හත්වන බුවනෙකබාහු රජු
කෝට්ටේ රාජවංශය රාජ්‍ය කාලය: ක්‍රි.ව. 1521-1551

හත්වන බුවනෙකබාහු රජු

සත්වන විජයබාහු රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ හත්වන බුවනෙකබාහු කෝට්ටේ රාජධානියේ පාලකයා විය. තම සොයුරු මායාදුන්නේගෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු පෘතුගීසීන් සමඟ සන්ධානගත වූ අතර, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් විය.

ප්‍රධාන ජයග්‍රහණ

  • කෝට්ටේ රාජධානියේ රජු ලෙස කිරුළු පැළඳීම.
  • තම රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා පෘතුගීසීන් සමඟ උපායමාර්ගික සන්ධානයක් ගොඩනැගීම.
  • අපොස්තුළු ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර් මුනිතුමා හමුවීම.

හත්වන බුවනෙකබාහු රජුගේ චරිතාපදානය

හත්වන බුවනෙකබාහු රජු කෝට්ටේ රාජධානියේ සත්වන විජයබාහු රජුගේ හා ඔහුගේ අග බිසවගේ වැඩිමහල් පුත්‍රයා විය. 1468 දී උපත ලැබූ ඔහුට මායාදුන්නේ සහ රයිගම බණ්ඩාර යන සොහොයුරන් දෙදෙනෙක් විය. ඔහුගේ පියාගේ දෙවන විවාහයේ නව බිසව, දේව රාජසිංහ නම් වෙනත් අයෙකුගේ පුතෙකු රැගෙන ආ අතර, රජු ඔහුට තමාගෙන් පසු රජකම ලබා දීමට අදහස් කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බුවනෙකබාහු සහ ඔහුගේ සොහොයුරන් දෙදෙනා රාජධානිය අත්හැර පලා යාමට පෙළඹුනු අතර, ඔවුන් නැවත පැමිණියේ උඩරට රාජධානියෙන් ලැබුණු හමුදාවක් ද සමගිනි.

සිහසුනට පත්වීම සහ රාජ්‍යය බෙදා ගැනීම

මායාදුන්නේ රජු විසින් උඩරට රජු වූ ජයවීර රජුගේ හමුදා මාර්ගයෙන් කෝට්ටේ රජ කළ තම පියාට එරෙහිව සාර්ථකව සටන් මෙහෙයවන ලදී. ඉන් පසු සත්වන විජයබාහු රජුගේ නීත්‍යනුකූල පුතුන් තිදෙනා විසින් එම රජ්‍යය කොටස් තුනකට බෙදා ගන්නා ලදී. බුවනෙකබාහු කුමරු හත්වන බුවනෙකබාහු නමින් කෝට්ටේ රජු ලෙස ද, මායාදුන්නේ සීතාවක රජු ලෙස ද, පරරාජසිංහ හා මහා රයිගම් බණ්ඩාර ලෙස හඳුන්වනු ලබන රයිගම බණ්ඩාර රයිගම රජු ලෙස ද රාජ්‍යත්වයට පත් වූහ.

අභ්‍යන්තර ගැටුම් සහ පෘතුගීසී සන්ධානය

කෙසේ වුවත්, 1538 දී සිදු වූ රයිගම බණ්ඩාරගේ මරණයෙන් පසුව මායාදුන්නේ රයිගම තම රාජ්‍යයට නතු කරගත් අතර, පියාගේ ඝාතනයේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ තමා ගැන පෙර සිටම අවිශ්වාස කළ තම වැඩිමහල් සොයුරා වූ බුවනෙකබාහු රජුගේ රාජ්‍යයේ සතුරෙකු බවට ද පත් විය. බුවනෙකබාහුගේ රාජ්‍ය කාලයේ දී, මායාදුන්නේ තම පුතු වූ පළමු රාජසිංහ සමග එක්ව පෘතුගීසීන්ට එරෙහිව ඔවුන් පලවා හැරීම සඳහා අඛණ්ඩව සටන් කළ අතර, බුවනෙකබාහුගෙන් කෝට්ටේ රාජධානිය ලබා ගැනීමට ඔහුව රජකමින් පහ කිරීමට තැත් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජුට පෘතුගීසීන්ගේ පක්ෂය ගැනීමට සිදුවූයේ තම සොයුරාගෙන් තම රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගේ බලය අවශ්‍ය වූ බැවිනි. තම පාලන සමය තුළ ඔහු දුර්වල පාලකයෙකු වූ අතර පෘතුගීසීන් මත අධික ලෙස යැපෙමින් අවසානයේ දී ඔවුන් සමග මිත්‍ර විය.

ආගමික සම්බන්ධතා සහ ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර්

සිය සොහොයුරාගෙන් ආරක්ෂා වීමට පෘතුගීසීන් සමඟ සන්ධානගත වුවද, හත්වන බුවනෙකබාහු රජු ආගමික නියමයන් සම්බන්ධයෙන් ඔවුන් සමඟ විරුද්ධ විය. 16 වන සියවස මැද දී පෘතුගාලයේ තුන්වන ජෝන් රජු විසින් ඉන්දියාවේ හා ලංකාවේ කතෝලික ධර්මය දේශනා කිරීමට ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර් මුනිතුමා පිටත් කරන ලදී. ඔහු කෝට්ටේ රජු හමුවී, ඔහු සමඟ තමාගේ දහමට හැරීම ගැන සාකච්ඡා කළේය. මෙම ඓතිහාසික හමුව ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් විය.

උරුමය

හත්වන බුවනෙකබාහු රජු ශ්‍රී ලංකාවේ සංකීර්ණ දේශපාලන සහ යුරෝපීය බලපෑම් උග්‍ර වෙමින් තිබූ සමයක කෝට්ටේ සිහසුන හෙබවූ පාලකයෙකි. ඔහුගේ පාලන සමය ශ්‍රී ලංකාවේ පෘතුගීසී බලය තවදුරටත් ස්ථාපිත වීමට මග පෑදූ කාල පරිච්ඡේදයක් ලෙස සැලකේ. තම රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු පෘතුගීසීන් මත යැපීම, පසුකාලීනව දිවයිනේ දේශපාලන සහ ආගමික පරිවර්තනයන්ට දැඩි ලෙස බලපෑවේය.

hathwana buwanekabaahu raju

sathwana wijayabaahu rajugee waedimahal puthrayaa wuu hathwana buwanekabaahu koottee raajadhhaaniyee paalakayaa wiya. thama soyuru maayaadhunneegen raajyaya aarakshaa kara gaeniima sandahaa ohu pruthugiisiin samanga sandhhaanagatha wuu athara, eya shrii lankaa ithihaasayee waedhagath sandhhisthhaanayak wiya.

hathwana buwanekabaahu rajugee charithaapadhaanaya

hathwana buwanekabaahu raju koottee raajadhhaaniyee sathwana wijayabaahu rajugee haa ohugee aga bisawagee waedimahal puthrayaa wiya. 1468 dhii upatha laebuu ohuta maayaadhunnee saha rayigama bandaara yana sohoyuran dhedhenek wiya. ohugee piyaagee dhewana wiwaahayee nawa bisawa, dheewa raajasinha nam wenath ayekugee putheku raegena aa athara, raju ohuta thamaagen pasu rajakama labaa dhiimata adhahas kaleeya. mehi prathiphalayak lesa buwanekabaahu saha ohugee sohoyuran dhedhenaa raajadhhaaniya athhaera palaa yaamata pelambunu athara, owun naewatha paeminiyee udarata raajadhhaaniyen laebunu hamudhaawak dha samagini.

sihasunata pathwiima saha raajyaya bedhaa gaeniima

maayaadhunnee raju wisin udarata raju wuu jayawiira rajugee hamudhaa maargayen koottee raja kala thama piyaata erehiwa saarthhakawa satan meheyawana ladhii. in pasu sathwana wijayabaahu rajugee niithyanukuula puthun thidhenaa wisin ema rajyaya kotas thunakata bedhaa gannaa ladhii. buwanekabaahu kumaru hathwana buwanekabaahu namin koottee raju lesa dha, maayaadhunnee siithaawaka raju lesa dha, pararaajasinha haa mahaa rayigam bandaara lesa handunwanu labana rayigama bandaara rayigama raju lesa dha raajyathwayata path wuuha.

abhyanthara gaetum saha pruthugiisii sandhhaanaya

kesee wuwath, 1538 dhii sidhu wuu rayigama bandaaragee maranayen pasuwa maayaadhunnee rayigama thama raajyayata nathu karagath athara, piyaagee ghaathanayee dhii wishaala kaaryabhaarayak itu kala thamaa gaena pera sitama awishwaasa kala thama waedimahal soyuraa wuu buwanekabaahu rajugee raajyayee sathureku bawata dha path wiya. buwanekabaahugee raajya kaalayee dhii, maayaadhunnee thama puthu wuu palamu raajasinha samaga ekwa pruthugiisiinta erehiwa owun palawaa haeriima sandahaa akhandawa satan kala athara, buwanekabaahugen koottee raajadhhaaniya labaa gaeniimata ohuwa rajakamin paha kiriimata thaeth kalaha. mehi prathiphalayak lesa rajuta pruthugiisiingee pakshaya gaeniimata sidhuwuuyee thama soyuraagen thama raajyaya aarakshaa kara gaeniimata owungee balaya awashya wuu baewini. thama paalana samaya thula ohu dhurwala paalakayeku wuu athara pruthugiisiin matha adhhika lesa yaepemin awasaanayee dhii owun samaga mithra wiya.

aagamika sambandhhathaa saha shaantha fraensis ksheewiyar

siya sohoyuraagen aarakshaa wiimata pruthugiisiin samanga sandhhaanagatha wuwadha, hathwana buwanekabaahu raju aagamika niyamayan sambandhhayen owun samanga wirudhdhha wiya. 16 wana siyawasa maedha dhii pruthugaalayee thunwana joon raju wisin indhiyaawee haa lankaawee kathoolika dhharmaya dheeshanaa kiriimata shaantha fraensis ksheewiyar munithumaa pitath karana ladhii. ohu koottee raju hamuwii, ohu samanga thamaagee dhahamata haeriima gaena saakachchhaa kaleeya. mema aithihaasika hamuwa shrii lankaawee aagamika ithihaasayee suwisheeshii sidhuwiimak wiya.

urumaya

hathwana buwanekabaahu raju shrii lankaawee sankiirna dheeshapaalana saha yuroopiiya balapaem ugra wemin thibuu samayaka koottee sihasuna hebawuu paalakayeki. ohugee paalana samaya shrii lankaawee pruthugiisii balaya thawadhuratath sthhaapitha wiimata maga paedhuu kaala parichchheedhayak lesa saelakee. thama raajyaya aarakshaa kara gaeniima sandahaa ohu pruthugiisiin matha yaepiima, pasukaaliinawa dhiwayinee dheeshapaalana saha aagamika pariwarthanayanta dhaedi lesa balapaeweeya.