ධාතුසේන රජු
මෞර්ය රාජ වංශය රාජ්‍ය කාලය: ක්‍රි.ව. 455-473

ධාතුසේන රජු

ක්‍රි.ව. 455 සිට 473 දක්වා අනුරාධපුරය අගනුවර කරගෙන ශ්‍රී ලංකාව පාලනය කළ ධාතුසේන රජු දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් පරාජය කර රට එක්සත් කළේය. එතුමා විශාල වාරි කර්මාන්ත හා ආගමික ගොඩනැගිලි රැසක් ද ඉදිකළේය.

ප්‍රධාන ජයග්‍රහණ

  • දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් පරාජය කර වසර 26 කට පසු ශ්‍රී ලංකාව නැවත එක්සත් කිරීම
  • යෝධ ඇළ, කලා වැව, බලලු වැව ඇතුළු විශාල වාරි කර්මාන්ත 18ක් ඉදිකිරීම
  • අවුකන බුද්ධ ප්‍රතිමාව වැනි විශිෂ්ට ආගමික ස්මාරක ඉදිකිරීම
  • අනුරාධපුරය අගනුවර කරගෙන රට පුරා ස්ථාවර හා සමෘද්ධිමත් පාලනයක් ස්ථාපිත කිරීම

හැඳින්වීම

ධාතුසේන රජු ක්‍රි.ව. 455 සිට 473 දක්වා කාලය තුළ අනුරාධපුරය අග නගරය කර ගනිමින් ශ්‍රී ලංකාව පාලනය කළ ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයේ පළමු රජු ලෙස සැලකේ. සමහර ඓතිහාසික වාර්තා වල ධාතුසේන රජු “දසන්කෙළි” යන නාමයෙන් ද හඳුන්වා දී ඇත.

රාජ්‍ය පාලනය සහ එක්සත් කිරීම

ධාතුසේන රජුගේ රාජ්‍ය පාලන කාලය සනිටුහන් වන්නේ රට මුහුණ දුන් අභියෝග රැසකට සාර්ථකව මුහුණ දීමෙනි. එතුමා සිය පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ කොටසක් පාලනය කරමින් සිටි දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් පරාජය කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණයෙන් පසු වසර 26 කට පසුව මුළු ශ්‍රී ලංකාවම නැවත එක්සත් කිරීමට ධාතුසේන රජු සමත් වූ අතර, එය ඔහුගේ පාලන සමයේ ප්‍රමුඛතම සන්ධිස්ථානයක් විය.

වාරි කර්මාන්ත

ධාතුසේන රජු ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් ලබා දුන් පාලකයෙකි. එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුළ විශාල වාරි කර්මාන්ත 18ක් කරවන ලදී. මේවායින් යෝධ ඇළ, කලා වැව සහ බලලු වැව ප්‍රධාන වේ. මහාවංශයේ සඳහන් වන පරිදි ධාතුසේන රජතුමා විසින් කරවන ලද වැව් 18ක් ඇත ඒනම්, යෝධ වැව, නුවරවැව, මෝරවැව, කෞඩුල්ලවැව, අල්ලෛවැව, අම්පාරවැව, එක්ගල් ආරුවැව, ඉරක්කාමම්වැව, කොන්ඩවට්ටවාන්වැව, නවකිරිආරුවැව, දෙබරවැව, රිදියගමවැව, බලලුවැව, කන්ඩලමවැව, ඉරනමඩුවැව, මුතුඅයියාන්කඩ්ඩුකුලමවැව, අක්කරායන්කුලම්වැව, පාවිකුලමවැව, උන්නිච්චායවැව, රුකුම්වැව, පිඹුරත්තව වැව යනාදිය ප්‍රමුඛ වේ. මෙම දැවැන්ත වාරි ව්‍යාපෘති රටේ කෘෂිකර්මාන්තයට සහ ජනතාවගේ ජීවනෝපායට මහත් පිටිවහලක් විය.

ආගමික සහ කලා කටයුතු

ධාතුසේන රජුගේ පාලන සමය තුළ ආගමික සහ කලා ක්ෂේත්‍රයන්හි ද විශිෂ්ට නිර්මාණ සිදු විය. ලංකාවේ අතිශය වැදගත් බෞද්ධ ප්‍රතිමාවක් වන අවුකන බුද්ධ ප්‍රතිමාව ද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුළ කරවන ලද විශාල බුද්ධ ප්‍රතිමාවකි. මෙය එතුමාගේ ආගමික භක්තියට සහ කලා අනුග්‍රහයට කදිම නිදසුනකි.

මරණය

ධාතුසේන රජුගේ ජීවිතය ඛේදනීය අවසානයකට පත් විය. පසුකලෙක සිගිරිය තම රාජධානිය කරගත් එතුමාගේ පුත්‍රයා වූ කාශ්‍යප රජු, තම පියා වූ ධාතුසේන රජුව කලා වැවේ වැව් බැම්මට තබා පස්ගසා ඝාතනය කරන ලදී. මෙම සිදුවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත් කම්පනීය සිදුවීමක් ලෙස සැලකේ.

පසුව ඇතිවූ තත්වය

කාශ්‍යප රජු බලය අල්ලා ගැනීමෙන් පසු, ධාතුසේන රජුගේ තවත් පුත්‍රයෙකු වූ මුගලන් කුමරු භීතියට පත්ව ඉන්දියාවට පලා ගිය බව මහාවංශයේ සඳහන් වේ. මුගලන් පලා ගියේ කොහේද යන්න මහාවංශයේ පැහැදිලිව සඳහන් නොවුණත්, බොහෝ විට ඔහු සිය මවු පාර්ශ්වයේ ඥාතීන් වාසය කළ පල්ලව දේශයට පලා යන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම සිදුවීම ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉදිරි දේශපාලන ගමන් මගට බෙහෙවින් බලපෑවේය.

dhhaathuseena raju

kri.wa. 455 sita 473 dhakwaa anuraadhhapuraya aganuwara karagena shrii lankaawa paalanaya kala dhhaathuseena raju dhakunu indhiiya aakramanikayan paraajaya kara rata eksath kaleeya. ethumaa wishaala waari karmaantha haa aagamika godanaegili raesak dha idhikaleeya.

haendinwiima

dhhaathuseena raju kri.wa. 455 sita 473 dhakwaa kaalaya thula anuraadhhapuraya aga nagaraya kara ganimin shrii lankaawa paalanaya kala shreeshtta sinhala raja keneki. ethumaa shrii lankaawee maurya raaja wanshayee palamu raju lesa saelakee. samahara aithihaasika waarthaa wala dhhaathuseena raju "dhasankeli" yana naamayen dha handunwaa dhii aetha.

raajya paalanaya saha eksath kiriima

dhhaathuseena rajugee raajya paalana kaalaya sanituhan wannee rata muhuna dhun abhiyooga raesakata saarthhakawa muhuna dhiimeni. ethumaa siya paalana kaalaya thula shrii lankaawee kotasak paalanaya karamin siti dhakunu indhiiya aakramanikayan paraajaya kiriimata samath wiya. mema jayagrahanayen pasu wasara 26 kata pasuwa mulu shrii lankaawama naewatha eksath kiriimata dhhaathuseena raju samath wuu athara, eya ohugee paalana samayee pramukhathama sandhhisthhaanayak wiya.

waari karmaantha

dhhaathuseena raju shrii lankaawee waari shishtaachaarayee pragamanayata wishaala dhaayakathwayak labaa dhun paalakayeki. ethumaagee raajya paalana kaalaya thula wishaala waari karmaantha 18k karawana ladhii. meewaayin yoodhha aela, kalaa waewa saha balalu waewa pradhhaana wee. mahaawanshayee sandahan wana paridhi dhhaathuseena rajathumaa wisin karawana ladha waew 18k aetha eenam, yoodhha waewa, nuwarawaewa, moorawaewa, kaudullawaewa, allaiwaewa, ampaarawaewa, ekgal aaruwaewa, irakkaamamwaewa, kondawattawaanwaewa, nawakiriaaruwaewa, dhebarawaewa, ridhiyagamawaewa, balaluwaewa, kandalamawaewa, iranamaduwaewa, muthuayiyaankaddukulamawaewa, akkaraayankulamwaewa, paawikulamawaewa, unnichchaayawaewa, rukumwaewa, pimburaththawa waewa yanaadhiya pramukha wee. mema dhaewaentha waari wyaapruthi ratee krushikarmaanthayata saha janathaawagee jiiwanoopaayata mahath pitiwahalak wiya.

aagamika saha kalaa katayuthu

dhhaathuseena rajugee paalana samaya thula aagamika saha kalaa ksheethrayanhi dha wishishta nirmaana sidhu wiya. lankaawee athishaya waedhagath baudhdhha prathimaawak wana awukana budhdhha prathimaawa dha ethumaagee raajya paalana kaalaya thula karawana ladha wishaala budhdhha prathimaawaki. meya ethumaagee aagamika bhakthiyata saha kalaa anugrahayata kadhima nidhasunaki.

maranaya

dhhaathuseena rajugee jiiwithaya kheedhaniiya awasaanayakata path wiya. pasukaleka sigiriya thama raajadhhaaniya karagath ethumaagee puthrayaa wuu kaashyapa raju, thama piyaa wuu dhhaathuseena rajuwa kalaa waewee waew baemmata thabaa pasgasaa ghaathanaya karana ladhii. mema sidhuwiima shrii lankaa ithihaasayee ithaamath kampaniiya sidhuwiimak lesa saelakee.

pasuwa aethiwuu thathwaya

kaashyapa raju balaya allaa gaeniimen pasu, dhhaathuseena rajugee thawath puthrayeku wuu mugalan kumaru bhiithiyata pathwa indhiyaawata palaa giya bawa mahaawanshayee sandahan wee. mugalan palaa giyee koheedha yanna mahaawanshayee paehaedhiliwa sandahan nowunath, bohoo wita ohu siya mawu paarshwayee gnaathiin waasaya kala pallawa dheeshayata palaa yannata aethi bawata wishwaasa keree. mema sidhuwiima shrii lankaa raajyayee idhiri dheeshapaalana gaman magata behewin balapaeweeya.