භාතිකාභය අභය රජ
අනුරාධපුර රාජවංශය රාජ්‍ය කාලය: ක්‍රි.පූ. 22 – ක්‍රි.ව. 7

භාතිකාභය අභය රජ

භාතිකාභය අභය රජු බෞද්ධ ශාසනයට මහත් සේවාවක් කළ දැහැමි පාලකයෙකි. රුවන්වැලිසෑයට අද්විතීය පූජාවන් පැවැත්වීම, සතුන් මැරීම තහනම් කිරීම සහ රෝම අධිරාජ්‍යය සමඟ සබඳතා ගොඩනැගීම ඔහුගේ රාජ්‍ය කාලයේ ප්‍රධාන ලක්ෂණ විය.

ප්‍රධාන ජයග්‍රහණ

  • රුවන්වැලිසෑයට අද්විතීය පූජාවන් පැවැත්වීම, මල් ඔටුන්නක් ලෙස සරසා යාන්ත්‍රික ජල පූජාවක් පැවැත්වීම.
  • මස් මාංශ විකිණීම සහ සතුන් මැරීම තහනම් කර රට ධාර්මික කිරීමට උත්සාහ කිරීම.
  • රෝම අධිරාජ්‍යයට දූතයන් යවා රාජ්‍යතාන්ත්‍රික හා වෙළඳ සබඳතා ගොඩනැගීම.
  • ලෝවා මහා පාය ප්‍රතිසංස්කරණය කිරීම සහ බෞද්ධ ශාසනයට මහත් සේවාවක් කිරීම.
  • ධාර්මික රාජ්‍ය පාලනයක් ස්ථාපිත කර, ධර්මාධිකරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

හැඳින්වීම

කුටිකණ්ණ තිස්ස රජුගේ දෙටු පුත් භාතිකාභය, “භාතික රජ්ජුරුවෝ” යන නමින් රට පුරා ප්‍රසිද්ධියට පත් විය. බුද්ධ වර්ෂ 522 දී පමණ සිහසුනට පත් වූ භාතිකාභය රජු, සිය සොයුරු මහානාම කුමරු සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බවත්, බෞද්ධ ශාසනයට දැක්වූ අප්‍රමාණ භක්තිය හේතුවෙන් ලංකා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගත් බවත් සඳහන් වේ. රාජ්‍යත්වයට පත්වීමට පෙර සිටම ඔහු තුළ බුද්ධ ධර්මය කෙරෙහි තිබූ දැඩි ලැදියාව ඔහුගේ සමස්ත රාජ්‍ය කාලය පුරාවටම පිළිබිඹු විය. භාතිකාභය රජු ධාර්මික පාලකයකු ලෙස ප්‍රකට විය.

ධාර්මික රාජ්‍ය පාලනය සහ ප්‍රතිසංස්කරණ

භාතිකාභය රජුගේ රාජ්‍ය කාලය දැහැමි පාලනයකට කදිම නිදසුනකි. ඔහු ලෝවා මහා පායේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ අතර, රුවන්වැලිසෑයට මල් හා ජල පූජාවන් පැවැත්වීය. අභය වැවේ ජලය තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් රුවන්වැලිසෑයට ඉසීමෙන් සිදුකළ ජල පූජාවන් විශේෂයෙන් සඳහන් කළ යුතුය. රෝමයෙන් පබළු ගෙන්වා ඒවායින් දැල් සාදවා, රුවන්වැලිසෑය එම පබළු දැලකින් සරසා පූජා කටයුතු සිදුකළ බව ඉතිහාසයේ සඳහන් වේ.

ඔහු තම රාජ්‍ය කාලය තුළ මස් මාංශ විකිණීම සහ සතුන් මැරීම තහනම් කළ ප්‍රථම රජු බවට බෞද්ධ ජනතාව අතර ප්‍රකටය. මෙලෙස රට ධාර්මික තත්ත්වයකට පත් කිරීමට ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. බොහෝ ඓතිහාසික වාර්තා සනාථ කරන්නේ ඔහු දැහැමින් රට පාලනය කළ බවයි.

ජාත්‍යන්තර සබඳතා සහ පරිපාලනය

භාතිකාභය රජුගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ සබඳතා පැවති බවට සාක්ෂි ඇත. රෝමයේ ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ සමයේදී රෝමයට දූතයන් යවා ගිවිසුමක් ඇති කර ගත් බව ප්ලිනිගේ ඓතිහාසික වාර්තාවලින් තහවුරු වේ. රෝමයෙන් පබළු ඇතුළු පූජා භාණ්ඩ ගෙන්වා ගැනීම මෙන්ම, පසුව සේරි රට හෙවත් චීනය සමඟද වෙළඳ කටයුතු සඳහා ගමන් බිමන් සිදු වූ බවට කරුණු මෙම සබඳතා තවදුරටත් සනාථ කරයි.

රජුගේ ආඥා චක්‍රය දිවයින පුරා ක්‍රියාත්මක වූ අතර, විවිධ පළාත්වලින් සෙල්ලිපි 15ක් පමණ හඳුනාගෙන ඇත. දක්ෂිණ දේශය සිය සොයුරාටත්, රෝහණ දේශය සිය පුත්‍රයාටත් පවරා තිබූ බව සඳහන් වේ. ඔහුගේ කාලයේදී ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව නාවික සේවාවක් පවත්වාගෙන ගිය බවද පෙනේ. කලා වැව නිම්නයේ අනුල පවත විහාරයට කරන ලද පූජාවන්හි ප්‍රධානියා “අහල” ඇමතිවරයා බව පැහැදිලිය.

ඔහු ධර්මාධිකරණ ක්‍රමයක් ද ක්‍රියාත්මක කළ අතර, අධිකරණ කටයුතුවලදී ගෝදත්ත නම් තෙරුන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන ඇත. ගවයන් මැරීම සහ ගවමස් කෑමද මෙම රජු විසින් තහනම් කර තිබූ තවත් වැදගත් නීතියකි.

රාජ්‍ය කාලය

භාතිකාභය රජුගේ රාජ්‍ය කාලය පිළිබඳව රාජ රත්නාකාරය සහ රාජාවලිය වැනි ග්‍රන්ථවල විවිධ තොරතුරු දක්වා ඇතත්, මහාවංශය සඳහන් කරන්නේ ඔහු වසර විසි අටක් රාජ්‍ය පාලනය කළ බවයි.

බෞද්ධ ශාසනික සේවාවන්

භාතිකාභය රජු බෞද්ධ ශාසනයට මහත් සේවාවක් කළ අතර, විශේෂයෙන්ම රුවන්වැලිසෑය සම්බන්ධව අසහාය පින්කම් රැසක් පැවැත්වීය. ඔහු එක් වරක් සඳුන් කල්ක තවරා, ඒ මත සමන් මල් අතුරා, අහසින් සුවඳ පැන් ඉසින ලදී. තවත් වරෙක රෝමයෙන් ගෙන්වූ අනර්ඝ පබළුවලින් සෑය සරසා තිබේ. මහා විහාරයටත්, අභයගිරියටත් කිසිදු වෙනසකින් තොරව එක හා සමානව සැලකූ මේ රජුගේ රාජ්‍ය කාලය ඉතාමත් දැහැමි යුගයක් ලෙස සැලකේ. ඔහු වසර 28ක් පුරා නොවරදවාම වෙසක් උත්සව පැවැත්වීමට කටයුතු කර ඇත. සිල්වත් වී, බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දාන, සීල, භාවනා වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටද ඔහු මහත් සේවයක් කළේය.

රුවන්වැලිසෑය සමඟ අසහාය භක්තිය

රුවන්වැලි මහා සෑයට අතිශය භක්තියක් දැක්වූ භාතිකාභය රජු, සෑම දිනකම උදේ සහ සවස සෑය වන්දනා කිරීමෙන් පසුව ආහාර ගත්තේය. එක් දිනක් රාජකාරී කටයුත්තක් හේතුවෙන් ප්‍රමාද වූ රජු, සවස වන්දනා කිරීමට නොහැකි වීම ගැන පසුතැවී, ආහාර අත්හැර වහාම සෑය වන්දනා කිරීමට පිටත් විය. අඳුර වැටී තිබුණද, ඔහු දැඩි ශ්‍රද්ධාවෙන් වන්දනා කළේය.

එහිදී රජුට පුදුම සහගත සිදුවීමකට මුහුණ දීමට සිදු විය. සෑයේ ධාතු ගර්භය තුළින් මධුර ස්වරයෙන් පිරිත් සජ්ඣායනා කරන හඬක් ඔහුට ඇසිණි. කිසිදු භික්ෂුවක් හෝ පුද්ගලයකු නොදුටු රජු, තමන්ට එම සජ්ඣායනය කරන්නන් දැකීමට ලැබෙන තුරු නොනැවතී වන්දනා කරන බවට අධිෂ්ඨාන කළේය. රජුගේ ගුණානුභාවයෙන් සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනය උණු වී, ඔහු තව්තිසා දෙව්ලොවින් පැමිණ ධාතු ගර්භය තුළ පිරිත් සජ්ඣායනා කරමින් සිටි ඍද්ධිබල සම්පන්න මහරහතන් වහන්සේලාට රජුගේ අධිෂ්ඨානය දැන්වීය.

එක් රහතන් වහන්සේ නමක් ඍද්ධි බලයෙන් ධාතු ගර්භයෙන් පිටතට පැමිණ, භාතිකාභය රජුගේ අතින් අල්ලාගෙන ධාතු ගර්භය තුළට කැඳවාගෙන ගොස්, සත් රුවනින් නිමවා තිබූ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බොහෝ සිදුවීම් දැක බලා ගැනීමට සැලැස්වීය. නැවත රජු සලපතල මළුවට ගෙනවිත් ඇරලූ පසු, රජු තමන් දුටු ධාතු ගර්භයේ ආකෘතියක් රන්කරුවන් ලවා සාදවා, රාජ මාළිගා මිදුලේ ප්‍රදර්ශනය කළේය. වසරක් පාසා නගර වැසියන්ට මෙම ආකෘතිය ප්‍රදර්ශනය කළ බවත්, එය දැක සතුටට පත් වූ බොහෝ දෙනා පැවිදි වූ බවත් ථුපවංශයේ සඳහන් වේ.

අනුරාධපුර සහ මහනුවර ප්‍රදේශ අතර භාතිකාභය රජුගේ මාලිගය සහ රුවන්වැලිසෑය අතර සම්බන්ධයක් තිබූ බවට ජනප්‍රවාදද පවතී.

රුවන්වැලිසෑයට කරන ලද අසහාය නිර්මාණ

ඉතිහාසයේ ප්‍රථම වතාවට රුවන්වැලි මහා සෑය වැනි විශාල චෛත්‍යයක් මල්වලින් පුරවා, මල් ඔටුන්නක් ලෙස සරසා, තිසා වැවෙන් ජලය ගෙනැවිත්, යාන්ත්‍රික ක්‍රමවේදයකින් කොත් කැරැල්ල දක්වා ජල මලක ආකාරයෙන් ජලය විදිමින් සතියක් පුරා පූජාවන් පැවැත්වූ එකම රජු භාතිකාභය රජු වේ. මෙම අද්විතීය පූජාව සඳහා රජු රටේ බොහෝ ප්‍රදේශවල ඉද්ද, දෑසමන් වැනි සුවඳ මල් වගා කරවීය. දක්ෂ ශිල්පීන්ගේ දැනුම යොදාගෙන ජලය විදින යන්ත්‍රයක් ද සකස් කරවන ලදී. දුටුගැමුණු රජු ඉදිකළ රුවන්වැලි මහ සෑය, මළුවේ සිට කොත් කැරැල්ල දක්වා මල් පුරවා මල් ඔටුන්නකින් වැසූ ඔහු, සතියක් පුරා යාන්ත්‍රිකව ජලය ඉසිමින් අප්‍රමාණ ශ්‍රද්ධා භක්තියෙන් පූජාවන් සිදු කළේය. අදටත් රුවන්වැලිසෑයේ සලපතල මළුවෙහි ඔබට දකින්නට ලැබෙන්නේ එවන් ශ්‍රද්ධාවන්ත රජුගේ ප්‍රතිමාවකි. මෙම පූජාවන් මගින් රජවරුන් රුවන්වැලි මහ සෑයට දැක්වූ පූජනීයත්වය මනාව පැහැදිලි වේ.

bhaathikaabhaya abhaya raja

bhaathikaabhaya abhaya raju baudhdhha shaasanayata mahath seewaawak kala dhaehaemi paalakayeki. ruwanwaelisaeyata adhwithiiya puujaawan paewaethwiima, sathun maeriima thahanam kiriima saha rooma adhhiraajyaya samanga sabandathaa godanaegiima ohugee raajya kaalayee pradhhaana lakshana wiya.

haendinwiima

kutikanna thissa rajugee dhetu puth bhaathikaabhaya, "bhaathika rajjuruwoo" yana namin rata puraa prasidhdhhiyata path wiya. budhdhha warsha 522 dhii pamana sihasunata path wuu bhaathikaabhaya raju, siya soyuru mahaanaama kumaru samanga samiipa sabandathaawak paewaethwuu bawath, baudhdhha shaasanayata dhaekwuu apramaana bhakthiya heethuwen lankaa ithihaasayee suwisheeshii sthhaanayak himi kara gath bawath sandahan wee. raajyathwayata pathwiimata pera sitama ohu thula budhdhha dhharmaya kerehi thibuu dhaedi laedhiyaawa ohugee samastha raajya kaalaya puraawatama pilibimbu wiya. bhaathikaabhaya raju dhhaarmika paalakayaku lesa prakata wiya.

dhhaarmika raajya paalanaya saha prathisanskarana

bhaathikaabhaya rajugee raajya kaalaya dhaehaemi paalanayakata kadhima nidhasunaki. ohu loowaa mahaa paayee prathisanskarana katayuthu sidhu kala athara, ruwanwaelisaeyata mal haa jala puujaawan paewaethwiiya. abhaya waewee jalaya thaakshanika kramaweedha yodhaa ganimin ruwanwaelisaeyata isiimen sidhukala jala puujaawan wisheeshayen sandahan kala yuthuya. roomayen pabalu genwaa eewaayin dhael saadhawaa, ruwanwaelisaeya ema pabalu dhaelakin sarasaa puujaa katayuthu sidhukala bawa ithihaasayee sandahan wee.

ohu thama raajya kaalaya thula mas maansha wikiniima saha sathun maeriima thahanam kala prathhama raju bawata baudhdhha janathaawa athara prakataya. melesa rata dhhaarmika thaththwayakata path kiriimata ohu dhaedi uthsaahayak gaththeeya. bohoo aithihaasika waarthaa sanaathha karannee ohu dhaehaemin rata paalanaya kala bawayi.

jaathyanthara sabandathaa saha paripaalanaya

bhaathikaabhaya rajugee paalana samayeedhii shrii lankaawata jaathyanthara mattamee sabandathaa paewathi bawata saakshi aetha. roomayee kloodiyas adhhiraajyayaagee samayeedhii roomayata dhuuthayan yawaa giwisumak aethi kara gath bawa plinigee aithihaasika waarthaawalin thahawuru wee. roomayen pabalu aethulu puujaa bhaanda genwaa gaeniima menma, pasuwa seeri rata hewath chiinaya samangadha welanda katayuthu sandahaa gaman biman sidhu wuu bawata karunu mema sabandathaa thawadhuratath sanaathha karayi.

rajugee aagnaa chakraya dhiwayina puraa kriyaathmaka wuu athara, wiwidhha palaathwalin sellipi 15k pamana handunaagena aetha. dhakshina dheeshaya siya soyuraatath, roohana dheeshaya siya puthrayaatath pawaraa thibuu bawa sandahan wee. ohugee kaalayeedhii lankaawee batahira werala aashrithawa naawika seewaawak pawathwaagena giya bawadha penee. kalaa waewa nimnayee anula pawatha wihaarayata karana ladha puujaawanhi pradhhaaniyaa "ahala" aemathiwarayaa bawa paehaedhiliya.

ohu dhharmaadhhikarana kramayak dha kriyaathmaka kala athara, adhhikarana katayuthuwaladhii goodhaththa nam therun wahanseegen upadhes labaagena aetha. gawayan maeriima saha gawamas kaemadha mema raju wisin thahanam kara thibuu thawath waedhagath niithiyaki.

raajya kaalaya

bhaathikaabhaya rajugee raajya kaalaya pilibandawa raaja rathnaakaaraya saha raajaawaliya waeni granthhawala wiwidhha thorathuru dhakwaa aethath, mahaawanshaya sandahan karannee ohu wasara wisi atak raajya paalanaya kala bawayi.

baudhdhha shaasanika seewaawan

bhaathikaabhaya raju baudhdhha shaasanayata mahath seewaawak kala athara, wisheeshayenma ruwanwaelisaeya sambandhhawa asahaaya pinkam raesak paewaethwiiya. ohu ek warak sandun kalka thawaraa, ee matha saman mal athuraa, ahasin suwanda paen isina ladhii. thawath wareka roomayen genwuu anargha pabaluwalin saeya sarasaa thibee. mahaa wihaarayatath, abhayagiriyatath kisidhu wenasakin thorawa eka haa samaanawa saelakuu mee rajugee raajya kaalaya ithaamath dhaehaemi yugayak lesa saelakee. ohu wasara 28k puraa nowaradhawaama wesak uthsawa paewaethwiimata katayuthu kara aetha. silwath wii, baudhdhha bhikshuun wahanseelaagee dhaana, siila, bhaawanaa waedasatahan nisi lesa kriyaathmaka kiriimatadha ohu mahath seewayak kaleeya.

ruwanwaelisaeya samanga asahaaya bhakthiya

ruwanwaeli mahaa saeyata athishaya bhakthiyak dhaekwuu bhaathikaabhaya raju, saema dhinakama udhee saha sawasa saeya wandhanaa kiriimen pasuwa aahaara gaththeeya. ek dhinak raajakaarii katayuththak heethuwen pramaadha wuu raju, sawasa wandhanaa kiriimata nohaeki wiima gaena pasuthaewii, aahaara athhaera wahaama saeya wandhanaa kiriimata pitath wiya. andura waetii thibunadha, ohu dhaedi shradhdhhaawen wandhanaa kaleeya.

ehidhii rajuta pudhuma sahagatha sidhuwiimakata muhuna dhiimata sidhu wiya. saeyee dhhaathu garbhaya thulin madhhura swarayen pirith sajjhaayanaa karana handak ohuta aesini. kisidhu bhikshuwak hoo pudhgalayaku nodhutu raju, thamanta ema sajjhaayanaya karannan dhaekiimata laebena thuru nonaewathii wandhanaa karana bawata adhhishttaana kaleeya. rajugee gunaanubhaawayen sakra dheeweendhrayaagee aasanaya unu wii, ohu thawthisaa dhewlowin paemina dhhaathu garbhaya thula pirith sajjhaayanaa karamin siti rudhdhhibala sampanna maharahathan wahanseelaata rajugee adhhishttaanaya dhaenwiiya.

ek rahathan wahansee namak rudhdhhi balayen dhhaathu garbhayen pitathata paemina, bhaathikaabhaya rajugee athin allaagena dhhaathu garbhaya thulata kaendawaagena gos, sath ruwanin nimawaa thibuu budhurajaanan wahanseegee jiiwithaya haa baendunu bohoo sidhuwiim dhaeka balaa gaeniimata saelaeswiiya. naewatha raju salapathala maluwata genawith aeraluu pasu, raju thaman dhutu dhhaathu garbhayee aakruthiyak rankaruwan lawaa saadhawaa, raaja maaligaa midhulee pradharshanaya kaleeya. wasarak paasaa nagara waesiyanta mema aakruthiya pradharshanaya kala bawath, eya dhaeka sathutata path wuu bohoo dhenaa paewidhi wuu bawath thhupawanshayee sandahan wee.

anuraadhhapura saha mahanuwara pradheesha athara bhaathikaabhaya rajugee maaligaya saha ruwanwaelisaeya athara sambandhhayak thibuu bawata janaprawaadhadha pawathii.

ruwanwaelisaeyata karana ladha asahaaya nirmaana

ithihaasayee prathhama wathaawata ruwanwaeli mahaa saeya waeni wishaala chaithyayak malwalin purawaa, mal otunnak lesa sarasaa, thisaa waewen jalaya genaewith, yaanthrika kramaweedhayakin koth kaeraella dhakwaa jala malaka aakaarayen jalaya widhimin sathiyak puraa puujaawan paewaethwuu ekama raju bhaathikaabhaya raju wee. mema adhwithiiya puujaawa sandahaa raju ratee bohoo pradheeshawala idhdha, dhaesaman waeni suwanda mal wagaa karawiiya. dhaksha shilpiingee dhaenuma yodhaagena jalaya widhina yanthrayak dha sakas karawana ladhii. dhutugaemunu raju idhikala ruwanwaeli maha saeya, maluwee sita koth kaeraella dhakwaa mal purawaa mal otunnakin waesuu ohu, sathiyak puraa yaanthrikawa jalaya isimin apramaana shradhdhhaa bhakthiyen puujaawan sidhu kaleeya. adhatath ruwanwaelisaeyee salapathala maluwehi obata dhakinnata laebennee ewan shradhdhhaawantha rajugee prathimaawaki. mema puujaawan magin rajawarun ruwanwaeli maha saeyata dhaekwuu puujaniiyathwaya manaawa paehaedhili wee.