රජුගේ කථා වෘත්තය සඳහා පරිච්ඡේද 11ක් වෙන් කර ඇත. 22 වැනි පරිච්ඡේදයට අනුව, රජරට පුරාණ රජ පවුලකින් පැවත එන දේවානම්පියතිස්ස රජුගේ සොයුරු මහානාග රජ කල රුහුණු මාගම පාලනය කළ කාවන්තිස්ස රජු දුටුගැමුණු රජතුමාගේ පියාය. කල්‍යාණ පෙදෙස පාලනය කළ කැළණිතිස්ස රජුගේ දියණිය වූ විහාරමහා දේවිය ඔහුගේ මෑණියන්ය. පිය රජු කළ වරදකට දඬුවමක් ලෙස කැළණිතිස්ස රජු තම දියණිය රනින් කළ නැවක නංවා මුහුදට පා කර හරින ලදි. මෙම නැව රුහුණු රට මාගම් පෙදෙසට ගසාගෙනවිත් කාවන්තිස්ස රජුට හමු විය. පසුව කාවන්තිස්ස රජු විහාරමහා දේවියව සරණපාවා ගත්තේය. විහාරමහා දේවියට ලැබුණු පළමු වන පුතු ගාමිණී අභය ලෙසද දෙවැනි පුතු තිස්ස ලෙසද නම් කෙරිණි.

අභ්‍යන්තර ගැටුම්

වයස 16 වන විට ගාමිණී කුමරු තරමක් හිතුවක්කාර වුවද ශක්තිමත්, බුද්ධිමත් මෙන්ම රාජකීය නායකයෙකු විය. රජරට රජු බලයෙන් පහකිරීමේ අදහස ඇතිව ඔහු රෝහණ ප්‍රදේශයෙන් යුද්ධය සඳහා හමුදාවක් සංවිධානය කළේය. පසුව උතුර ආක්‍රමණය කිරීමේ තම අදහස පියාට කියා පෑවේය. රජු මෙම අදහසට ඉඩ නොදුන් අතර “ගඟෙන් මෙහා භූමිය ප්‍රමාණවත්” යැයි කීවේය. මෙහිදී පියා සහ පුතා අතර ඇතිවූ අදහස් හුවමාරුව අවසානයේ ගාමිණිට - දුෂ්ඨ ගාමිණි ලෙස නමක් පටබැඳුණු අතර ඔහු මිතුරන් සමඟ මලය දේශයට පලාගියහ.

කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු, දුටුගැමුණු රජුට කන්ඩුල ඇතාද, වැන්දඹු බිසව වූ විහාරමහා දේවියද තම භාරයට ගෙන සිටි තම බාල සොහොයුරා වූ තිස්සගෙන් රාජ්‍ය බලය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය විය. දෙදෙනා අතර ‘කුලංගනිය පිත්ති’ නම් ස්ථානයේදී ඇතිවූ යුද්ධයෙන් දුටුගැමුණු රජු පරාජය විය. ඔහුගේ පිරිසෙන් දහස් ගණනක් වැනසුණි. දුටුගැමුණුට ‘මහගමට’ පලා යාමට සිදු විය. එහිදී ඔහු නැවත වරක් සේනා සංවිධානය කර තිස්සට එරෙහිව නගරය පෙනෙන තෙක් ස්ථානයේදී යුද්ධ කළේය. මෙම අවස්ථාවේදී ඔහු ජය ගත්තේය. තිස්ස පලා ගියේ භික්ෂුවකගේ මෘත දේහයක් ගෙන යන ආකාරයට උපක්‍රමයක් යොදාගෙනයි. මෙම සිද්ධියෙන් ටික කලකට පසුව විහාරමහා දේවියගේ සහ බෞද්ධ භික්ෂූන්ගේ මැදිහත් වීමෙන් දෙදෙනා මිතුරු වී පසුව තිස්ස කුමරු රජුගේ ප්‍රධාන සෙන්පතියෙකු බවට පත්විය.

රජරට මුදාගැනීමේ මෙහෙයුම

තමාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසු දුටුගැමුණු රජු උතුර මුදාගැනීමට සැලසුම් කළේය. ඔහුගේ මෙම ව්‍යායමය හුදෙක් රජ සැප විඳීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහා බව මහාවංශයේ සඳහන් වේ. මෙම යුද්ධයට රජරට පමණක් නොව අර්ධ ස්වාධීන පාලන සංස්ථාවන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් විය. සංඝයා වහන්සේලා පිරිසක්ද ආශිර්වාදය පතා භාවනාව බලාපොරොත්තුවෙන් සර්වඥ ධාතු අඩංගු කොතයක්ද ගෙන යන ලදී.

ඔහුගේ පියා විසින් දිවයිනේ විවිධ පෙදෙස් වලින් කැඳවා පුහුණු කල දස මහා යෝධයින්ද මෙම යුද්ධ ව්‍යාපාරයට එක්වූහ. ඔවුන් නම්: සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, ලභියවසභ, ඛංඡදේව, පුස්සදේව, සහ නන්දිමිත්‍ර වේ. මෙම යුද්ධ ව්‍යාපාරයේදී දුටුගැමුණු විසින් දෙමළ පාලකයින් බොහෝ සංඛ්‍යාවක් (මහාවංශය අනුව 32 ක් තරම්) පරාජය කරනු ලැබුහ.

විජිත නගරය හාර මසක් මුලුල්ලේ වට කිරීමෙන් පසු, ආරක්ෂාව සඳහා දෙමළ සේනාවෝ උණු දිය හා තාර දුටුගැමුණුගේ ඇතුන්පිට වත් කළහ. මෙම කාලයේදී ඔහු ගැමි ප්‍රධානියෙකුගේ දියණියක වූ රන් එතනා විවාහ කර ගත්තේය. මෙම ගැමි ප්‍රධානියා ඒ වන විට අනුරාධපුරයේ එළාරට තුටු පඬුරු යවමින් සිටි කෙනෙකි. රජුගේ උපායශීලි බවත් කණ්ඩුල ඇතාගේ නිර්භීත භාවයත් යුද්ධයේ ජයග්‍රහණයට ඉවහල් විය. යුද්ධය උච්චස්ථානයට පැමිණියේ අනුරාධපුරයේ නැගෙනහිර දොරටුවේදීය. එහිදී කණ්ඩුල ඇතු අරා සිටි දුටුගැමුණු, මහාපබ්බත නම් ඇතු අරා සිටි මහළු එළාර සමඟ සටන් කොට අවසානයේ හෙල්ලකින් ඇන එළාර ජීවිතක්ෂයට පත් කළේය. මෙම සටන ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් වලින් එකකි.

අනුරාධපුරයේදී ලද දුටුගැමුණුගේ ජයග්‍රහණය පෙර නොවූ විරූ තත්ත්වයකට පත් වූයේ සම්පූර්ණයෙන් වාගේ ශ්‍රී ලංකාවේ පාලනය ඔහුට නතු වීම නිසයි. එසේ වුවත් එපමණකින් ඔහුගේ දුෂ්කර තත්වය නිම නොවිනි. ඔහු පරාජයට පත් කළ එළාර චෝළ අධිරාජ්‍යයෙන් පැමිණි රජ කෙනෙකු වුවත් ඔහු ඉතා යුක්තිගරුක ධාර්මික රජකු ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබිණි. දුටුගැමුණු වෙනත් අයට වඩා වෙනස් මඟක් ගෙන මියගිය එළාර රජුට පූජනීයත්වයක් දෙනු පිණිස එළාරගේ දේහය ආදාහනය කර සොහොන්ගෙයක් තනවා එම සොහොනට ගරු කළ යුතු බවට නියෝග පැනවීය. තවදුරටත් කියතොත් ඔහුගේ කීර්තිමත් ජයග්‍රහණය ගැන මෙනෙහි කරද්දී ඔහුට සතුටක් නොදැනුනේ ලක්ෂ ගණනක් ජීවිත විනාශ වූ හෙයිනි. මෙය සනාථ වන්නේ වංශ කථා වලට අනුව (68 සහ 69 අතර) ඔහු විසින් කරවන ලදැයි සැලකෙන ස්ථූප, විහාරාරාම, පූජනීය ස්ථාන ඇතුළු අප්‍රමාණ වූ ආගමික ගොඩනැගිලි ගැන කල්පනා කරන විටය.

පාලනය සහ ඉදිකිරීම්

දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඔහු විසින් කරවන ලද අප්‍රමාණ ගොඩනැගිලි ව්‍යාපෘති හැරුණු විට ඔහුගේ පුතා සහ ඔහු අතර තිබුණු භේදය ද සැලකිය යුතු කරුණක් විය. ඔහුගේ පුතා සාලිය නොහොත් සාලිරාජකුමාර අශෝකමාලාදේවී නොහොත් අශෝකමාලා නම් රොඩී කුල තරුණියක හා පෙමින් වෙළුණේය. මෙම තරුණිය සිංහල සමාජය විසින් පහත් යයි සලකන රොඩී කුලයේ තරුණියකි. සාලිය ඇයගෙන් වෙන්වීමට අකමැති වී සිහසුන ද ප්‍රතික්ෂේප කළේය. රජු සහ පුතා අතර ඉන් පසු සිදු වූ සමගියක් ගැන මහාවංශයේ සඳහන් නොවෙතත් ජන කථාවල කියැවෙන්නේ රජතුමාගේ ආශීර්වාදය දෙදෙනාට ලැබුණු බවයි.

ලක්දිව දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය තුළ අරාබිය, පර්සියාව සහ සමහර බටහිර රටවල් සමග වෙළඳ සබඳතා ඉතා හොඳින් තිබුණු බව සඳහන් වේ. මෙයට රෝම රාජ්‍යය ද ඇතුළත් වූයේ යැයි කිව හැක.

තමන්ගේ රාජ්‍ය බලය හොඳින් තහවුරු කරගත් පසු දුටුගැමුණු රජතුමා විශාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළේය. එයින් බොහොමයක් අද ද අනුරාධපුරයේ සුරැකිව තිබේ. දුටුගැමුණු රජුගේ ජීවිතයේ සෑම දෙයක්ම මෙන් සෑම ඉදිකිරීමකම ආරම්භය හා සම්බන්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් තිබේ. එයින් බොහොමයකින් පුරාණ සිංහල සමාජයේ තොරතුරු හා අභිලාෂයන් හෙළි වේ.

ප්‍රධාන ඉදිකිරීම්

  • මිරිසවැටිය චෛත්‍යය: මහාවංශයේ සඳහන් වන ප්‍රථම ගොඩනැගිලි අත්තිවාරම වන්නේ වර්තමාන මිරිසවැටිය ලෙසින් හැඳින්වෙන මරිචවට්ටි ස්තූපයේ පාදමයි. ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජු තම අන්තඃපුර බිසවුන් සමඟ දිය කෙළි සඳහා තිසා වැවට යාමට ප්‍රථම ඔහුගේ කුන්තය වැව් වෙරළේ සිටුවා ඇත. (මෙම කුන්තයේ සර්වඥධාතු අඩංගුව තිබුණා යයි කියැවේ) ආපසු මාළිගාවට යාමට සූදානම් වී කුන්තය ආපසු ගැනීමට තැත් කළ නමුත් රජුට හෝ එතැන සිටි පිරිසගෙන් කිසිවෙකුට එය ආපසු ගැනීමට නොහැකි විය. මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සලකා කුන්තය වසා ස්තූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී.

  • ලෝහ ප්‍රාසාදය (ලෝවාමහාපාය): දුටුගැමුණු රජතුමා ලෝහ ප්‍රාසාදය තැනීමට ද නියෝග කළේය. එය මහල් නමයකින් යුක්තව සංඝයා වහන්සේලා උදෙසා ඉදිකරන ලදී. තඹ තහඩු සහිත වහලකින් යුත් නිසා එයට ඒ නම ලැබිණ. භික්ෂුන් වහන්සේලා පිරිසක් එක් දෙව්ලොවකදී දුටු ප්‍රාසාදයක හැඩය ගෙන එය නිර්මාණය කරන ලදැයි කියවේ. එම භික්ෂූහු සැලසුම රතු ආසනික් වලින් ලිනන් රෙද්දක ඇඳ රජු වෙත එවා ඇත.

  • රුවන්වැලිසෑය (මහාථූපය, ස්වර්ණමාලී චෛත්‍යය): සමහර විට ඔහුගේ ඉතාම ප්‍රසිද්ධ නිර්මාණය රුවන්වැලිසෑය විය හැක. එය තනන ලද්දේ බුදුන්ගේ ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා නිදන් කිරීම පිණිසයි. එය තැනීම ආරම්භ කරන ලද්දේ වෙසක් මස පුර පසලොස්වක දිනකයි. කුඩු කරන ලද ගලක් අත්තිවාරම ලෙස යොදා ගැනුණි. ගල් නියම ස්ථානයට ඇතුළු කිරීමට ඇතුන්ගේ සහය ලබා ගැනුණි. මේ සඳහා යෙදූ ඇතුන්ගේ පාදවලට සම් ආවරණ යොදා තිබුණි. දුටුගැමුණු රජු තමාම ගොස් මෙම කාර්යයන් අධීක්ෂණය කළේය. ගොඩනැංවීම් කෙරෙන තැන්වල හිඳ ධාතු ගර්භය නිම කරන අයුරු සහ අසිරිමත් පෙළහර මැද ධාතුන් වහන්සේලා තැන්පත් කරන අයුරු ද බලා සිටි බව කියැවේ. ථූපයක් පිළිගැන්වීම පිළිබඳ විස්තර මහාවංශයේ 29 වෙනි පරිච්ඡේදයේ විස්තර කර ඇත. එහි සඳහන් වන අන්දමට ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණි මහරහතන් වහන්සේලා ද ඉන්දු - ග්‍රීක භික්ෂූ නමක් වූ මහාධර්මරක්ෂිත හිමි යටතේ කොකේසස් හි ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් 30000 ක් වූ මහරහන්වහන්සේලා ඇතුළු ලක්ෂ ගණනින් ගිහි පැවිදි සැදැහැවත් පිරිස් පැමිණි බව මහාවංශයේ සඳහන් වේ.

තවත් සැලකිය යුතු කාර්යයන් අතරට (වර්තමාන බිහාරය) මුන්ඩේස්ශ්වරී හි ස්තූපයක් තැනීම ද සඳහන් වේ. රජතුමාගේ නිර්මාණයන් සඳහා දායකත්වය සැපයූ අය අතර දසමහා යෝධයන් ඉතා වැදගත් වේ.

උරුමය

අනුරාධපුරය අලංකාර මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති නගරයක් ලෙස දියුණු කිරී‍‍මට දුටුගැමුණු රජතුමාගෙන් සිදුවුණු මෙහෙය ඉතා වැදගත්ය. මෙතුමා ඉදිකල පළවෙනි නිර්මාණය වන මිරිසවැටිය ඉතා වැදගත්ය. ලෝවාමහාපාය නම් වූ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිවුණු ලැගුම්ගෙය ද මෙතුමාගේ වැදගත් නිර්මාණයකි. තවද මෙතුමා ඉදිකළ රුවන්වැලිසෑය අග්‍රගන්‍ය නිර්මාණයකි. අනුරාධපුර නගරයේ පිහිටි පූජනීය දාගැබකි, රුවන්වැලිසෑය දාගැබ. ජනතා වන්දනා මානයට ලක්වන මෙම පූජනීය ස්ථූප, ගෘහ නිර්මාණ සහ ඉදිකිරීම් කර්මාන්තය අතින් පළමු ස්ථානයට පත්ව ඇත. දුටුගැමුණු රජතුමා නිර්මාණය කළ මෙම අනර්ඝ දාගැබ මහාථූප, ස්වර්ණමාලි දාගැබ සහ රත්නමාලි මහ දාගැබ යන නම් වලින් ද හැඳින්වේ.

dhutugaemunu raju

laankiiya ithihaasayee agraganya rajaku wana dhutugaemunu, kri.puu. 161 sita 137 dhakwaa raja kaleeya. ohu aakramanika elaara raju paradhawaa lankaawa ekseesath kala athara, budhdhhaagamee chirasthhithiya udhesaa mirisawaetiya, looha praasaadhaya saha ruwanwaelisaeya waeni mahaa idhikiriim raesak sidhu kaleeya.

dhutugaemunu hewath gaaminii abhaya rajathumaa laankiiya ithihaasayee agraganya rajeki. ethumaawa dhutttagaaminii abhaya yana namin dha haendinwee. kri.puu 161 sita kri:puu 137 dhakwaa kaalaya thula lankaawa paalanaya kala methumaa rajarata paalakayaawa siti aakramanika elaara raja paradhaa choola adhhiraajyayen laankiiya janathaawa raeka gathha. ohugee pradhhaana aramuna wuuyee budhdhhaagamee chirasthhithiya thahawuru kiriimayi. mohuta dhasa mahaa yoodhhayoo sitiyoo ya. owun "suranimala, mahaasoona, goottayimbara, thheerapuththaabhaya, bharana, weelusumana, labhiyawasabha, khanchhadheewa, pussadheewa, nandhimithra" wee.

mul awadhhiya saha pawul pasubima

mahaawanshayata anuwa dhutugaemunu rajugee kathhaa wruththaya sandahaa parichchheedha 11k wen kara aetha. 22 waeni parichchheedhayata anuwa, rajarata puraana raja pawulakin paewatha ena dheewaanampiyathissa rajugee soyuru mahaanaaga raja kala ruhunu maagama paalanaya kala kaawanthissa raju dhutugaemunu rajathumaagee piyaaya. kalyaana pedhesa paalanaya kala kaelanithissa rajugee dhiyaniya wuu wihaaramahaa dheewiya ohugee maeniyanya. piya raju kala waradhakata dhanduwamak lesa kaelanithissa raju thama dhiyaniya ranin kala naewaka nanwaa muhudhata paa kara harina ladhi. mema naewa ruhunu rata maagam pedhesata gasaagenawith kaawanthissa rajuta hamu wiya. pasuwa kaawanthissa raju wihaaramahaa dheewiyawa saranapaawaa gaththeeya. wihaaramahaa dheewiyata laebunu palamu wana puthu gaaminii abhaya lesadha dhewaeni puthu thissa lesadha nam kerini.

abhyanthara gaetum

wayasa 16 wana wita gaaminii kumaru tharamak hithuwakkaara wuwadha shakthimath, budhdhhimath menma raajakiiya naayakayeku wiya. rajarata raju balayen pahakiriimee adhahasa aethiwa ohu roohana pradheeshayen yudhdhhaya sandahaa hamudhaawak sanwidhhaanaya kaleeya. pasuwa uthura aakramanaya kiriimee thama adhahasa piyaata kiyaa paeweeya. raju mema adhahasata ida nodhun athara “gangen mehaa bhuumiya pramaanawath” yaeyi kiiweeya. mehidhii piyaa saha puthaa athara aethiwuu adhahas huwamaaruwa awasaanayee gaaminita - dhushtta gaamini lesa namak patabaendunu athara ohu mithuran samanga malaya dheeshayata palaagiyaha.

kaawanthissa rajugee maranayen pasu, dhutugaemunu rajuta kandula aethaadha, waendhambu bisawa wuu wihaaramahaa dheewiyadha thama bhaarayata gena siti thama baala sohoyuraa wuu thissagen raajya balaya aarakshaa karagaeniimata awashya wiya. dhedhenaa athara ‘kulanganiya piththi’ nam sthhaanayeedhii aethiwuu yudhdhhayen dhutugaemunu raju paraajaya wiya. ohugee pirisen dhahas gananak waenasuni. dhutugaemunuta ‘mahagamata’ palaa yaamata sidhu wiya. ehidhii ohu naewatha warak seenaa sanwidhhaanaya kara thissata erehiwa nagaraya penena thek sthhaanayeedhii yudhdhha kaleeya. mema awasthhaaweedhii ohu jaya gaththeeya. thissa palaa giyee bhikshuwakagee mrutha dheehayak gena yana aakaarayata upakramayak yodhaagenayi. mema sidhdhhiyen tika kalakata pasuwa wihaaramahaa dheewiyagee saha baudhdhha bhikshuungee maedhihath wiimen dhedhenaa mithuru wii pasuwa thissa kumaru rajugee pradhhaana senpathiyeku bawata pathwiya.

rajarata mudhaagaeniimee meheyuma

thamaagee aarakshaawa thahawuru kara gaeniimen pasu dhutugaemunu raju uthura mudhaagaeniimata saelasum kaleeya. ohugee mema wyaayamaya hudhek raja saepa windiima sandahaa nowa, budhdhhaagamee chirasthhithiya sandahaa bawa mahaawanshayee sandahan wee. mema yudhdhhayata rajarata pamanak nowa ardhha swaadhhiina paalana sansthhaawan wishaala sankhyaawak aethulath wiya. sanghayaa wahanseelaa pirisakdha aashirwaadhaya pathaa bhaawanaawa balaaporoththuwen sarwagna dhhaathu adangu kothayakdha gena yana ladhii.

ohugee piyaa wisin dhiwayinee wiwidhha pedhes walin kaendawaa puhunu kala dhasa mahaa yoodhhayindha mema yudhdhha wyaapaarayata ekwuuha. owun nam: suranimala, mahaasoona, goottayimbara, thheerapuththaabhaya, bharana, weelusumana, labhiyawasabha, khanchhadheewa, pussadheewa, saha nandhimithra wee. mema yudhdhha wyaapaarayeedhii dhutugaemunu wisin dhemala paalakayin bohoo sankhyaawak (mahaawanshaya anuwa 32 k tharam) paraajaya karanu laebuha.

wijitha nagaraya haara masak mulullee wata kiriimen pasu, aarakshaawa sandahaa dhemala seenaawoo unu dhiya haa thaara dhutugaemunugee aethunpita wath kalaha. mema kaalayeedhii ohu gaemi pradhhaaniyekugee dhiyaniyaka wuu ran ethanaa wiwaaha kara gaththeeya. mema gaemi pradhhaaniyaa ee wana wita anuraadhhapurayee elaarata thutu panduru yawamin siti keneki. rajugee upaayashiili bawath kandula aethaagee nirbhiitha bhaawayath yudhdhhayee jayagrahanayata iwahal wiya. yudhdhhaya uchchasthhaanayata paeminiyee anuraadhhapurayee naegenahira dhoratuweedhiiya. ehidhii kandula aethu araa siti dhutugaemunu, mahaapabbatha nam aethu araa siti mahalu elaara samanga satan kota awasaanayee hellakin aena elaara jiiwithakshayata path kaleeya. mema satana shrii lankaa ithihaasayee waedhagath sidhuwiim walin ekaki.

anuraadhhapurayeedhii ladha dhutugaemunugee jayagrahanaya pera nowuu wiruu thaththwayakata path wuuyee sampuurnayen waagee shrii lankaawee paalanaya ohuta nathu wiima nisayi. esee wuwath epamanakin ohugee dhushkara thathwaya nima nowini. ohu paraajayata path kala elaara choola adhhiraajyayen paemini raja keneku wuwath ohu ithaa yukthigaruka dhhaarmika rajaku lesa prasidhdhhiyata pathwii thibini. dhutugaemunu wenath ayata wadaa wenas mangak gena miyagiya elaara rajuta puujaniiyathwayak dhenu pinisa elaaragee dheehaya aadhaahanaya kara sohongeyak thanawaa ema sohonata garu kala yuthu bawata niyooga paenawiiya. thawadhuratath kiyathoth ohugee kiirthimath jayagrahanaya gaena menehi karadhdhii ohuta sathutak nodhaenunee laksha gananak jiiwitha winaasha wuu heyini. meya sanaathha wannee wansha kathhaa walata anuwa (68 saha 69 athara) ohu wisin karawana ladhaeyi saelakena sthhuupa, wihaaraaraama, puujaniiya sthhaana aethulu apramaana wuu aagamika godanaegili gaena kalpanaa karana witaya.

paalanaya saha idhikiriim

dhutugaemunu rajathumaagee kaalayee ohu wisin karawana ladha apramaana godanaegili wyaapruthi haerunu wita ohugee puthaa saha ohu athara thibunu bheedhaya dha saelakiya yuthu karunak wiya. ohugee puthaa saaliya nohoth saaliraajakumaara ashookamaalaadheewii nohoth ashookamaalaa nam rodii kula tharuniyaka haa pemin weluneeya. mema tharuniya sinhala samaajaya wisin pahath yayi salakana rodii kulayee tharuniyaki. saaliya aeyagen wenwiimata akamaethi wii sihasuna dha prathiksheepa kaleeya. raju saha puthaa athara in pasu sidhu wuu samagiyak gaena mahaawanshayee sandahan nowethath jana kathhaawala kiyaewennee rajathumaagee aashiirwaadhaya dhedhenaata laebunu bawayi.

lakdhiwa dhutugaemunu rajathumaagee raajya kaalaya thula araabiya, parsiyaawa saha samahara batahira ratawal samaga welanda sabandathaa ithaa hondin thibunu bawa sandahan wee. meyata rooma raajyaya dha aethulath wuuyee yaeyi kiwa haeka.

thamangee raajya balaya hondin thahawuru karagath pasu dhutugaemunu rajathumaa wishaala godanaegili idhikiriim wyaapruthi aarambha kaleeya. eyin bohomayak adha dha anuraadhhapurayee suraekiwa thibee. dhutugaemunu rajugee jiiwithayee saema dheyakma men saema idhikiriimakama aarambhaya haa sambandhha aithihaasika prabandhhayak thibee. eyin bohomayakin puraana sinhala samaajayee thorathuru haa abhilaashayan heli wee.

pradhhaana idhikiriim

  • mirisawaetiya chaithyaya: mahaawanshayee sandahan wana prathhama godanaegili aththiwaarama wannee warthamaana mirisawaetiya lesin haendinwena marichawatti sthuupayee paadhamayi. aithihaasika puraawruththayanhi dhaekwena paridhi dhutugaemunu raju thama anthahpura bisawun samanga dhiya keli sandahaa thisaa waewata yaamata prathhama ohugee kunthaya waew weralee situwaa aetha. (mema kunthayee sarwagnadhhaathu adanguwa thibunaa yayi kiyaewee) aapasu maaligaawata yaamata suudhaanam wii kunthaya aapasu gaeniimata thaeth kala namuth rajuta hoo ethaena siti pirisagen kisiwekuta eya aapasu gaeniimata nohaeki wiya. meya wisheesha lakshanayak lesa salakaa kunthaya wasaa sthuupayak thaeniimata rajathumaa niyama karana ladhii.

  • looha praasaadhaya (loowaamahaapaaya): dhutugaemunu rajathumaa looha praasaadhaya thaeniimata dha niyooga kaleeya. eya mahal namayakin yukthawa sanghayaa wahanseelaa udhesaa idhikarana ladhii. thamba thahadu sahitha wahalakin yuth nisaa eyata ee nama laebina. bhikshun wahanseelaa pirisak ek dhewlowakadhii dhutu praasaadhayaka haedaya gena eya nirmaanaya karana ladhaeyi kiyawee. ema bhikshuuhu saelasuma rathu aasanik walin linan redhdhaka aenda raju wetha ewaa aetha.

  • ruwanwaelisaeya (mahaathhuupaya, swarnamaalii chaithyaya): samahara wita ohugee ithaama prasidhdhha nirmaanaya ruwanwaelisaeya wiya haeka. eya thanana ladhdhee budhungee dhroonayak dhhaathun wahanseelaa nidhan kiriima pinisayi. eya thaeniima aarambha karana ladhdhee wesak masa pura pasaloswaka dhinakayi. kudu karana ladha galak aththiwaarama lesa yodhaa gaenuni. gal niyama sthhaanayata aethulu kiriimata aethungee sahaya labaa gaenuni. mee sandahaa yedhuu aethungee paadhawalata sam aawarana yodhaa thibuni. dhutugaemunu raju thamaama gos mema kaaryayan adhhiikshanaya kaleeya. godanaenwiim kerena thaenwala hinda dhhaathu garbhaya nima karana ayuru saha asirimath pelahara maedha dhhaathun wahanseelaa thaenpath karana ayuru dha balaa siti bawa kiyaewee. thhuupayak piligaenwiima pilibanda wisthara mahaawanshayee 29 weni parichchheedhayee wisthara kara aetha. ehi sandahan wana andhamata indhiyaawee noyek pradheeshawalin paemini maharahathan wahanseelaa dha indhu - griika bhikshuu namak wuu mahaadhharmarakshitha himi yatathee kokeesas hi aeleksaendriyaawen 30000 k wuu maharahanwahanseelaa aethulu laksha gananin gihi paewidhi saedhaehaewath piris paemini bawa mahaawanshayee sandahan wee.

thawath saelakiya yuthu kaaryayan atharata (warthamaana bihaaraya) mundeesshwarii hi sthuupayak thaeniima dha sandahan wee. rajathumaagee nirmaanayan sandahaa dhaayakathwaya saepayuu aya athara dhasamahaa yoodhhayan ithaa waedhagath wee.

urumaya

anuraadhhapuraya alankaara menma aithihaasika watinaakamak aethi nagarayak lesa dhiyunu kiriimata dhutugaemunu rajathumaagen sidhuwunu meheya ithaa waedhagathya. methumaa idhikala palaweni nirmaanaya wana mirisawaetiya ithaa waedhagathya. loowaamahaapaaya nam wuu bhikshuun wahanseelaa udhesaa idhiwunu laegumgeya dha methumaagee waedhagath nirmaanayaki. thawadha methumaa idhikala ruwanwaelisaeya agraganya nirmaanayaki. anuraadhhapura nagarayee pihiti puujaniiya dhaagaebaki, ruwanwaelisaeya dhaagaeba. janathaa wandhanaa maanayata lakwana mema puujaniiya sthhuupa, gruha nirmaana saha idhikiriim karmaanthaya athin palamu sthhaanayata pathwa aetha. dhutugaemunu rajathumaa nirmaanaya kala mema anargha dhaagaeba mahaathhuupa, swarnamaali dhaagaeba saha rathnamaali maha dhaagaeba yana nam walin dha haendinwee.